Wednesday, January 29, 2014

නිළියන් හා දේශපාලනය

Wednesday, January 29, 2014
ළඟදී එන මැතිවරණයට නිළියන් තරඟ කිරීම පිළිබඳව බොහෝ දෙනෙකුගෙන් පළ වෙන්නේ අශුභවාදී එමෙන්ම ලිංගිකත්වය අනවශ්‍ය ලෙස උලුප්පාලන මත වාදයන් හා අදහස්. නිළියන් පළාත් සභා මැතිවරණයට පිවිසීම එක් ආකාරයකින් අපේ පළාත් සභා වල කාන්තා නියෝජනය වැඩි කිරීමක්. රෝසි සේනානායක මහත්මිය මැතිවරණයට එන කාල වකවානුවෙ වුණත් බොහෝ අය ඒ ගැන දැරුවේ, සාවද්‍ය ආකල්ප. එහෙත් ඇය පොත පත කියවීමෙන් හා අත් දැකීම් ඇසුරෙන් කාන්තා ප්‍රශ්න පිළිබඳව ඉතා සංවේදීව කටයුතු කරන බව  මේ පිළිබඳව උනන්දුවෙන් සොයා බලන අය කවුරුත් පිළිගන්නා සත්‍යයක්. උපෙක්ෂා ස්වර්ණමාලී මහත්මියද දැන් පෙරට වඩා දැනුවත් වී කටයුතු කරනා බව හා අධ්‍යනයන් හි යෙදෙනා බව කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් ඇය කළ අදහස් ප්‍රකාශ කිරීමක දී අසන්නට ලැබුණා.
ශ්‍රී ලංකාවේ පළාත් සභා හා ප්‍රාදේශීය සභා වල ස්ත්‍රී නියෝජනය ඉතාමත් අවම තත්ත්වයකයි, පවතින්නේ. නිළියන් වුවත් ඔවුන් මේ රටේ පුරවැසියන්. මෙතැනදී බොහෝ දෙනෙකුට ප්‍රශ්නය වී ඇත්තේ ඔවුන් නිළියන් වීමයි. නළුවන් ගැන කිසිවෙකුගේ විරොධයක් නැත. පාර්ලිමේන්තුවේ, පළාත් හා ප්‍රාදේශිය දේශපාලන ආයතන වල සිටින පිරිමි නියෝජිතයන් මුග්ධයන් සේ ස්තිරේ දූෂණ වල යෙදෙමින්, මිනී මර මින් කරන අපරාධ මේ නිළියන් නම් කිසි දාක නොකරනු ඇත. මෙහිදී බොහෝ දෙනෙකුට ප්‍රශ්නය වී ඇත්තේ කාන්තාවන් මෙසේ මතිවරණයන්ට ඉදිරිපත් වීමයි. ඉන්ඩියාවේ පවා ටෙලි නාට්‍ය නිළියන් හා කලා කරුවන් විටින් විට දේශපාලනයට අවතීර්ණ වී ඇත. ඔවුන් පසුව යහපත් ජනතා සේවකයින් බවට පත් වී ඇත. අපේ මේ නිළියන් ද තේරී පත් වුවහොත් නිළි කම පැත්තකට දමා සිය වගකීම් මැනවින් හඳුනා ගෙන කටයුතු කරාවි යැයි සිතන්නට අපට නොහැකි ඇයි? පාර්ලිමේන්තු කාන්තා කණ්ඩායම මගින් වර්තමානයේ දැනුවත් කිරීම් කරගෙන යනු ලබයි. දොස්තර ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය, රෝසි සේනානයක මහත්මිය ඇතුළුව බොහෝ දෙනෙක් වගකීමෙන් යුතුව සිය යුතුකම් ඉටු කරමින් සිටියදී සාකච්ඡා සංවාද පවත්වමින් කාන්තවන් වැඩි වශයෙන් දේශපාලනයට උනන්දු කරවමින් සිටියදී මෙම නිළියන් වුව ඔවුන්ගේ ආභාෂය ලබමින් නිවැරදි මගක් ගන්නවාට කිසිදු සැකයක් නැත.තරඟ වදින එක් නිළියක් ප්‍රකාශ්යක් නිකුත් කරමින් පවසා සිටියේ තමන්ට ජයග්‍රහණය ලැබුණොත් ඇය නිළි වෘත්තියෙන් අයින් වී දිගින් දිගටම දේශපාලනයේ යෙදෙන බවයි.

               වැන්දඹු දේශපාලනය පවතිනවා යයි කියන දකුණු ආසියානු කලාපයේ ඒ සංකල්පයෙන් මිදෙන්නට නිළියන් හෝ මෙසේ ඉදිරිපත් වීම අගය කොට සැලකිය යුතුය. ඔවුන් නිළියන් වුවත් පූර්ණ මානව හිමිකම් වලට උරුම කම් කියන මේ රටේ පුරවැසියන් බව අප කිසි සේත් අමතක කළ යුතු නොවේ.
නිළියන් පිළිබඳ කතා බහ සෘණාත්මකව සිදුවීම කණගාටුවට කාරණයකි. ඔවුන්ට චරිත සහතික නිකුත් කරන්නට තැත් කරන උදවියට පැවසිය යුත්තේ දේශපාලනයේ යෙදෙන පුරුෂ පක්ෂයටද චරිත සහතික නිකුත් කළ යුතු වගයි. ඒ දුෂණ හා ඝාතන සම්බන්ධයෙන්ය.
කාන්තාවන් වත් මේ නිළියන්ට සිය මනාපයන් ලබා දෙන්නේ නම් ඔවුන්ව ජයග්‍රහණය කළ හැකි වනු ඇත. කුමන පක්ෂයකින් පැමිණියත් කාන්තාවකට මනාපය පළ කිරීමේ අවස්ථාව මග හරින්නේ නැතිව ඇය නිළියක් ද ගායිකාවක් ද කලා ශිල්පිණියක් ද  වර්ග නොකර ඇය මේ රටේ පූර්ණ පුර වැසියෙක්ය යන කාරණය සිත් හි තබා ගෙන ඔවුන්ට සහයෝගය පල කළ යුතු බව මගේ හැඟීමයි.

9 ක් අදහස් දක්වලා.

Tuesday, January 22, 2013

අළුත් නම් දීම

Tuesday, January 22, 2013
  

 
                 උණ පඳුරේ ඉඳල කුරුල්ලෙක් ඉගිලුණෙ, මා අමුත්තෙකුට අපේ කුරුලු පාරාදීසය පෙන්වමින් ඉඳිද්දි. මා එයාට කියන්නෙ, මුදු පරෙවියා කියලා. අමුත්තා මාව නිවැරදි කළා.
"නැහැ, එයා 'යුරේසියානු කර පටි' පරෙවියා'"
පසු ගිය මාස කිහිපය තුල මේ සම්බන්ධයෙන් මාව නිවැරදි කරපු තුන් වැනි අවස්ථාව. මා ඉතා ආයාසයකින් උපයා ගත් කුරුලු වර්ග හඳුනා ගැනීම පිළිබඳව වූ දැනුම නොවටිනා දෙයක් බවට පත් වුණ බවක් මට දැනුණා. තව දුරටත් මෙයාකාරයෙන් කටට ආ පලියට නම් වමාරන්න නරකයි. පොඩ්ඩක් හිතල බලන්න, එක දවසක, ඔබ දන්න හැම කෙනෙකුම ඉඳුරාම වෙනස් නම් වලින් ඔබට මෙහෙම ප්‍රතිචාර දක්වූවොත්?
   කෙසේ වෙතත් 'රොම්' නම් දන්නවා, එයගෙ කුරුල්ලන්ව ඉතා හොඳින්. ඔහු 'කුරුලු උයන' නරඹන්නට එන විදේශීය කුරුලු රසිකයින් ඉදිරියෙ ඔහුගෙ නිව්යෝක් නාසික උච්චාරණ ක්‍රමය අනුකරණයෙන් කුරු
ලු නම් කියන පුරුද්දක් ඇති කර ගෙන එයට හුරු වුණා. ඒත් මේ ප්‍රදේශයේ අයට නම් ඒක සාර්ථක පිළියමක් වුනේ නහැ.
'ඉන්දියානු කුරුල්ලෝ' නම් සලීම් අලි ලියූ පොතෙහි සියලුම පැරණි කුරුල්ලන්ගෙ නාමාවලියක් සටහන්ව තිබෙන නිසා රොම් ගේ පුරුද්ද මට අදේශ කර ගැනීම තව දුරටත් අවශ්‍ය වූයේ නැහැ. ඒ වෙනුවට මා කළේ, ක්‍රිස් කැස්මීර්සක් (Krys Kazmierczak) ගෙ 'ඉන්දියානු කුරුල්ලන්ට ක්ෂේත්‍ර අත් පොතක්' (A Field Guide to the Birds of India) නම් වූ පොත තෝරා ගැනීමයි. මට
වශ්‍ය වුණා, තව මා අළුතින්  අම් කීයක් උගත යුතුද කියා දැන ගන්න. නම් වැලේ දිග දැක්කම මව අන්දු කුන්දුන්. ඒ වගෙම අධෛර්යයට පත් වුණා. 'හුබාරා බස්ටර්ඩ්', 'මැක් ක්වීන් බස්ටර්ඩ්' බවට පත් ව්ලා. පුංචි හුරුබුහුටි 'ලොරි කීට්' ගිරවා, 'පන්ඩ්ඩිත මානී වසන්ත ගිරවා' බවට පත් වෙලා. සුදු ලයැති කිං ෆිෂර්ව සුදු ගෙලැති කිං ෆිෂර් විදිහට වෙනස් කරන්න පුලුවන් වෙන්නෙ ඉතින් නොකැළල් වික්ටෝරියානුවෙකුටම විතරයි, මා හිතන අන්දමට. අපි 'කැලෑ කපුට කියලා අපි සාමාන්‍යයෙන් හඳුන් වන විශාල්, දැකුම් කළු , දිළිහෙන කාල වර්ණයකින් යුතු කපුටා හොට ලොකු කපුටා වෙලා. ඌ තවමත් කපුටෙක්, අඩුම තරමින්. ඒක නරකම නැහැ. සමහරුන්ව උන්ගෙ පෙලපත් නාම වලින් පවා බැහැර කරලා අමුතු අළුත් නම් දීලා. 'බ්‍රාහ්මිය මය්න' ව බ්‍රාහ්මීය ස්ටාලිං' කෙනෙක් කරලා.
 මේ අය කොහෙන් මේ නම් අහුලා ගත්තද දන්නෙ නැහැ. නිදසුනක් හැටියට කිව්වොත් 'රතු මුනියා' කියන කුරුල්ලට උසාවි නියෝගයක් වගෙ ඇහෙන හින්දද කොහෙද 'රතු අවදවත්' කියල නම් කරලා. 'පන් රැවියා' කියන රුසිරැව් කුලයේ කුඩා කුරුල්ලවත් 'සිස්ටිකෝ
ලා ' යන නමින් හඳුන්වලා. ඒ නම් හරියට සුලබ සිසිල් බීමක නමක් වගෙ. හොඳයි, මම මෙහෙම අහුව්වොත්? අපේ පරණ රන් පැහැති පික් සහිත කොට්ටෝරුවව දැන් හඳුන් වන්නෙ කොහොමද කියලා? එයා දැන් 'පොදු ගිනි දලු පිටැත්තා. '
   මගෙ හිත ගොඩක්ම නොසන්සුන් කළ වෙනස් වූ නම තමයි, අළු කොබෙයියාට දමල තියෙන 'අළු ෆ්‍රැන්කොලින්' කියන ප්‍රංශ සම්භවයක්
ක් එන නම්. කොබෙයියෙක් කොහොමද, ෆ්‍රැන්කොලින්' කෙනෙක් බවට වෙනස් කරන්නෙ? අපේ කොබෙයියො අපෙන් අවහිරයක් නැහැ කියන විශ්වාසයේ ඉඳගෙන අපේ මිදුල් වල අහුලං කනව. ඔවුන් බොහෝ විට  ගස් වල හෝ අතු ඉති වල වහන්නෙ නැහැ. අනතුර දැණුනු වහාම ඉගිලෙනවා. ඔවුන් රෑනක් අනතුරක් දැනුණු සැණින් තටු ගසමින් එකටම ඉගිලෙද්දි සමහරවිට ඇති වෙන කම්පනයෙන් ඔබගේ හෘද ස්ඵන්දනයත් වැඩි වෙලා ඇති. ඔවුන් අඕඉ කුරුලු උයනෙ නම් නිවසන්නෙ පුංචි පඳුරු වල. සමහර විට උණ පඳුරු වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් කටු සහිත පොඩි ගස් වලින් හෙබි පඳුරු වල්. මේ කුරුලු රංචු වල බොහෝ විටඉන්නෙ කුරුල්ලන් අට දෙනෙක් විතර.ඒ ගොල්ලො රංcඋ පිටින් කා ගහන කොට මා කන්කරච්චලයක් කියලත් සමහරු කියනවා. එහෙම් නම් කියන්න මට, මගේ බුද්ධිමත් මිතුරනි, ඒ අය අතරේ, ෆ්‍රැන්ක්ලින්ලා හරි පර්ට්‍රිජ් ලා ඉන්නවද කියල ?

එහෙත් මේ නැවත නම් කිරීමේ  ලෝකය පුරා සරන කුරුල්ලන් නරඹන වෘත්තිකයින්ගේ ක්‍රියාව නම් බියකරු සිහිනයක් වගෙ. එක කුරුලු වර්ගයකට ඉංග්‍රීසි නම් කිහිපයක්ම තියෙන බව ඇත්ත. ඒත් මේ කුරුල්ලන් නැවත නම් කිරීමට ඉංග්‍රීසිත් නොවන පොදු භාවිතයේත් නැති නම් වර්ග යොදා ගැනීම මොන තරම් අර්ථ ශූන්‍යය දෙයක්ද?
බොහොමය
ක් සාකච්ඡා උපදේශකත්ව මධ්‍යයේ 2004 දී රංජිත් මනකන් හා ආදීශ් පිට්ටී මැද මාවතේ කුරුලු නම් ලැයිස්තුවක් ඉදිරිපත් කළා. මේ අනභිබවනීය වෑයම බොහො විදේශීය විශේෂඥයන් තුට්ටුවකට වත් මායිම් කළේ නැහැ. වෙනත් අයත් මේ පිළිබඳව මති මතාන්තර ඉදිරිපත් කළා. පොදු නම් වලට මැදින් 'විරාම ලකුණු' තියෙන්න පුළුවන්ද? 
අළුත් නම් ඉගෙන ගන්නා අ
දිටනින් මා අවදිවන හැම උදයකම, ඒ නම් දෙතුන් වතාවක් නැවත වෙනස් වෙලා. ඒ නිසාම මම හිතා ගත්තා ඒ නම්  ලතින් බසින් හෝ ග්‍රීක් බසින් මා ඉගෙන ගත යුතු බව.
කොහොම නමුත් තවමත් ජීවිතයක් තිබීම අති විශිෂ්ටයි, කියල මට හිතෙනවා.

6 ක් අදහස් දක්වලා.

Monday, January 21, 2013

ගස් ගෙම්බාගේ ශාපය !

Monday, January 21, 2013


                               'ඩී' කියල අපි හුරතලයට අමතන මගෙ යෙහෙළිය, අන්දමන් දූපත් වලට ගිහින් එද්දි පොත් ගෙනැත් තිබුණා. ඒවා අතර තිබී මගේ හිත ගත්තු පොත වුණේ, 'මගෙ සැමියා සහ අනෙක් සත්තු' (MY HUSBAND & OTHER ANIMALS) කියන පොත. සැමියා සතෙක් වගේ කියන එක නෙවෙයි, මෙයින් කියැවෙන්නෙ. ඔවුන්  වන ජීවීන්ට මෙන්ම අනෙකුත් ගෘහස්ථ සත්තුන්ට පවා කොයි තරම් ආදරය කරනවාද කියන එක. මම හිතුවා ඒකේ කතා පරිවර්තනය කරලා ඔබලාටත් කියවන්නට සලස්වන්නට. මේ කතා ලියැවිලා තියෙන්නෙ, 'තීරු ලිපි' ලෙසින්. මේ තීරු ලිපි වල නිර්මාතෲ වරිය වන්නේ, ඉන්දියානු ජාතික
ජානකී ලෙනින්. එම පොත හොඳම පොතක් ලෙසට ලොව දස දෙසින්ම සම්මානයට පාත්‍ර වූවක්.
කෙසේ වෙතත් මේ පොත ලඟ තියා ගෙන, කොයි තරම් දුරකට ලියා ගෙන යාවිද දන්නෙ නැහැ, මේ මා කියන වයසක ස්ත්‍රිය.



අලංකාර, දැවැන්ත නුග ගහක සෙවන යට රොම් සමග මා අපේ ගොවි පොළේ තනාගත් නිවසේ උරුමක්කරයන් මිනිසුන් වන අපි කියල අපි හිතා ගත්තු එක ඇත්තෙන්ම අතිශයින් කණගාටු විය යුතු වරදක් බව මට ප්‍රත්‍යක්ෂ වුණා. මුල්ම ග්‍රීෂ්ම සෘතුවේදී ගස් ගෙම්බන් කිහිප දෙනෙක් ඇවිත් අපේ ගෙදර පදිංචි වෙනව,මා දැක්ක. සිරුරට යටව තිබෙන උන්ගේ හුරුබුහුටු දෙපා වලින් දැඩිව ග්‍රහනය කරගෙන විශාල දෑස් වලින් සුපරිහ්ෂාකාරී බැලුම් හෙලම්න් සිටි ඔවුන්ගේ නිවැසි භාවයට මා කිසි සේත් අකුල් හෙළන්නට හියේ නැහැ. ඔන්න ඔය කාලෙදි තමයි, අත්තම්මල, කිරි අත්තම්මල වගෙම මුණුබුරු මිණිබිරියන් වගෙම නෑනලා මස්සිනාලා විතරක් නෙවේ නැන්දම්මලා, මාමලාත් අපේ ගෙදර පවුල් පිටින් පදිංචියට ආවෙ.

ඉතාමත් ඉක්මණින්ම  හැම කොණක්ම, හැම පොතක්ම, ජොග්ගුවක්ම, බිත්තිවල එල්ලලා තියෙන පින්තූරයක් ගානෙම කගෙ කාගෙත් වාසස්ථාන බවට පත් වුණා. සමහරෙක් රෙදි සෝදන යන්ත්‍රයෙ සබන් දමන කොටසෙ පදිංචි වෙලා. සමහරෙක් අත් සෝදන බේසම 
මත. වතුර පයිප්පය මත. සමහරු කොමෝඩ් එකේ සිස්ටනය මත. තවත් සමහරෙක් ඉතාමත් සීරු මාරුවට කබඩයත් බිත්තියත් අතර ඉතාමත් පටු ඉඩෙක නිදහස් කොටසේ බුරුතු පිටින් අපූරුවට ලැගුම් ගෙන. ත්‍යාගවන්ත භාවයෙන් යුතුව ඔවුන් අපට ජීවත් වෙන්නත් පුංචි කොටසක් ඉතුරු කරල තිබුණා.
   අඩ දශකයකට පෙර, නගරයේ ජීවත් වුණු අවුරුද්දක කාලය තුළ මා  බල්ලෙක් වත්, බළලෙක් වත් ගෙදර තියා ගන්නට දැක් වූයේ බලවත් අප්‍රසාදයක්. ඒ වෙනුවට මම ඇති දැඩි කළේ ලස්සන හුරුබුහුටි ගස් ගෙම්බෙක්ව. ඔහු නිවසන පෑන්ට්‍රියේ වතුර බේසමක් මා හිතා ම්තා  තිබ්බේ ඔහුගෙ ස්නානීය කටයුතු සඳහා. ඒ වගෙම රාත්‍රී කාලයේදී කුඩා විදුලි පහනක් ද දල්වා තැබුවේ ඔහුට ගොදුරු පිණිස කෘමීන් හසුකර ගන්න විදිහට. හැබැයි, අප අතර තිබුණු  සම්බන්ධතාවය වගකීමෙන් නිදහස් එකක් බවකිව යුත්තේ මගේ ගෙඹි සුරතලා එයාට කවන පොවන එක හෝ ඔහුව පුහුණු ඉරීමක් හෝ බලාපොරොත්තු වුණේ නහැ. ඒ වගෙම ජලවාෂ්ප හා පිරිසිදුවාතාවරණය සහිත ඒ සිඟිති කාමරය තුළ මා ඇවිදිනවාටත් එයාගෙ කැමැත්තක් තිබුණෙ නැහැ. ඒ වගෙම අපි දෙදෙන වැඩිපුර එකිනෙකාට ආසන්නව ගත කළ උණුසුම් අවස්ථා තිබුණෙත් නැති තරම්. ඒත් මට මගෙ හුරතක් ගස් ගෙම්බා මගෙ අහළ පහළ ගැවසෙනවට හිතේ ලොකු කැමැත්තකුත් තිබුණා. සියල්ලම හොඳින් සිද්ධ වුණා, පොත් රාකේ පොතක් හදිස්සියෙම පෙර්ලිලා, මගෙ ගස් ගෙම්බ ගේ හදිසි අභාවය සිදු වෙන කල්ම. හර්ම අපහසුකාරී තත්ත්වයක්.
 කර්මයේ ප්‍රතික්‍රියාවන් අනුව ගස් ගෙම්බාගේ ශාපය මා වෙතට පතිත වේ යයි මට සිතුණා. ඇත්තටම ගෙම්බන්ට අවශ්‍ය වුනේ අපේ ගෙදරින් පදිංචියට ඉඩ කඩ නම් මට සාමයෙන් ඉන්න තිබුණා. ඒත් තුවා, මේස පුටු හා කබඩ්  විතරක් නෙවෙයි පිඟන් කෝප්ප වල පවා ඔවුන්ගේ පශ්චාත් ප්‍රදේශයන් තබන්නට වුනාම තත්තවය වඩාත් බරපතල වුණා. සමහර කාමරවල් වේලුණි ගෙඹි මූත්‍රා බිතු සිතුවම් ඇඳලා.වැසිකිලියේ කොමඩය මත වාඩිවීම පවා බිය දනාවන කාරනයක් වුනේ, හිඳගන්න කවාකාර කොටසේ යටි පැත්තේ රංචු පිටින් ගස් ගෙම්බන් රැඳී සිටීමයි. ගෙද්‍රට එන අමුත්තන්ගේ ශරීරවල වඩාත්ම පහසුවෙන් හානි විය හැකි රහස් ඉන්ද්‍රියයන් වලට පැන ඇලී සිටීමේ ක්‍රීඩාව ඔවුන මහත් අපහසුතාවයනට හා භීතියට පත් කළ කාරණයක්. නාන කාමරයේ සිටි ගෙඹි ආච්චියෙක්, එහි විදුලි පහන දල්වන්නට සැරසෙන ඕනෑම කෙනෙකුගෙ ඇඟ ගෙඹි මූත්‍රා වලින් තෙමන්නට කිසි විටෙකත් පැකිළුණීඉ නැහැ. අඳුරු නාන කාමරයක් භාවිතා කිරීමෙන් වගේම ගෙඹි ගඳෙන් යුතු තුවා ආදිය පවිච්චි කිරීමෙන්ද්, දවසකට දෙතුන් වතාවක් පිඟන් කෝප්ප සේදීමෙන්ද විඩාවට පත් අප මේ එහෙ මෙහෙ පනින ජීවින්ට එරෙහිව සාධාරන එමෙන් මානුෂික මෙහෙයුමක් ඇරඹිය යුතු බවට තීරණය කළා.
  එක් ඉරිදාවක ශ්‍රමදානයක් ක්‍රියාත්මක කරල අපි ඔවුන් 289 ක් ප්ලස්ටික් බෑග්වලටෑකතු කරල, අහළ පහල තිබුණු ළිං වලට හා දිය කඩිති වලට අත හැරියා. ඒ ඔක්කොම නිෂ්ඵල විය හැකියි. මොකද ගස් ගෙම්බන් ට මග හොයා ගැනීම අපහසු වෙන එකක් නහැ. පැය විසි හතරක් ඇතුලත ඔවුන් සියලු දෙනාම තමන් උන් හිටි තැන් වල නවත පදිංචියාආවෙ කිසිවක් සිදු නොවුණු ගාණට. ඔව්න්ගේ ඒ සුපිරි කුසලතාවයට මා ඔවුන්ට හිස ආචාර කරනවා.
සමහරෙක් මුළුතැන් ගෙයි තිබුණු කබඩයේ හරියකට නොවැහෙන දොර අතරේ තිබුණු හිදැස්සේ ලැගුම් ගත්තා.
සමහරෙක් තාච්චියෙත්, ප්‍රෙෂර් කුකරයෙත්, බ්ලෙන්ඩරයේ ජෝගු වලත් පරවේණිය තහවුරු කර ගත්තා. දවසක් මම සුදු ලූණු වගයක් තෙලෙන් බදිද්දි අමුතු ගඳ
ක් ....නෑ...එහෙම වෙන්න බෑ...ගස් ගෙඹි මූත්‍රා ගඳ. . .!  කල්පයක් ගියත් සුදු ලූණු තෙම්පරාදුවට දමද්දි එදා අපු ගඳ නම් මගේ මතකයෙන් මැකිල ගියේ නැහැ. හැම දාම සුදුලූණු සුද්ධ කරද්දි මට ඒ පිළිකුල් ගඳ දනෙන්නට වුනා. ඒත් මට සහතික වෙන්න බෑ, ඊට පස්සෙත් ගෙඹි රස කාරක මා උයන කෑම වල නොතිබුනාමය කියලා. මගේ සුවිශේෂ සූප වේදී තාක්යන් නිසා සමහරවිට මම යොදන මිරිස් තුනපහ වලින් විශේෂ රසයක් ගෙන දෙනවා ඇති.

7 ක් අදහස් දක්වලා.

ඉනි අවන් මට දැනුණු හැටි


මා 'ඉනි අවන්' බැලූ බව කි විට බොහෝ දෙනෙකු ඇසුවේ "ඉනි අවන් ලස්සනද?" කියාය.
මගේ පිළිතුර වූයේ " මට 'ඉනිඅවන්' ලස්සනද කැත ද කියලා කියන්න බැහැ. ඒත් එහි ගුණාත්මක භාවය ගැන ටිකක් කතා කරන්න පුළුවන්" කියාය.
" දෙමළ චිත්‍රපට්යක් නිසා බලන්න කම්මැලි නැද්ද?"
"මට නම් එහෙම දැනෙන්නෙ නැහැ. අපේ අය හින්දි චිත්‍රපට බලන්නෙ හින්දි තේරිලාද? ඉංග්‍රීසි චිත්‍රපට බලන්නෙ ඉංග්‍රීසි දැනගෙනමද? සිංහල 'සබ් ටයිටල්' තියෙනවනෙ...තේරුම් ගන්න කිසිම අපහසුවක් නැහැ"
අපේම රටේ පවතින තවත් සංස්කෘතියකට ගරු කරන්නට හෝ ඒ මිනිසුන්ව තේරුම් ගන්නට හෝ බොහො දෙනෙකු තුළ පවතින අකැමැත්ත සමහරුන් අහන ප්‍රශ්න වල යටි අරුත යයි මට සිතේ. මේ දුරස්ථ භාවය ළං කොට අවුරුදු 30 කට ආසන්න කාලයක් තිබුණු යුද්ධයෙන් පසු උතුරේ දෙමළ ජනතාව ජීවිතය ජය ගන්න දරන ආයාසයන් දකුනේ සිංහල ජනතාවට දැනෙන්නට සැලැස්වීමට ඇශෝක හඳගමයන් ගත් වෑයමට නම් කෘතඥ විය යුතුය.බොහෝ දෙනෙකු හඳගමගේ සිනමා පට නරඹන්නට යන්නේ විවිධ හැඩතල සිතින් මවාගෙනය. අනිවාර්යයෙන් ලිංගික දර්ශන ඇතුළත් රූප රාමු ඒවායේ අන්තර්ගත විය හැකිය යන පූර්ව නිගමනයයි, ඒ.
                      'විදු' සිනමා පටයෙන් ඒ බලාපොරොත්තු බිඳ ගන්නට බොහෝ අයට සිදු විය. කෙසේ හෝ ඒ අපේක්ෂාවන් හඳගම විසින් 'ඉනි අවන්' මගින් හව දුරටත් බිඳ දමනු ලැබූවද එයින් ඔහුගේ අරමුණු සාක්ෂාත් කර ගන්නට බාධාවක් නොවුණු බව දැකිය හැක.
            හඳගම 'ඉනි අවන්' මගින් කතා කරන්නට උත්සාහ කරන්නේ බිඳ වැටුණු ජන සමාජයක් පිළිසකර වෙද්දී වෙසෙසින් ස්ත්‍රීන් අත් විඳින දුෂ්කරතාවයන් හා අභියෝග මෙන්ම ප්‍රචණ්ඩත්වයන් කොතරම් ව්‍යසනකාරීද කියා අපේ ඇස් වලට ඇඟිල්ලෙන් ඇන පෙන්වා දෙයි. යුද්ධයෙන් පසු බොහෝ දෙනෙකු උතුරට ගොස් එහි සිරි නැරඹුවත්, නාගදීපයට ගොස් වන්දනා මාන කළත්, ප්‍රහාකරන් ඇතුලු සටන් කාමීන්ට සාප කළත් මේ ගැහැණුන් හා මිනිසුන් ගෙවන ජීවිත විනිවිද දකින්නට හෝ සානුකම්පිතව බලන්නට උවමනාවක් නැත. සානුකම්පිතව බැලීම කෙසේ වෙතත් ඔවුන්ගේ දුෂ්කරතාවන් තේරුම් ගන්නට හෝ කිසියම් අයුරකින් පිහිටක් වන්නට හෝ ඇප කැප වන්නේ කී දෙනාද? ජාතිවාදය අවුලාගෙන තවත් පැටලෙන්නට, අළුත් ජාති වාදී කඳවුරු බැඳගෙන හෝ අටවාගෙන තැනින්තැන රටේ ගිනි අවුළුවන්නට නම් කැස කවන අය බොහෝ වෙති. එහෙත් 'ඉනි අවන්' මගින් උලුප්පා පෙන්වන ගැහැණුන් විඳින කර්කශ අත් දැකීම් වෙනුවෙන් කතා කරන්න අද කවුරුවත් නැති ගානය.
එහි එන තරුණියක් හැම දුක් ගැහැටක දීම හඬ නගා සිනහ සෙන්නී හඬා වැළපී ජීවිතය ජය ගත නොහැකි බව පසක් කර දෙමින්ය.  "අපිට තවත් වෙන්න දෙයක් නැහැ. මැරෙන්නෙ නැතුව ජීවත් වෙන්න ඕනි" ඇය බොහෝ විට එබඳු අදහසක් මතු කරන වදන් වැලක් පවසා සිනහ සෙයි. ඒ සිනහවෙන් දෝංකාරය දෙන වේදනාව හා අපට කියන පණිවිඩය අප තේරුම් ගත යුතුව ඇත.
   එල්.ටී.ටී.ඊයට කෙල්ලන් බඳවා ගන්නට එන අයගෙන් තරුණ කෙල්ලන්ව ගල්වා ගන්නට හැකි වූයේ ඔවුන්ව විවාහ කර දීමෙන් පමණි.ප්‍රධාන නිළිය මව් පියන්ගේ කැමැත්තට සිය සිත් ගත් එල්.ටී.ටී.ඊ. පෙම්වතා අත හැර විවාහ වුවද මගුල් දා රෑම මහල්ලෙකු වන මනාලයා මිය යයි. ඔවුන්ගේ මධු සමය පෙන්වන්නට එදින රාත්‍රියේ රමනය දැක්වෙන දර්ශනයක් ප්‍රේක්ෂක ආකර්ශනය සඳහා යොදා ගත හැකිව තිබුණි. එසේ වූයේ නම් හඳගම කියන්නට යන කතාව ගොඩ නැගීමට  එය කිසිසේත් පිටුබලයක් නොවනු ඇති. එනිසාය, මට හැඟෙන්නේ අධ්‍යක්ෂක වරයා කතාවේ ප්‍රස්තුතයට බාධා නොවන අයුරින් කතාව නිර්මාණාත්මකව වර්ධනය කර ඇති ආකාරය ඉතා විශිෂ්ඨ බව.
කෙසේ හෝ ඉතාමත් ස්වභාවික අයුරින් යොදා අති නර්තනය ද අමුතුවෙන් පැළඳූ ආභරණයක් ලෙසින් නොව ඉතාමත් අපූරු ලෙසට ගැලපෙන්නක්  බව සඳහන් කළ යුතුය.
ඔබ චිත්‍රපට ලෝලියෙකු නොවූවත්, මානව හිත වාදියෙකු නම් 'ඉනි අවන්' අනිවාර්යයෙන් නැරඹිය යුතු චිත්‍රපටයක් බව මේ කෙටි සටහනින් මම අවධාරණය කර සිටිමි.


1 ක් අදහස් දක්වලා.