ළඟදී එන මැතිවරණයට නිළියන් තරඟ කිරීම පිළිබඳව බොහෝ දෙනෙකුගෙන් පළ වෙන්නේ අශුභවාදී එමෙන්ම ලිංගිකත්වය අනවශ්‍ය ලෙස උලුප්පාලන මත වාදයන් හා අදහස්. නිළියන් පළාත් සභා මැතිවරණයට පිවිසීම එක් ආකාරයකින් අපේ පළාත් සභා වල කාන්තා නියෝජනය වැඩි කිරීමක්. රෝසි සේනානායක මහත්මිය මැතිවරණයට එන කාල වකවානුවෙ වුණත් බොහෝ අය ඒ ගැන දැරුවේ, සාවද්‍ය ආකල්ප. එහෙත් ඇය පොත පත කියවීමෙන් හා අත් දැකීම් ඇසුරෙන් කාන්තා ප්‍රශ්න පිළිබඳව ඉතා සංවේදීව කටයුතු කරන බව මේ පිළිබඳව උනන්දුවෙන් සොයා බලන අය කවුරුත් පිළිගන්නා සත්‍යයක්. උපෙක්ෂා ස්වර්ණමාලී මහත්මියද දැන් පෙරට වඩා දැනුවත් වී කටයුතු කරනා බව හා අධ්‍යනයන් හි යෙදෙනා බව කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය සම්බන්ධයෙන් ඇය කළ අදහස් ප්‍රකාශ කිරීමක දී අසන්නට ලැබුණා.
ශ්‍රී ලංකාවේ පළාත් සභා හා ප්‍රාදේශීය සභා වල ස්ත්‍රී නියෝජනය ඉතාමත් අවම තත්ත්වයකයි, පවතින්නේ. නිළියන් වුවත් ඔවුන් මේ රටේ පුරවැසියන්. මෙතැනදී බොහෝ දෙනෙකුට ප්රශ්නය වී ඇත්තේ ඔවුන් නිළියන් වීමයි. නළුවන් ගැන කිසිවෙකුගේ විරොධයක් නැත. පාර්ලිමේන්තුවේ, පළාත් හා ප්‍රාදේශිය දේශපාලන ආයතන වල සිටින පිරිමි නියෝජිතයන් මුග්ධයන් සේ ස්තිරේ දූෂණ වල යෙදෙමින්, මිනී මර මින් කරන අපරාධ මේ නිළියන් නම් කිසි දාක නොකරනු ඇත. මෙහිදී බොහෝ දෙනෙකුට ප්රශ්නය වී ඇත්තේ කාන්තාවන් මෙසේ මතිවරණයන්ට ඉදිරිපත් වීමයි. ඉන්ඩියාවේ පවා ටෙලි නාට්‍ය නිළියන් හා කලා කරුවන් විටින් විට දේශපාලනයට අවතීර්ණ වී ඇත. ඔවුන් පසුව යහපත් ජනතා සේවකයින් බවට පත් වී ඇත. අපේ මේ නිළියන් ද තේරී පත් වුවහොත් නිළි කම පැත්තකට දමා සිය වගකීම් මැනවින් හඳුනා ගෙන කටයුතු කරාවි යැයි සිතන්නට අපට නොහැකි ඇයි? පාර්ලිමේන්තු කාන්තා කණ්ඩායම මගින් වර්තමානයේ දැනුවත් කිරීම් කරගෙන යනු ලබයි. දොස්තර ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය, රෝසි සේනානයක මහත්මිය ඇතුළුව බොහෝ දෙනෙක් වගකීමෙන් යුතුව සිය යුතුකම් ඉටු කරමින් සිටියදී සාකච්ඡා සංවාද පවත්වමින් කාන්තවන් වැඩි වශයෙන් දේශපාලනයට උනන්දු කරවමින් සිටියදී මෙම නිළියන් වුව ඔවුන්ගේ ආභාෂය ලබමින් නිවැරදි මගක් ගන්නවාට කිසිදු සැකයක් නැත.තරඟ වදින එක් නිළියක් ප්රකාශ්යක් නිකුත් කරමින් පවසා සිටියේ තමන්ට ජයග්‍රහණය ලැබුණොත් ඇය නිළි වෘත්තියෙන් අයින් වී දිගින් දිගටම දේශපාලනයේ යෙදෙන බවයි.
වැන්දඹු දේශපාලනය පවතිනවා යයි කියන දකුණු ආසියානු කලාපයේ ඒ සංකල්පයෙන් මිදෙන්නට නිළියන් හෝ මෙසේ ඉදිරිපත් වීම අගය කොට සැලකිය යුතුය. ඔවුන් නිළියන් වුවත් පූර්ණ මානව හිමිකම් වලට උරුම කම් කියන මේ රටේ පුරවැසියන් බව අප කිසි සේත් අමතක කළ යුතු නොවේ.
නිළියන් පිළිබඳ කතා බහ සෘණාත්මකව සිදුවීම කණගාටුවට කාරණයකි. ඔවුන්ට චරිත සහතික නිකුත් කරන්නට තැත් කරන උදවියට පැවසිය යුත්තේ දේශපාලනයේ යෙදෙන පුරුෂ පක්ෂයටද චරිත සහතික නිකුත් කළ යුතු වගයි. ඒ දුෂණ හා ඝාතන සම්බන්ධයෙන්ය.
කාන්තාවන් වත් මේ නිළියන්ට සිය මනාපයන් ලබා දෙන්නේ නම් ඔවුන්ව ජයග්‍රහණය කළ හැකි වනු ඇත. කුමන පක්ෂයකින් පැමිණියත් කාන්තාවකට මනාපය පළ කිරීමේ අවස්ථාව මග හරින්නේ නැතිව ඇය නිළියක් ද ගායිකාවක් ද කලා ශිල්පිණියක් ද වර්ග නොකර ඇය මේ රටේ පූර්ණ පුර වැසියෙක්ය යන කාරණය සිත් හි තබා ගෙන ඔවුන්ට සහයෝගය පල කළ යුතු බව මගේ හැඟීමයි.