Thursday, January 3, 2013

හෝ චි මිං හෙවත් 'හෝ' මාමා ගෙ කතා

Thursday, January 3, 2013

 වියට්නාමයෙ තරුණ පරම්පරාව හෝ චි මිං වීරයාට කියන්නෙ හෝ මාමා කියලයි. ඒ කියන්නෙ, 'හෝ අන්කල්' කියල. ඒ ඔහුට තමගේම පවුලේ කෙනෙකු ලෙස ගෞරවයෙන් සලකන නිසා. නිකම්ම නිකං හෝ චි මිං කියල කවුරුත්ම කියන්නෙ නැහැ.

කෙසේ හෝ අවුරුදු නවයක් තිස්සේ ප්‍රංශ අධිරාජ්‍යවාදීන් එක්ක තිබුණු යුද්ධය, 1954 ඔක්තෝබර් 14 වෙනිදා ජයග්‍රහණයකින් නිමාවට පත් වුණා. එයට මූලිකත්වය දුන්නෙ හෝ චි මිං විරුවානන් විසිනුයි. 
වියට්නාමයෙ හැනොයි ප්‍රදේශය නිදහස් කර ගනු ලැබුව. දැනටත්  අගනුවර  වන්නේ, හැනොයි නුවරයි. හෝ මාමාත්, මධ්‍යම පක්ෂ කමිටුවත් අගනුවරට ඇවිත් ඉතිරි වැඩකටයුතු සැලසුම් කරන්නට හිතුවා. පක්ෂයේ අත් උදව් කාරයින් හෝ මාමාට සහ ක්‍රියාකාරි කිටුවට නවාතැනක් ගොඩ නගන්න තීරණය කරලා ඒ සඳහා දිවා රෑ නොබලා වෙහෙසුණා.ලොකු මන්දිරයක් නෙවෙයි. සරල විදිහට ඔහුගේ කාර්යාල කටයුතු කරන්නට හ ජීවත් වීමට සුදුසු නවාතැනක් හදන්න. ඔවුන් දැනගෙන හිටියා, හෝ මාමා නම් ප්‍රංශ ආන්ඩුකාරයාගෙ මන්දිරයෙ නම් කොහොමටවත් නවාතැන් ගන්නට අකැමැති බව. ඉතින් මේ සඳහා ඔවුන් තෝර ගත්තා කලින් ආණ්ඩුකාරයාගේ සහායකයින් හිටපු, නමුත් ජනපති මැඳුර තියෙන භූමියේම කෙළවරක තිබුණු ගෙයක්. එහි කාමර හයක් තිබුණා. පක්ෂයේ උදවිය මේ ගෙය පිළිසකර කරල ඉක්මටම නවතම විදේශීය ලී බඩු වලින් කාමර අලංකාර කළා. සාලයේ ලස්සණ සෝෆා කට්ටලක් තියල, ස්ප්‍රිං මෙට්ට දැමූ ඇඳන් වලට පිටරටින් ගෙනාපු ඇඳ තිරිලි දමල, ඇඳුම් අල්මාරි තියල   සියල්ල යහපත් ලෙස මසකින් විතර නිමා කළා. අවසානයේ  හෝ මාමාට ගෙය  බලන්න කියල ආරධනා කළා. ඔහු ගෙය  බලන්න ආවත් ගේ ගැන කිසිම ඇගයීමක් කළේ නැහැ. ගෙට ගිය දවසෙම හවස් වරුවෙ ඔහු කීව ඔහුගෙ සගයන්ට තමන්ව බටහිර වැව රවුමෙ ඇවිදින්නට එක්ක යන්න කියලා.ඒ ප්‍රදේශයේ ඇවිදලා අවිත් නැවතත් අලුතින් හැදූ සියලුම කාමර හා බඩු මූට්ටු  දෙස බලමින් ගියා. ඊට පස්සෙ ඔහු ඒ අසලම ඇති විශාල පොකු දෙසට දුණ.
පොකුණ සිසාරා බලමින් ඔහු කිව්වා," කොච්චර ලස්සණ පොකුණක් ද? මිරිදිය මසුන් ඇති කරන්න නම් කියාපු තැන" කියලා. ඉන් පස්සෙ ඔහු මොකුත්ම නොකියා ගිහින් රථයට නැග්ගා.
දවස් කිහිපයකට පස්සෙ හෝ
මාමා මධ්‍යම පක්ෂ කමිටුව හදිසි රැස්වීමකට කැඳෙව්ව. ඔවුන් කාර්යායට පැමිණිය විට
ටුරොං චින්හ් නමැත් හෝ මාමාට කිට්ටුවෙන්ම ඉන්න සහෝදරයෙක් අනෙකුත් කමිටු සාමාජිකයන්ට මෙහෙම කිව්වා.
" ඊයෙ වැඩකරල ඉවර වුණාට පස්සෙ හෝ මමා මට කිව්ව එය අළුතින් හදපු ගේ බලන්න ගිය බව. ඔහු කිව්ව, ඔහු දැක්කලු අළුත්ම අළුත් කබඩ්, මේස පුටු, ඇඳන්, පිඟන් කෝප්ප,
ඳ ඇතිරිලි  හා නොයෙකුත් මෙවලම්. ඔහුට දැනෙන විදිහට ඒ සියල්ලම අනවශ්‍ය වියදම් බවත් පාලන බලය අතට ගත් විගසම මුදල් යොදවා ජනතාව වෙනුවෙන් කරන්නට කොතෙකුත් වැඩ තිබියදී මේ සා විශාල මුදලක් වැය කිරීම තේරුමක් නැති වැඩක් බවත්. එම නිවස මධ්‍යම ආණ්ඩුවේ විදේශ  අමුත්තන් පිළි ගන්න නිවාසය ලෙසින් භාවිතා කරන්නට කියලා ඉල්ලීමක් කළා. අවසාන වශයෙන් ඔහු කිව්වෙ, "අවුරුදු නවයක් තිස්සේ තිබුණු  සටන් කාල පරිච්ඡේදය තු ගත කරපු සරල ජීවන රටාව මෙතරම් ඉක්මනට වෙනස් කළ යුතු නැහැ කියල ."
 
තුරොං චින්හ්  ඒ කියමන ඇහුවම, තමා හරි හැටියට අධීක්ෂනය නොකළ නිසා මෙය සිදුවූ බවත්, වහාම එතුමාගේ සරල සිතුම් පැතුම් වලට ගැලපෙන අයුරින් සුදුසු නවාතැනක් සමූහිකව සකසන ලෙසට ඉල්ලා සිටියා.
ඔබට හෝ මාමාගේ සිත කියවන්න පුළුවන්ද? ඔහු සැප සම්පත් විඳිනට ඇති අකැමැත්තම නෙවෙයි. ඔහු හොඳාකාරව දන්නවා, 
වියට්නාම දුප්පත් රටක්, ජනතාව තවමත් දුක් විඳිනවා. ජන නායකයෙකු වශයන් සරල, අල්පේච්ඡ ජීවිතයක් ගත කිරීම වඩාත් සුදුසු කියලයි ඔහු සැමවිටම හිතුවෙ.

4 ක් අදහස් දක්වලා.:

Anonymous said...

අපේ මහින්ද මාමාත් ඒ වගේමයි :D

Sumith Niriella said...

නායකයෝ එහෙම තමයි.....ඔවුන්ට හෘද සාක්ෂියක් කියලා දෙයක් තියෙනවා.

Chandi said...

අක්කේ, සරල ජීවන රටාවක අගේ. මෙහෙම නායකයො ඉන්දැද්දි රටක් වැටේ විද? කාලෙකින් ලස්සන විස්තරයක්.

Hasitha Gunasinghe said...

දැන් කාලේ වෙන්නේ රටේ මිනිස්සුන්ට හෙණ ගැහුවත් කමක් නැහැ තමන් හොඳට කාලා ඇඳලා බීලා රට සවාරි ගහලා හිටියා නම් ඇතියි කියලානේ. යූබී වන්නිනායක කියන ඉස්සර හිටිය මුදල් ඇමතිතුමාගේ නිල නිවසේ තිබුණා කියන්නේ හාන්සි පුටුවකුයි කබල් මේසෙකුයි බංකුවකුයි ලණු ඇඳකුයි වගේ බොහොම සරල බඩු මුට්ටු ටිකක් විතරලු. ඒකට දැන්.... :(

Post a Comment