Wednesday, August 19, 2009

පුලින තලාව

Wednesday, August 19, 2009
පුලින තලාව, ඕගොල්ලො ඔක්කොටම ඇවිත් වාඩි වෙලා කතන්දර කවි අහන්න පුලුවන් පුංචි අවකාශයක්. අත්තම්මා අපිව වට කර ගෙන කත්න්දර කිව්ව හැටි මට තාමත් මතකයි.....පාඩම් කරල ඉවරවෙලා රෑට තියෙන දෙයක් කාල කකුල් සෝද ගෙන අම්මටයි අප්පච්චිටයි වැඳල අපි අත්තම්මගෙ කාමරේට යන්නෙ කතන්දර අහගන්න....ඉතින් මමත් එක එක කතන්දර කවි කියන්නයි සූදානම් වෙන්නෙ. හැබැයි මම නම් කියන්නෙ අත්තම්ම අපට කියල දුන්නු සුරංගනා කතා නෙවේ..මම අහපු, මම දැකපු, මම විඳපු, එ වගෙම මට හිතෙන දෙවල්....චුට්ටක් වෙන්න ආල වට්ටම් දාල, පලිප්පු දාලා ලියන්නයි මගෙ හිත කියන්නෙ... ඕගොල්ලොත් එකතුවෙන්න හොඳේ මට. සමහරු අනුන්ට කතන්දර කියද්දි අපි මෙහෙම කතන්දර ලියමු, කියවමු...කාටවත්ම හිරි හැරයක් කරදරයක් නොවෙන්න...හැටේ දශකයෙන් මෙහාට....සයිබර් යුගය දක්වා කාල පරාසයක මේ කතා විහිදෙනව...ඔන්න මට අමතක වුනා..අපෙ අප්පච්චි එයාගෙ ළමා කාලෙ ගැන මට ගොඩක් කතා ලියලා තියෙනව. ඒව හැටෙන් එහාට දිවෙන කතා. එයා පුංචි කාලෙම දැන ගත්තා වෙන්නැති මම කතා කියාවි කියල, ලියාවි කියලා..මගෙ කේන්දරෙත් තිබුණ නේ මම කවි කාරියෙක් වෙනව කියලා. හා...හා..ඒ පොත ගැනත් ලස්සන කතාවක් තියෙනව...ඉස්සෙල්ල සෙට් වෙමුකො.. .....

8 ක් අදහස් දක්වලා.:

ඩෝසන් said...

මගෙනුත් සුභ පැතුම්!!

අපිත් එනවා කතා කියවන්න. දැං බ්ලොග් අවකාෂය එකම කතන්දර ගුහාවක්!!!

නියමයි...

Anonymous said...

හොඳ වැඩක් ආත්තම්මේ. ඉදිරියටම යන්න.
http://www.dzoneonline.com/ සුභ පැතුම්

Akkandi said...

අදහස් ලිව්වට ගොඩක් පින් ඔක්කොම මල්ලිලට..මේ බ්ලොග් එක කොහොම හරි පටන් ගන්න කියල මගෙ හිත ඇතුලෙ විලි රුදාවක් වගෙ වේදනාවක් තිබුන..පෙරලි පෙරලි හිටියට නින්ද ගියෙ නැහැ. ඇඳෙන් බැහැල බැලුව,වේලාව මධයම රාත්‍රී 1.15. කතන්දර කාරයත් මේල් එකෙක් එවල තිබුනා මගෙම බ්ලොග් එකක් හදන්න කියල...විදුර මල්ලිත් කිව්ව.. ඉතින් උදේ 4 වෙනකල්ම දඟලල බිහි කලා දරු පැටියව..ඉතින් ඔන්න දැන් එයාව ඕගොල්ලන්ට බාර කරනවා, නමෝ විත්තියෙන්.

ඔන්න බාප්පොච්චිලා, මාමන්ඩිලා එකතු වෙලා මේකව ලොකු මහත් කර ගන්න මට උදව් කරන්න හොඳේ...

TG said...

Nice stories .hope you will reveal different facets of love in Malithi's life ....from girlhood to womanhood...

Akkandi said...

thanks Tharanga....yes ...I am planning to improvise it up to cyber love....

Chrishi said...

all the best akkandi !!

Akkandi said...

thanks malayandi.

මිගාර said...

මෙන්න මගෙන් සුබ පැතුම්!

Post a Comment