ගන්නවද පළවෙනි ප්රශ්නෙ කියල අහල ප්රශ්නාර්ථයක් තියල ගියා ගියාමයි, එන්න බැරිවුණා....මාස දෙකක් විතරම මේ පැත්තෙ. ඉතින් සමා අවසර! ලබන්නාවූ සිංහල, හින්දු නව වසරත් එක්කම හර්දයංගමව සුභ ප්රාර්ථනා කරමින් බුලත් අතකුත් අරන් ආවොත් කවුරුත් මාව පිටමං කරන එකක් නැතිවේවි කියල මට හිතෙනවා.
"සුදු මැණිකේ....සුදු මැණිකෙ.."
ඔන්න නන්දිගෙ හඬ...හතර අතේ දෝංකාර දෙනවා. යක්බෙරයක් වගෙ කියල දඩබ්බරී කියනව, නොරිස්සුමෙන්. නැහැ...ඒ නන්දිගෙ හඬම නෙවේ...හිතේ හොල්මන් කරන හඬක්.
පුලින තලාවෙන් දුර කට වෙලා, පුලින තලාවෙ සැරි සරන සමීපස්ථයන්ගෙන් දූරිභූත වෙලා මලිති හිටියෙ කොහෙද ඇත්තටම?
දැඩි සත්කාර ඒකකයේ වැසුණු දොර පලු දෙකට මැද්දෙන් මලිතිගෙ දෑස රිංගනව, ලෙඩාගෙ සුව තතු පෙන්වන මොනිටරය මතට. රුධිර පීඩනය...40/60 හර්ද ස්පන්දනය 30...සැටුරේෂන්....65...
මලිති ඇවිත් පුටුවකට බර දුන්නා. පුටුවෙ ඇලෙන්නෙ නැහැ මලිතිගෙ හිත, විනාඩි දෙකක් වත්. ආපහු නැගිට නැගිට ගිහින් බලන්නෙ මොනිටරයේ පෙන්වන අංක වැඩි වෙලාද කියලා. මලිතිට අවශ්ය දේ වෙනුවට සිද්ධ වෙන්නෙ ඒ අංක අවරෝහණය පැත්තට වැටෙන එකයි. පුතා ඇවිත් ආපහු ගියෙ නන්දිව ගොඩ ගන්න මලිතිට පුළුවන්ය යන විශ්වාසය පුතාගෙ හිතේ තදින්ම සනිටුහන් කර ගෙන. නන්දිට මොකුත් වුනොත් පුතාගෙ හිත කඩන් වැටේවි. දුව පැයෙන් පැයට දුර කථන ඇමතුම් දෙන්නෙ මලිති ලඟ ජීවකයෙකුගෙ බලයක් ඇතියි කියලා.
නන්දිගෙ කොළඹ අවට ඉන්න නංගිල දෙන්න ඇවිත් ඉන්නව, තම තමන්ගෙ සහකාරයොත් එක්ක. කොළපාට කබා දා ගෙන, සුදු සපත්තු දමාගෙන ඔවුන් දැඩි සත්කාර ඒකකයෙ දොර පලු දෙකෙන් ඇතුලට ගියේ විශේෂඥ වෛද්යවරුන් වගේ. එලියට ආවෙත් ඒ විදිහටම බැරෑරුම් ඇස් වලින් සහ නළලට ගත්තු රැලි වලින් සෘණ ආවේග දහරා නිකුත් කරමින්. මලිතිට ඒ මුහුණුවල සෘණ සංඥා අසාත්මිකයි වගෙ. ඔවුන්ට ප්රතිචාර සංඥා නිකුත් නොකර මලිති, ඥාති වෛද්ය පුත්රයාට දුර කතන ඇමතුමක් දුන්නා.
"මම එනවා නැන්දෙ"
එහා කොණෙන් ඇහුණා, මලිතිට. දුර කතනය විසන්ධි කළ මලිති දොර පළු දෙක ළඟට ඇදෙන දෙපය වලංගු කරගන්න උත්සාහ කළේ නැහැ.
දොර පළු දෙබෑ වෙලා මහාචාර්ය වරයා ප්රාදුර්භූත වුණා. ඔහුගෙ මුහුණෙත් සිඳෙන,බිඳෙන ප්රාර්ථනා කොහොඹ කන්කාරියක් නටනවා. මලිතිට ඕනි වුණෙ නැහැ කාගෙ වත් කම්මුල් වල, නළල් තලවල ඇඳෙන, මැකෙන වන්නම්, නාඩගම් හෝ කන්කාරි හෝ බලන්න. සෙත් පිරිත් සජ්ජායනාවක් වගෙ ඇය නන්දිට සුව වේවා! කියල එක හිතින් හිතා ගෙන 'සබ්බේ බුද්ධා බලප්පත්තා..' ගාථාවත්,ගයත්රි මන්ත්රයත් මාරුවෙන් මාරුවට හිතෙන් තාලයට ගායනා කළා.
විදුලි සෝපානයෙ දොර විවුර්ත වෙද්දි දොස්තර පුතා ඉන් මතු වෙලා මහාචාර්ය වරයට එකතු වුණා. දෙදෙනාම මලිතිට ළං වුණා.
" මිසිස් නුගලියද්ද, අපි කරන්න පුලුවන් හැම දෙයක් ම කළා. දරුවන්ව ඉක්මනට ගෙන්වන්න. අද දවස එලි කර ගන්න වත් පුලුවන් වේවිද දන්නෙ නැහැ. අපට හරියට කණගාටුයි.සමාවෙන්න!" මහාචාර්ය වරයා මෙ ටික මලිතිගෙ කණට කෙඳිරුවෙ ඉංග්රීසියෙන්, රහසක් වගෙ. ඒ වුණාට නන්දිගෙ නංගිලාගෙ මහත්තුරුන්ගෙ කණ් ඇන්ටෙනා දමල වගෙ ඒ පැත්තට නැවිල, රහසෙන් ඇහුණු වචන එක එක සම්බන්ධ කරල තේරුමක් හොයන්න උත්සාහ කරනවා.
"නැන්දෙ,මම මල්ලිට කියන්නම් නංගිවත් එක්ක ගෙන අදම එන්න කියල. නැන්දා අනික් වැඩ බලා ගන්න."
" මට තේරුම් ගන්න පුළුවන්. ලයිෆ් ඉස් ලයික් දැට්" මලිති පුරුදු පුහුණු කරපු උපේක්ෂාව අත් හදා බැලුවා.
මලිතිට හිතුණෙම නන්දිට මොකුත්ම වෙන්නෙ නැහැ කියලා. හිත සනසගන්න නෙවෙයි...ටක්කෙටම එහෙම හිතෙන නිසයි මලිති ආයෙමත් දැඩි සත්කාර ඒකකයෙ දොරපලු දෙක අතර දාරයට ඇස් හේත්තු කළා. ඔක්කොම ඉලක්කම් බින්දුවට බැහැලා. නන්දිගෙ වටේටම ඉන්න අය එලෝමෙලෝ නැතුව මහන්සි වෙනව පණ ගන්න. කෘතිම ස්වසනය දෙනව. හර්ද සම්භාහන ක්රියාවලියක යෙදෙනවා. යන්ත්ර සූත්ර ගොඩක් සද්ද දමමින් ක්රියාත්මක වෙනවා. ආයෙමත් හර්ද ස්ඵන්දනය ටික ටික වැඩිවෙනවා. රුධිර පීඩනයත් වැඩිවෙනවා. අනේ!..ස්වාමී...මට පිහිට වෙන්න, ස්වාමි! මලිති ට ඉබේටම කියවෙනව. ස්වාමී කීවෙ සත්ය සායි බාබාට.
නන්දි ඉන්න කාමරයෙන් පිටත බලා හිටිය සේරමගෙ බලාපොරොත්තු සිඳ බිඳ දමල මහාචාර්ය වරයත්, දොස්තර පුතාත් යන්න ගියා. හෙද සහෝදරියක් එලියට ඇවිත් කිව්ව, "දැන් ඉතින් ඔය ගොල්ලොත් ගියාට කමක් නැහැ, හදිස්සියක් වුනොත් අපි කෝල් කරන්නම්" කියලා.
මලිතිට එතැනින් හෙල්ලෙන්න හිතක් නැහැ.
නන්දිගෙ එක නංගියෙකුගෙ මහත්තයෙක් මලිතිට කිට්ටු වෙනවා.
" මලිතිගෙ ගෙදර සාලෙ පෙට්ටිය තියල පුටු කීයක් විතර දමන්න පුලුවන්ද? " මලිතිට ලැබුණු පළවනි ප්රශ්නෙ. මලිති නිශ්ශබ්දව ඇස් කර කවල මස්සිනා දිහාවට ඊතලයක් එල්ල කළා. හැඟීම්, දැනීම් විරහිත ඊතලයක්.
ප්රශ්න ඉවර නැහැ වගෙ.ගන්නවද දෙවෙනි ප්රශ්නය? ගත්තත් නැතත් ප්රශ්න ඇසීම සිදු කෙරෙන වග මලිතිට හොඳටම පැහදිලියි.
" අහල පහල හොඳ ගෙවල් තියෙනවද, මළ ගෙදරට එන නෑදෑයින්ට කෑම දෙන්නයි, නවතින්නයි?" මලිතිගෙ පිළිතුර නිශ්ශබ්දතාවයක් විතරයි.
" ආ... ආ ... , එතකොට ටෙන්ට් ගහන්න ඉඩ කඩ තියෙනවද?"
තුන්වෙනි ප්රශ්නෙ?
හිත ඇතුලෙ මේ ප්රශ්න සියල්ලටම පිළිතුරු පෙළ ගැසුණත් ඉවසීම මගින් උත්තර දීම ප්රමාද කරනු ලැබුවා.
" මොකද කතා නොකර ඉන්නෙ? මළ ගෙඩර ගැන කවුද තීන්දු ගන්නෙ? වියදම් සේරම අපි බෙදා ගනිමු. ආ...මට අමතක වුණා. මලිතිලගෙ ගෙවල් ළඟ විදුලි ආදාහනාගාරයක් තියෙනවද? "
මලිතිට ඊට වඩා කට පියාගෙන සිටිය නොහැකි විය.
වක්කඩ කඩා ගෙන ගලන හැඟීම් අවුරා ලන්නට කවුරුත් ඉදිරිපත් වූයේ නැත.
"ඔයාට ඕනි නම් දැන්ම ගිහින් මගෙ ගෙදර දිග පළල බලා ගෙන එන්න දැන්මම ගිහින්. අනික මට අවසාන කටයුතු වලට නෙවේ, මෙයාව සනීප කරගන්න හොස්පිට්ල් බිල් ගෙවන්න පුළුවන් නම් මට සල්ලි දෙන්න. නන්දි මැරෙන්නෙ නැහැ, මම නන්දිව ජීවත් කරවනව. නන්දි ගැන තීන්දු ගන්නෙ මමයි, මගෙ දරුවො දෙන්නයි. ඔය ගොල්ලො මෙච්චර කල් හිටියා වගෙම දුරින් ඉන්නව නම් හොඳයි. මම ඉස්සර හිටි මලිති නෙවෙයි. දැන් ඉන්නෙ ඉස්සරට වඩා ශක්තිමත් ගැහැනියෙක්. මම දරුවො තනියෙම හදා ගෙන ඒ අයගෙ සේරම කටයුතු තනියෙම කළා වගෙ මේ ටිකත් කරන්නම්."
කළින් සිටි ළඳ බොළඳ, හුරතල් මලිති ගෙන් මෙවැනි වාග් ප්රහාරයක් කිසි සේත් අපේක්ෂා නොකළ මස්සිනා පසු බැස සටනින් ඉවත් වන ලකුණු පල කරද්දි අනෙක් මස්සිනා මලිතිගෙ සිත සනසන කොන්ත්රාත්තුව බාර ගෙන දෙබස් කියවන්නට විය.
ආවේගකාරී සිතුවිලි සමහන් කර ගන්නට මෙන් මලිති පුතාටත්, දියණියටත් දුර කථන ඇමතුම් දෙන්නට සිතුවේ අවස්ථාවාදී නෑදෑයන්ගෙන් මදකට මිදෙන අරමුණත් පෙරදැරි කරගෙන. සමුදුරු හතකින් එහායින් සිටියත් ඔවුන්ගෙ වදන් ඇසෙන විට ඇයට දැණුනු පාලු, හුදෙකලාව මොහොතකට සිතෙන් ඈතට ඈතට ඉගිලී යනවා දැණිනි.
Tuesday, April 13, 2010
අවරෝහණය
ලිව්වේ Akkandi හරියටම 5:59 AM Tuesday, April 13, 2010Labels: කෙටි නව කතාව 5 ක් අදහස් දක්වලා.
ලිව්වේ
Akkandi
හරියටම
5:47 AM
1 ක් අදහස් දක්වලා.
ගන්නවද පළවෙනි ප්රශ්නෙ කියල අහල ප්රශ්නාර්ථයක් තියල ගියා ගියාමයි, එන්න බැරිවුණා....මාස දෙකක් විතරම මේ පැත්තෙ. ඉතින් සමා අවසර! ලබන්නාවූ සිංහල, හින්දු නව වසරත් එක්කම හර්දයංගමව සුභ ප්රාර්ථනා කරමින් බුලත් අතකුත් අරන් ආවොත් කවුරුත් මාව පිටමං කරන එකක් නැතිවේවි කියල මට හිතෙනවා.
"සුදු මැණිකේ....සුදු මැණිකෙ.."
ඔන්න නන්දිගෙ හඬ...හතර අතේ දෝංකාර දෙනවා. යක්බෙරයක් වගෙ කියල දඩබ්බරී කියනව, නොරිස්සුමෙන්. නැහැ...ඒ නන්දිගෙ හඬම නෙවේ...හිතේ හොල්මන් කරන හඬක්.
පුලින තලාවෙන් දුර කට වෙලා, පුලින තලාවෙ සැරි සරන සමීපස්ථයන්ගෙන් දූරිභූත වෙලා මලිති හිටියෙ කොහෙද ඇත්තටම?
දැඩි සත්කාර ඒකකයේ වැසුණු දොර පලු දෙකට මැද්දෙන් මලිතිගෙ දෑස රිංගනව, ලෙඩාගෙ සුව තතු පෙන්වන මොනිටරය මතට. රුධිර පීඩනය...40/60 හර්ද ස්පන්දනය 30...සැටුරේෂන්....65...
මලිති ඇවිත් පුටුවකට බර දුන්නා. පුටුවෙ ඇලෙන්නෙ නැහැ මලිතිගෙ හිත, විනාඩි දෙකක් වත්. ආපහු නැගිට නැගිට ගිහින් බලන්නෙ මොනිටරයේ පෙන්වන අංක වැඩි වෙලාද කියලා. මලිතිට අවශ්ය දේ වෙනුවට සිද්ධ වෙන්නෙ ඒ අංක අවරෝහණය පැත්තට වැටෙන එකයි. පුතා ඇවිත් ආපහු ගියෙ නන්දිව ගොඩ ගන්න මලිතිට පුළුවන්ය යන විශ්වාසය පුතාගෙ හිතේ තදින්ම සනිටුහන් කර ගෙන. නන්දිට මොකුත් වුනොත් පුතගෙ හිත කඩන් වැටේවි. දුව පැයෙන් පැයට දුර කථන ඇමතුම් දෙන්නෙ මලිති ලඟ ජීව්කයෙකුගෙ බලයක් ඇතියි කියලා.
නන්දිගෙ කොළඹ අවට ඉන්න නංගිල දෙන්න ඇවිත් ඉන්නව, තම තමන්ගෙ සහකාරයොත් එක්ක. කොළපාට කබා දා ගෙන, සුදු සපත්තු දමාගෙන ඔවුන් දැඩි සත්කාර ඒකකයෙ දොර පලු දෙකෙන් ඇතුලට ගියේ විශේෂඥ වෛද්යවරුන් වගේ. එලියට ආවෙත් ඒ විදිහටම බැරෑරුම් ඇස් වලින් සහ නළලට ගත්තු රැලි වලින් සෘණ ආවේග දහරා නිකුත් කරමින්. මලිතිට ඒ මුහුණුවල සෘණ සංඥා අසාත්මිකයි වගෙ. ඔවුන්ට ප්රතිචාර සංඥා නිකුත් නොකර මලිති, ඥාති වෛද්ය පුත්රයාට දුර කතන ඇමතුමක් දුන්නා.
"මම එනවා නැන්දෙ"
එහ කොණෙන් ඇහුණා, මලිතිට. දුර කතනය විසන්ධි කළ මලිති දොර පළු දෙක ළඟට ඇදෙන දෙපය වලංගු කරගන්න උත්සාහ කළේ නැහැ.
දොර පළු දෙබෑ වෙලා මහාචාර්ය වරයා ප්රාදුර්භූත වුණා. ඔහුගෙ මුහුණෙත් සිඳෙන,බිඳෙන ප්රාර්ථනා කොහොඹ කන්කාරියක් නටනවා. මලිතිට ඕනි වුණෙ නැහැ කාගෙ වත් කම්මුල් වල, නළල් තලවල ඇඳෙන, මැකෙන වන්නම්, නාඩගම් හෝ කන්කාරි හෝ බලන්න. සෙත් පිරිත් සජ්ජායනාවක් වගෙ ඇය නන්දිට සුව වේවා! කියල එක හිතින් හිතා ගෙන 'සබ්බේ බුද්ධා බලප්පත්තා..' ගාථාවත්,ගයත්රි මන්ත්රයත් මාරුවෙන් මාරුවට හිතෙන් තාලයට ගායනා කළා.
විදුලි සෝපානයෙ දොර විවුර්ත වෙද්දි දොස්තර පුතා ඉන් මතු වෙලා මහාචාර්ය වරයට එකතු වුණා. දෙදෙනාම මලිතිට ළං වුණා.
" මිසිස් නුගලියද්ද, අපි කරන්න පුලුවන් හැම දෙයක් ම කළා. දරුවන්ව ඉක්මනට ගෙන්වන්න. අද දවස එලි කර ගන්න වත් පුලුවන් වේවිද දන්නෙ නැහැ. අපට හරියට කණගාටුයි.සමාවෙන්න!" මහාචාර්ය වරයා මෙ ටික මලිතිගෙ කණට කෙඳිරුවෙ ඉංග්රීසියෙන්, රහසක් වගෙ. ඒ වුණාට නන්දිගෙ නංගිලාගෙ මහත්තුරුන්ගෙ කණ් ඇන්ටෙනා දමල වගෙ ඒ පැත්තට නැවිල, රහසෙන් ඇහුණු වචන එක එක සම්බන්ධ කරල තේරුමක් හොයන්න උත්සාහ කරනවා.
"නැන්දෙ,මම මල්ලිට කියන්නම් නංගිවත් එක්ක ගෙන අදම එන්න කියල. නැන්දා අනික් වැඩ බලා ගන්න."
" මට තේරුම් ගන්න පුළුවන්. ලයිෆ් ඉස් ලයික් දැට්" මලිති පුරුදු පුහුණු කරපු උපේක්ෂාව අත් හදා බැලුවා.
මලිතිට හිතුණෙම නන්දිට මොකුත්ම වෙන්නෙ නැහැ කියලා. හිත සනසගන්න නෙවෙයි...ටක්කෙටම එහෙම හිතෙන නිසයි මලිති ආයෙමත් දැඩි සත්කාර ඒකකයෙ දොරපලු දෙක අතර දාරයට ඇස් හේත්තු කළා. ඔක්කොම ඉලක්කම් බින්දුවට බැහැලා. නන්දිගෙ වටේටම ඉන්න අය එලෝමෙලෝ නැතුව මහන්සි වෙනව පණ ගන්න. කෘතිම ස්වසනය දෙනව. හර්ද සම්භාහන ක්රියාවලියක යෙදෙනවා. යන්ත්ර සූත්ර ගොඩක් සද්ද දමමින් ක්රියාත්මක වෙනවා. ආයෙමත් හර්ද ස්ඵන්දනය ටික ටික වැඩිවෙනවා. රුධිර පීඩනයත් වැඩිවෙනවා. අනේ!..ස්වාමී...මට පිහිට වෙන්න, ස්වාමි! මලිති ට ඉබේටම කියවෙනව. ස්වාමී කීවෙ සත්ය සායි බාබාට.
නන්දි ඉන්න කාමරයෙන් පිටත බලා හිටිය සේරමගෙ බලාපොරොත්තු සිඳ බිඳ දමල මහාචාර්ය වරයත්, දොස්තර පුතාත් යන්න ගියා. හෙද සහෝදරියක් එලියට ඇවිත් කිව්ව, "දැන් ඉතින් ඔය ගොල්ලොත් ගියාට කමක් නැහැ, හදිස්සියක් වුනොත් අපි කෝල් කරන්නම්" කියලා.
මලිතිට එතැනින් හෙල්ලෙන්න හිතක් නැහැ.
නන්දිගෙ එක නංගියෙකුගෙ මහත්තයෙක් මලිතිට කිට්ටු වෙනවා.
" මලිතිගෙ ගෙදර සාලෙ පෙට්ටිය තියල පුටු කීයක් විතර දමන්න පුලුවන්ද? " මලිතිට ලැබුණු පළවනි ප්රශ්නෙ. මලිති නිශ්ශබ්දව ඇස් කර කවල මස්සිනා දිහාවට ඊතලයක් එල්ල කළා. හැඟීම්, දැනීම් විරහිත ඊතලයක්.
ප්රශ්න ඉවර නැහැ වගෙ.ගන්නවද දෙවෙනි ප්රශ්නය? ගත්තත් නැතත් ප්රශ්න ඇසීම සිදු කෙරෙන වග මලිතිට හොඳටම පැහදිලියි.
" අහල පහල හොඳ ගෙවල් තියෙනවද, මළ ගෙදරට එන නෑදෑයින්ට කෑම දෙන්නයි, නවතින්නයි?" මලිතිගෙ පිළිතුර නිශ්ශබ්දතාවයක් විතරයි.
" ආ... ආ ... , එතකොට ටෙන්ට් ගහන්න ඉඩ කඩ තියෙනවද?"
තුන්වෙනි ප්රශ්නෙ?
හිත ඇතුලෙ මේ ප්රශ්න සියල්ලටම පිළිතුරු පෙළ ගැසුණත් ඉවසීම මගින් උත්තර දීම ප්රමාද කරනු ලැබුවා.
" මොකද කතා නොකර ඉන්නෙ? මළ ගෙඩර ගැන කවුද තීන්දු ගන්නෙ? වියදම් සේරම අපි බෙදා ගනිමු. ආ...මට අමතක වුණා. මලිතිලගෙ ගෙවල් ළඟ විදුලි ආදාහනාගාරයක් තියෙනවද? "
මලිතිට ඊට වඩා කට පියාගෙන සිටිය නොහැකි විය.
වක්කඩ කඩා ගෙන ගලන හැඟීම් අවුරා ලන්නට කවුරුත් ඉදිරිපත් වූයේ නැත.
"ඔයාට ඕනි නම් දැන්ම ගිහින් මගෙ ගෙදර දිග පළල බලා ගෙන එන්න දැන්මම ගිහින්. අනික මට අවසාන කටයුතු වලට නෙවේ, මෙයාව සනීප කරගන්න හොස්පිට්ල් බිල් ගෙවන්න පුළුවන් නම් මට සල්ලි දෙන්න. නන්දි මැරෙන්නෙ නැහැ, මම නන්දිව ජීවත් කරවනව. නන්දි ගැන තීන්දු ගන්නෙ මමයි, මගෙ දරුවො දෙන්නයි. ඔය ගොල්ලො මෙච්චර කල් හිටියා වගෙම දුරින් ඉන්නව නම් හොඳයි. මම ඉස්සර හිටි මලිති නෙවෙයි. දැන් ඉන්නෙ ඉස්සරට වඩා ශක්තිමත් ගැහැනියෙක්. මම දරුවො තනියෙම හදා ගෙන ඒ අයගෙ සේරම කටයුතු තනියෙම කළා වගෙ මේ ටිකත් කරන්නම්."
කළින් සිටි ළඳ බොළඳ, හුරතල් මලිති ගෙන් මෙවැනි වාග් ප්රහාරයක් කිසි සේත් අපේක්ෂා නොකළ මස්සිනා පසු බැස සටනින් ඉවත් වන ලකුණු පල
කරද්දි අනෙක් මස්සිනා මලිතිගෙ සිත සනසන කොන්ත්රාත්තුව බාර ගෙන දෙබස් කියවන්නට විය.

Monday, February 8, 2010
ගෙයි ගින්න පිට නොදී ......
ලිව්වේ Akkandi හරියටම 5:19 PM Monday, February 8, 2010
සල් ගහේ මල් අලවල, උඩ ඉඳල පහලටම. කොළපාට පේන්නෙ නැති තරමටම මල්. අපි පුංචි කාලෙ දහම් පාසැල් ගියාම මල් ආසන වල තියෙන සල් මල් අර ගෙන පෙති දිගෑරල, ඇතුලෙ තියෙන පුංචි වෙහෙරට 'සාදු' කියනව.වෙහෙරෙ වැඩ ඉන්නෙ බුදුහාමුදුරුවො...වටේ රේණු මහා සංඝයා වහන්සේලා, මම එහෙම අනික් අයට කියල දෙන්නෙ මගේ හිතේ පිළිසිඳෙන සිතුවිලි.
සල් ගහ තියෙන්නෙ අපේ ගෙදරට නගින පඩි පෙළේ දකුණු පැත්තෙ. අත පොවන තැනකින් තිබුණු සල් මලක් කඩන්න දඩබ්බරීගෙ දඟකාර සිතුවිල්ල ආන්ඩු මට්ටු කරන්න සම්ප්රදායිකාට බැරි වුණා. නන්දිත් කෙවිටි පාරක් එල්ල කළා, ඇස් වලින්. "අපි නම් බය වෙයි...ඕවට. අද මම ඉන්නෙ අපේ ගෙදර.නැද්ද හොඳයි?" මම ඇහුවෙ මගෙන්ම.
අම්මා කිරි වීදුරුවක් අරන් එනව,අලුත් බෑණව පිළිගන්න. ඒකට සමන් පිච්ච මලුත් දමල. අම්මගෙ හිනාව මල්වලටත් වඩා පිවිතුරුයි, පිරිසිදුයි, සුන්දරයි. හිනා මල් තිබුණම හොන්දටම ඇති අම්මෙ. වෙනද්ට මම මේ ගෙදර ලොකු කෙලී වුණත්, අද අළුත් මනමාලි. අප්පට සිරි ගජ! බලන්න මයෙ හිත කොයි තරම් සැහැල්ලු වෙලාද කියල. සරණාගතයෙක් නැවත තමන්ගෙම ගෙයි පොඩ්ඩෙ පදිංචි කරවලා වගෙ සතුටක් වක්කඩ කඩා ගෙන සුදු පෙන පිඩුත් එක්ක දෝරෙ ගලනවා. වක්කඩ අහුරන්න නන්දිමිත්ර සුදු අප්පොට බැරි වෙයි අද නම්.
මට වත්ත උඩහට දුවගෙන ගිහින් පේර ගහට නැගල පැහිච්ච ගෙඩි දෙක තුනක් කඩන් එන්න හිතෙනවා. ඒ මොකුත් කරන්නෙ කොහොමද? එහෙම කළොත් මේ ගොල්ලො කියයි මමහරි නොසන්ඩාල කෙල්ලෙක් කියල. කෙල්ලෙක් නෙවෙයි නෙ දැන්. මං දැන් ගැහැණියෙක්. සල් ගහ ගෙදරින් මම ගියෙ කෙල්ලෙක් හැටියට.
'දැරිය ගැහැණියක වී
වීද පරිණීතාවක්?
පිරුණු තැන් නොපෙනේය
රිදුම් කෑ තැන්ම මිස
ඒ නමුත් විශාකාවන්
සදිසි දියණියන්
ගෙයි ගින්න පිට නොදී
තනිව ඉන් දැවිය යුතු'
ඒකයි..ලෝක ධර්මතාවය. සම්ප්රදායික පණ්ඩිතකම්කියවන්න පටන් අර ගෙන. ගෙයි ගින්න පිටතට නොදී ඉන්නවය කියන්නෙ,අම්මට වත් මට මේවා කියල හිත සැහැල්ලු කර ගන්න බරිද? මට හිතෙන්නෙ කසාද බඳින කොට අර ඇඟිලි ගැට ගහන රන් කෙන්දෙන් හිතත් එක්ක නිදහසත් ගැට ගහනව කියල. ඒක තමයි එයින් සංකේතවත් කරන්නෙ. අහවල් එකකටද ගැට ගහපු ඇඟිලි වලට රන් කෙණ්ඩියෙන් වතුර හලන්නෙ? සමා වෙන්න, මට වැරදුණා. පැන්....පැන්...පැන් වත් කරන්නෙ!
අපේ කිට්ටුම නෑදෑයොත් ඇවිත් අළුත් ජෝඩුව බලන්න. මල්ලිල, නංගිලත් ඔය ඉන්නෙ, අමුතු සතෙක් දැකල බය වෙලා වගෙ මගෙ දිහාව බලා ගෙන. ඔසරි ඇඳල,කොණ්ඩෙ බැඳල ශාන්ත දාන්ත තීන්ත කූඩුව වගෙ ඉන්න හින්දා වෙන්නැති.තේ මේස,කෑම මේස සේරම ඉවර වෙලා ඇවිත් හිටිය නෑදෑයො සේරමත් ගියහමහිත ඉගිල්ලුණා, සැහැල්ලුවෙන්. කෑමෙන් පස්සෙ පත්තරේ බල බලා හිටි සුදු අප්පො නිදා ගන්න ගියා. මිටින් හළ කිරිල්ලියො දැකල තියෙනව නේද? මලිතිත් කිරිල්ලියෙක් වෙල. මලිති කියන්නෙත් ඉතින් කිරිල්ලියෙකුටම තමයි වුණත් ඒක තේරුම් ගන්නෙ කීයෙන් කී දෙනාද?
ගවුම් කොටයකට රිංගුව මම උඩහ වත්තට ගියෙ ඇඹුල් පේර කන්න. මොකෝ දඩබ්බරී හිනා වෙන්නෙ ඇඹුල් පේර කියන කොට? අනේ...එහෙම මොකුත් නැහැ තවම. මම ඉස්සරත් ආසනෙ ඇඹුල් පේර වලට.
ක්ලබ් පාටි, ලොකු ලොකු ගෙවල් වල සවාරි ගැහිලි වලට වඩා මෙහෙම ඉන්න එක කොතරම් අපූරුද? කොතරම් අපූරුද? වත්තට අල්ලපු ගෙදර නැන්දා හිනාමල් වට්ටියක්ම පුරව ගෙන.
"සුදු මැණිකෙ, ගම ආවැයි? මහන්සි නැතෙයි"?
ඒ නැන්දට අපි කියන්නෙ ගාල්ලෙ නැන්ද කියල. එයාව ගමට ගෙනාවෙ ගාල්ලෙන්. මම එයාගෙ දෙවෙනි මගුල් දවසෙ පිළිගැනීමට ජය මංගල කිව්වා. එයා දිගට දිගේ වේල් එකක් ඔටුන්නකුත් එක්ක පැළඳ ගෙනයි ගමට ආවෙ. ඔටුන්නෙ ඉටි මල් ගහල තිබුණ. එවෙලෙ නම්මට හිතුණෙ වත් නැහැ මමත් මනමාලියෙක් වෙලා වෙන ගමකට කැන්දන් යාවි කියල.
ගාල්ලෙ නැන්ද ගෙට ගිහින් මට ඉදීච්ච ලොකු පේර දෝතක්ම ගෙනැත් දුන්න. එතකොටමමල්ලිකැවිලි පිඟානක් ගෙනැත් නැන්දට දුන්න. ගෙනාපු කැවිලි අසල් වසීන්ට බෙදීම් අනම් වූ චාරිත්රය....බක් මහේ අවුරුද්ද්ට කැවිලි පිඟන් අර යන්න අපි පොර කනවා. ඉන්ද්ර අයියගෙ නැන්දගෙ ගෙදර යන්න අපි හරි කැමතියි. ඒ අපිට පංච ගහන්න සල්ලි දෙන නිසා.
ඉන්ද්රයියා දන් කොහෙ ඇතිද? පේර ගහ යට ගල් පොත්තෙ වාඩි වුණු මට හිතුණ අර ටයිම් මැෂින් එකට නැගල ආයෙමත් පාසැල් අවදියට යන්න ඇත්නම් කියල. නැන්දම්මල නැහැ...නෑනල නැහැ.
අපිට නිදාගන්න සූදානම් කරල තිබුණෙ මගෙම කාමරේ. මගෙ කාමරේ තනියෙම ඉන්න දන් බැහැ. නින්ද යන කල්ම සින්දු අහනවා...ගණන් හඩන්නෙ,පාඩම් කරන්නෙ සේරම සින්දු අහන ගමන්. සංගීතයක් නෑහෙන කොට හිත් පුරාව්ට පලුවක්, තනියක් පුස් බඬිනවා. දිලීර..ෆන්ගස්...සින්දු අහන කොට ඒව නිකම්ම දිය වෙල යනව...පුදුම හාස්කමක්. අද එහෙම සින්දු අහන්න බැරි වෙයි. දන් ඉතින් අලුත් සින්දුවක් පටන් ගෙන නෙ.
නන්දිට බොන්න වතුර වීදුරුවක් අරන් යන මට මතක් වෙන්නෙ හින්දි චිත්රපට වල කිරි වීදුරුවක් අරන් යන මනමාලියන්. කිරි වීදුරුවක් පිළිගන්වන්නෙ ශක්තිය වැඩි වෙන්නලු. එතකොට ගැහැණියට ශක්තිය ඇතිවෙන්න, පෝෂණය රැකෙන්න කිරි බොන්න අවශ්යය නැද්ද? ඉන්දියාව බ්රාහ්මණ සමාජයක්ව පැවතුණු නිසා කොහොමත් ස්ත්රීන් අඩු ලංසුවෙන් නෙ මණින්නෙ...ලංකාව ඒ අතින් ටිකක් හරි සාධාරණයි. මගෙ ඔලුවටත් නො එන දෙයක් නැහැ.
අප්පච්චිගෙ කාමරෙන් ඇහෙන පිරිත් සද්දෙට කන් දීගෙන ඉන්නකොටම මට ඇහැ පිය වෙන්න ඇති.
"එපා..එපා..මලිති, මාව දාලා යන්න එපා"
අඩ නින්දේ හිටිය මට ඇහැරුනේ, නන්දිගෙ ලතෝනියට. කරුවලේම ගිහින් විදුලි පහනෙ යතුර එබුවෙ,රොබො කෙනෙක් වගෙ. නන්දි අඬනව. හූල්ලනවා.කෙඳිරි ගානවා.
"නන්දි,බය වුණාද? නරක හීනයක්වත් දැක්කද?"
ඔහු මගෙ අතින් අල්ල ගෙන ඒත් ඇස් වහ ගෙනම, බිය පත් මුහුණ පොරෝනයෙන් ආවරණය කර ගන්න උත්සාහ කරනවා. නළල පුරහම දහදිය...මුහුණ පුරහමත් දහදිය...මොකට මෙච්චර බය වෙනවද, පිරිමියෙකුත් වෙලා.
" නන්දි...ඇස් අරින්න" දහදිය පිහින්න මම නළලට තිබ්බ අත පිච්චෙන්න තරමට නළල ගිනියම් වෙලා. අම්මලා කියනව වගෙ සහලෝල උණ.
"ඔයා මාව දාල යන්නෙ නැහැ නේද,කවදාවත්"? නන්දිගෙ බියපත් දෑසට පිරුණ කඳුලු මගෙන් ප්රශ්නයක් අහනවා.
"මම මොකටද ඔයාව දාල යන්නෙ?"
"මම දැක්ක ඔය මාව දික්කසාද කරන්ව"
"බැඳල මාසයක් යන්නත් ඉස්සර දික්කසාද ගැන හිතෙන්නෙ ඇයි ඔයාට? ඉන්න මම ඕඩිකොලොං ටිකක් ඉල්ලන් එන්නම් අම්මගෙන්."
"එපා ඔයා යන්න. අම්මට කතා කරන්න."
සද්ධන්ත පුරුෂයො මෙහෙමත් වැටෙනවද? අපෝ! තොත්ත බබෙක් නෙ මම බැඳගෙන තියෙන්නෙ.
"කේන්දර ගැලපෙන්නෙ නැති අය බැඳල හොඳට ඉන්නව නේද?"
"වෙන්න ඇති..මම නම්ං දන්නෙ නැහැ. ඉතින් අපේ කේන්දර වල එහෙම ප්රශ්නෙකුත් නැහැ නෙ, නන්දි? මොකටද ඔයා බය වෙන්නෙ?"
"ඒ වුණාට මට බයයි, වගෙ."
මහා පුරුෂයෙක් මෙන්න බිමටම වැටිලා. මෙයාම තමයි මගෙ කේන්දරෙත් අර ගෙන ගියෙ පොරොන්දම් බලන්න. නැකැත් හැදුවෙත් ඒ ගොල්ලො. අපේ ගෙදර අයගෙන් නම් කේන්දර වලට සැලකුම් ලැබුණෙම නැති තරම්. මොකද? අපේ අම්මයි, අප්පච්චිගෙත් ප්රේම විවාහයක් නිසා.
"ඔයා මොනවටද බය වෙන්නෙ, ඔයාට උණ වැඩි වෙල උණ විකාරෙන් දොඩවනවද කොහෙද?"
අම්ම සද්දෙ ඇහිලා ආවෙ, ඇස් පොඩිකරමින්.
"සුදු මැණිකෙ?"
"අම්මෙ, මෙයාට හොඳටම උණ. ඕඩිකොලොං ටිකක් දමමුද?"
හීනෙන් බය වෙච්ච කතාව, කේන්දර කතාව පිටතට දෙන්න හොඳ නැති ගිනි. මම හිත ඇතුලෙම නිවල දැම්මා. මහා පුරුෂයා මගෙ දෑතම දැඩිව ඔහුගෙ දෑතින් අර ගෙන කන්නලව්වකට සැරසෙනවා වගෙ. උණ සැරකමට බය වෙලාද කොහෙද? මටත් උණ වැඩි වුණහම බිත්ති හතරම උඩ ඉඳල පහළට මගෙ ඇඟට කඩාගෙන වැටෙනවා පෙනෙනවා. දැනෙනවා.
තුනී පාන්කඩයකට ඕඩිකොලොං පොඟවල නන්දිගෙ ගිනියම් නළල සිසිල්කරන්න මම උත්සාහ කළා.ඒත් එයගෙ ගිනියම් වුණු සිතුවිලි සිසිල් කරන්න කොලෝං ගන්ගාවක්ම හරවන්න වේවිද? ප්රශ්නය බාර ගත යුත්තේ ඔබලායි.
ගන්නවද පළවෙනි ප්රශ්නය?

10 ක් අදහස් දක්වලා.
Sunday, February 7, 2010
හර්ද සාක්ෂිය
ලිව්වේ Akkandi හරියටම 12:26 AM Sunday, February 7, 2010
සෝමාවතිය වැඳ පුදා ගෙන ගෙදර පැමිණීමෙන් පස්සෙ අපි තව ටිකක් ළං වුණාද ඈත් වුණාද කියල කියන්න මට නිච්චියක් නැහැ. ව්යාකූල බව තවත් ටිකක් වැඩි වූ බව නම් බොරුවක් නෙවෙයි.
ආපහු ගෙදර යන්න කරුණු කාරණා යෙදුණු නිසාවෙන් හිත ඇතුලෙ පැටලෙන නූල් බෝලය පැටලෙන්නම ඇරලා හිතේ එකතු වෙන අමුතු අදහස් අමතක කරන්න උත්සාහ කළා. ජීවිතය, වරෙක පැටලෙන වරෙක දිග හැරී වීසි කළ දිහාවකට ඇදී යන නූල් පන්දුවක් වගෙ කියල මගෙ හිත නිර්වචන දෙන්න උත්සාහ කරනව. ජීවිතයට කී දෙනෙක් කී ආකාරයට නිර්වචන දීලා ඇත්ද? ජීවිතය කෙළවර වන තෙක්ම විවිධ ආකාර නිර්වචන දෙන්න විවිධ චින්තකයින්, දාර්ශනිකයින් වගෙම මොකුත්ම නොදන්නා අපිත් දඟලන දැඟලිල්ලක්?
එහෙම වත් කරල කඩා වැටෙන සිත් නගා සිටුවන්න උත්සාහ කරන එකත් නිරර්ථක වෑයමක් වෙන එකක් නැහැ. සිත් වලට බිමටම වැටෙන්න දෙන්න හොඳ නැහැ, කොයිම වෙලාවක වත්. පෘතග්ජන සිත් අර බුදු දහමෙ කියනව වගෙ 'දූරං ගමං ඒක චරං' නෙ. එහෙම වෙලා නවතිනවා නං වරදක් නැහැ. ඊටත් වඩා දරුණු තීන්දු ගන්න අවස්ථා වලුත් තියෙනව නෙ.
පොලොන්නරුවෙන් ගත්තු මී කිරි, දඩමස් ආදී වූ මෙකී නොකී සියල්ල පොදි බැඳ ගෙන සෙනසුරාදා පාන්දරින්ම අපි පිටත් වුණා, නන්දිලාගෙ මහ ගෙවල් බලා. අම්මලා මග බලා ගෙන හිටියා අපිව පිළි ගන්න.
ප්රේමවතී කාර් එකෙන් බහින කොටම සෝමාවතිය වැඳපු එක ගැන කියාගෙන පින් අනුමෝදන් කරමිනුයි බැස්සෙ. එහෙම කියා ගෙන එයා කුස්සියෙ දොරෙන් ගෙට ඇතුළු වුණෙ ඉස්සරහ දොර ඒ අයට තහංචි නිසාද මන්දා.
"මලිතිත් පොළොන්නරු ගියෙ කෝඩුවෙන්ද?"
නන්දිගෙ අම්ම ඇහුවෙ මොන දෙයක් කියන්නද මන්දා.
"නැහැ,මම වාසිටි එකෙ ඉන්දෙද්දි බැච් ට්රිප් එක ගියෙ පොළොන්නරුව, අනුරාධපුරේ"
" ඔව්, ඉතින් ඔය විශ්ව විද්යාල ළමයි අධ්යාපන චාරිකා යනව නෙ..."
" අම්මෙ,අර පිටිපස්සෙ තියෙන බඩු ටික ගන්න කියන්න කාට හරි. මී කිරි වගයක් එහෙම ඇති.
මම උයන ගෙට ගිහින් ගුරුලේත්තුවෙන් සීතල වතුර වීදුරුවක් හළා ගෙන එක හුස්මට බී ගෙන බී ගෙන ගියා. වී කොටන ගෙයි ගමේ බවලත් උදවිය දෙන්නෙක් දෙ මෝලෙ වී කොටනවා.
" සුදු මැණිකෙට පුළුවන්ද දෙමෝලෙ කොටන්න?"
එක නැන්දා කෙනෙක් අහද්දි අනික් නැන්දා මා දිය යුතු උත්තරේ මෝල් ගස් පහරත් එක්කම වංගෙඩියට අත හැරියා.
" සුදු මැණිකෙල ගෙවල් වලත් නැතෑ අපි වගෙ උදවිය වී කොටන්න එහෙම. මෝල් ගහක් අල්ලල වත් නැතුව ඇති මෙලහකට."
මම පිළිතුරු දුන්නෙ හිනාවකින් විතරයි. පහුවදාට ගෙදර යන්නත් සූදානම් වෙන්න තියෙන නිසා මම උයන ගෙයින් කාමරේට ආවෙ,
" හෙට යන්න ඇඳුම් අස් කර ගන්න යනව, නැන්දෙ"
කියල ඔවුන්ගෙන් සමු ගනිමින්.
නන්දිගෙ අම්ම එතකොටත් එතැන. ඇය මගෙ පස්සෙන්ම කාමරේට ආවෙ පුළුටු කර ගත්තු මුහුණින්.
"මලිති, ඔය ගෑණුන්ට නැන්දා කියල නෑකම් කියන්න යන්න එපා. උන්ගෙ නම් කිව්වම ඇති. අනික උන් එක්ක වැඩි කතා බහ, ආස්සරේ අවශ්ය නැහැ. ගාණට හිටියම ඇති"
ඔන්න ඉතින් දැන් දහසක් නීති රීති පනවන අග විනිසුරුවරිය ගෙ අණ සක පවතින අඩවිය තුළ ප්රවේසමෙන් හැසිරිය යුතු බව මට සම්ප්රදායිකා මතක් කර දෙනව. අද විතරයි නෙ. හෙට අපේ ගෙදර මම කිරිල්ලි වගෙ. නිදහසේ ඉගිලෙන්න හැකි වේවි. තටු බඳින්න කවුරුත් නැහැ. තටු අල්ලං ඉන්නත් කවුරුත්ම නැහැ. අම්මයි, අප්පච්චියි මග බලා ගෙන ඇති, මම එන කල්. ගෙදර හැමෝම මග බලාගෙන ඇති. ලොකු මල්ලිට රන්ඩු වෙන්න කවුරුත් ඇත්තෙත් නැහැ නෙ. රන්ඩු වුණත්, මොනව කළත් තමන්ගෙ ගෙදර තියෙන නිදහස වෙන කොහෙදිවත් ලැබෙන්නෙ නැහැ මයි.
දවල් කෑම කන අතරෙදි නන්දිගෙ අම්ම ගෙ ප්රශ්නෙ මගෙ මාරුව පොළොන්නරුවට හදා ගන්නවද කියල. මේ දවස් ටිකේම මේ අය අපේ මාරුවීම් මණ්ඩලය කැඳවල සාකච්චා පවත්වන්න ඇති. ඉස්සරින් කිව්වෙ මගෙ මාරුව මෙහෙට හදා ගන්නව කියලා. දැන් පොළොන්නරුවට යවන්න හදනව. දැන් මගෙ ජීවිතයෙ තීන්දු තීරණ සේරම ගන්නෙ නන්දිගෙ අම්මට ඕනෑ කරන විදිහට වෙන්න ඕනි.
අනේ! මෙහෙමත් ජීවිත?
මම අහල තිබුණෙ, ගැහැණියක් ළමා වියේදි පියාටත්, විවාහ වුණහම පුරුෂයාටත්, මහළු වෙනකොට පුතාටත් කියන පිරිමි ත්රීත්වයට යටත් විය යුතු බවයි. ඒත් දැන් එයට අමතරව නැන්දම්මලාටත් යටත්ව, සිතින්...ගතින් දෙකින්ම වහලියකව ජීවත් විය යුතුයි කියල ඒක වෙනස් කරන්න වෙනවා.
"අම්මෙ, මම මන්ත්රී තුමාට කතා කළා. මෙයාට නං කියන්න බැරි වුණා. ලබන මාසෙ පළවෙනිදා ඉඳලා මලිතිට, පොළොන්නරුවෙ රාජකීය විද්යාලෙට මාරුවක් ලැබෙයි"
අනේ! සාධු!සාධු! මෙහෙට වඩා එහෙ හොඳයි. දඩබ්බරී නළලටම දොහොත් මුදුන් තියලා සාධුකාර දුන්න. හිතට අප්රමාණ සැනසීමක්.
"මම හිතුවෙ මෙහෙට මාරුව හදව ගනීවි කියල."
නැන්දම්මට හිතට අමාරුයි වගෙ. නන්දි හිතන තරම්ම නරකත් නැහැ වගෙ. පරාක්රම සමූද්රය, ගල් විහාරෙ, දුඹුටුලුගල ... ඒ වගෙම රජ කාලෙ නටබුන්..මගෙ හිතට නව ජීවනයක් දුන්න කියල සම්ප්රදායික කියනවා. ඒ හින්දම එයාගෙත් හිස පුරහම ඔන්න සතුටු සිනා මල් යායක්ම පිපිල..සුවඳේ බැරුවා.
නන්දිගෙ අම්මගෙ නම් මුහුණ පුරහම විහිදිල පැතිරෙන්නෙ අප්රසන්න අභිනයන්. නන්දි ඒ දිහාවෙ නොබලම බත් ගුලි හදනව. අක්ක නන්දිට කොල්ලු වෑණ්ජනය බෙදන්නෙ නන්දි ආස කරනම කෑමක් නිසා.
"හෙට සුදු මැනිකෙල ගෙදර ගෙනියන්න හදාපු වැලි තලප වල අයින් කෑලි තියෙනව අතුරු පසට".
අක්කා ගබඩා කාමරේ ඉඳන් කියන්නෙ ඒවටත් ටිකක් බඩේ ඉඩ තියා ගන්න කියල වගෙ. නන්දි එතකොටම අත සෝද ගත්තා.
"ඔයත් වැලි තලප කන්න ආසයි නේද?"
නන්දි මගේ ආසාවල් ගැනත් ඔය ආකාරයෙන් වත් හිතනව නම් හොඳයි. හැම වෙලාවකම එහෙම වෙන්නෙ නැති එකයි වැරැද්ද? මම මොකට හිතට හදිස්සි තීරණ ගන්න දෙනවද? ඉවසලා ඉන්න පුරුදු වෙන්න ඕනි. විවාහය කියන්නෙ ගනුදෙනුවක් වගෙ නේද? ඒ වගෙම බැංකු ගිණුමක් වගෙත් කියලත් මට වෙලාවකට හිතෙනව.හර, බැර.. 'ගිවින්ග් අන්ඩ් ටකින්ග් ' කියලා ඉංග්රීසියෙනුත් කියන්නෙ.
හුඟ දෙනෙක් ඔය කිරියි,පැනියි වගෙ ඉන්න පෙන්නන්නෙ ලොකෙ පරකාසෙට විතරයි.මම දන්නකට්ටියක්,ඒ කියන්නෙ කුටුම්බයක් තියෙනව. දෙන්න ජීවත් වෙන්නෙ දෙපොලක. ඒත් දෙන්න සාමකාමී පවුල් ජීවිතයක් ගත කරනව කියල ලෝකෙට පෙන්වනවා. මගුල් ගෙවල්වලට,මළ ගෙවල් වලට කොහෙදි හරි තැනකදි මගදි මුණ ගැහිල එකට යනව. මහත්තය, බිරිඳව ආපහු ඇය ඉන්න ගෙදර අසලින් බස්සලා එයගෙ මහ ගෙදරට යනව. හුඟ දෙනෙක් හිතන්නෙ ඒ දෙන්න හරිම සමගියෙන් ඉන්නව කියලා. මහත්තයා ප්රසිද්ධ කලා කාරයෙක්. එයාගෙ නිර්මාණ වලත් තියෙන්නෙ සොඳුරු නිවහනක අසිරිය ගැන. ඒත් ඇත්ත එය නෙවෙයි. මම හිතන්නෙ දෙන්න දෙපොලෙ ඉන්න නිසා වෙන්න ඇති සාමය රැඳිල, ඒ වගෙම රැකිලා තියෙන්නෙ. අර රඟ පෑම නම් හරිම අපූරුයි. මගුල් ගෙදර එක මේසයකට වෙලා කුරුල්ලයි, කිරිල්ලියි වගෙ කිචි, බිචි ගාමින් පෙම් පිළිසඳරේ...
මට නං ඔය දෙබිඩි පිළිවෙත් අරහං. හර්ද සාක්ෂිය කියල දෙයක් ඒ ගොල්ලන්ට තියෙනවද මන්දා?
අපිට මතු මත්තෙ මොනව වේවිද කියල අපි නොදන්නව වුණත් මේ දේවල් දැන කිය ගෙන හිටියම ඒකත් ජීවිත සකස් කර ගන්න පිටුවහලක් වේවි කියල වෙලාවකට හිතෙනව.

Labels: කෙටි නව කතාව 6 ක් අදහස් දක්වලා.
Subscribe to:
Posts (Atom)