Monday, November 2, 2015

Monday, November 2, 2015
උන් වහන්සේ අළුයම අවදිවී සිය දවසේ කටයුතු ආරම්භ කරන්නට සිතූ සැණින් කිසිවෙකු වන්දනා කුටිය තුළ සිටින බව දැනිණි. ඔහු හෙමින් වැඩියේ එහි සිටින්නේ කවරෙකුදැයි සැක හැර දැන ගනු පිණිසය. දුරින් කළු සෙවනැල්ලක් එහා මෙහා යයි. හිස් පළඳනාවක්ද පැළඳ ඇති සැටියෙකි. මෙතරම් පාන්දරින් වෙනත් හිමිවරුන් අවදි වී භාවනා නොකරන බව උන්වහන්සේ හොඳින්ම දන්නා කරුණකි.
කට හඬ අවදි කළ ස්වාමීන් වහන්සේ, " පින්වත, ඔබට අවශ්‍ය මොනවාද?" කිය කාරුණික ස්වරයෙන් විමසූ සේක.
"මට පින් පෙට්ටිය දෙනව ඕයි. නැත්නම් මේ පිහියෙන් තමුසෙව කීතු කීතු කරල දානවා" සොරෙකු සේ සිටි තැනත්තා කීවේ තමා අත වූ දිලිසෙන මුවහතක් ඇති පිහිය පෙන්වමිනි.

ස්වාමීන් වහන්සේ පිහිය දුටුවත්, ඉන් නොබියව "ඇත්තටම?" යයි පවසමින් ඔහුට පසෙක තිබූ පින් පෙට්ටියේ යතුර දුන් සේක. එම පුද්ගලයා පින් පෙට්ටිය විවෘත කොට සල්ලි සියල්ල හළා ගන්නා විට ඔහු කෙසඟ සිරුරකින් හෙබි, ඉරුණු කමිසයක් හැඳ සිටි දුප්පතෙකු බව හොඳාකාරව දුටු සේක.
"දවස් ගාණකින් හරිහමන් කෑමක් කාල නැතුව වගෙ."
"තමුසෙට මොකටද ඒකෙ වගක්" ඔහු පිළිවදන් දුන්නේ දැඩි කෝපයෙනි.
"ඔය පිං පෙට්ටියට එහායින් කබඩ් එකේ කෑම වගයක් ඇති. ඒවයින් මොනවහරි කාලම යන්න." ඉතාම කරුණවෙන් කියා සිටියේය.
" ඔය යන්නේ පොලිසියට කියන්න නේද? මම දන්නේ නැහැ කියල හිතුවද?" යළිත් බල්ලෑකු සේ බුරාගෙන පැන්නේ සොරකමේ ආ තැනැත්තාය.
" අපො! නැහැ, ඔබ සොරකමක් කළේ නැහැ නෙ. යතුර දුන්නෙත් මම. කෑම දුන්නෙත් මම. ඉතින් සොරකම් නොකළ කෙනෙක් පොලිසියට දෙන්නෙ මොකටධ?
සොරා පින් පෙට්ටියේ ඉතුරුව තිබුණු සල්ලි සියල්ලත් පොදි බැඳගෙන කෑමත් ඔතාගෙන එළිඅයට පැන ගියේ 'පොලිසියට කිව්වොත් බලා ගෙනයි" යනුවෙන් තර්ජනාංගුලිය ඔසවමිනි.

පසු දින පන්සලේ වැඩ සිටින අනෙකුත් ස්වාමීන් වහන්සේලාට එම සිද්ධිය නායක හිමියන් මේ බව පවසා සිටියේ ඔවුන්ට එයින් යමක් උගත හැකි හෙයිනි. නායක ස්වාමීන් වහන්සේගේ උතුම් ක්‍රියාවන් පිළිබඳව උන් වහන්සේ බෙහෙවින් පැහැදී උන්වහන්සේට ප්‍රශංසා  කළහ.

සතියකට පමණ පසුව එම හොරා තවත් හොරකමක යෙදී සිටියදී අල්ලා ගෙන පොලිසිය විසින් දස අවුරුදු සිර දඬුවමක් ලබා දී ඇති බවට පුවතක් පුවත් පත් වල පළවිය. කාලය සෙමින් ගෙවී ගියේය.දස අවුරුද්දකුත් ගෙවී ගොසිනි.
එක් උදෑසනක කලින් දින සේම බුදු ගෙයිහි කළු සෙවනැල්ලක් විය. ස්වාමීන් වහන්සේ එහි වැඩියේ පරණ සිද්ධිය සිහිපත් වූ බැවිනි. එදිනද ඔහු උල් පිහියක් අත දරාගෙන සිටියේය. පිහිය උරුක්කර, "මාව මතකද ඔහේට?" කියා ඇසුවේය.
ස්වාමීන් වහන්සේට රළු බැල්මක් හෙළුවේය.
"පින් පෙට්ටියෙ යතුර ඔය තියෙන්නෙ. මේ සල්ලි දුප්පතුන්ට  අපි දෙන්නෙ. ගන්න"

එහෙත් ස්වාමීන් වහන්සේගේ කීමට ඔහු නොසැලී  රකුසු මුහුණ වෙනස් කර මද සිනහවක් පෑවේය. සන්සුන්ව කතා කරන්නට වූයේය.

" මම අද ආවේ ඔබ වහන්සේගෙන් ඊට වඩ යමක් ඉල්ල ගන්න. ඔබ වහන්සේ ළඟ තියෙන තැන්පත කම හා ඉවසීමත්, තරහ නොයන ගතියත් මට ලබා ගන්න අවශ්යයි. පහු ගිය අවුරුදු දහයටම මට ඔබ වහන්සේ තරම් කරුණාවෙන්, ආදරයෙන් කිසිම කෙනෙක් කතා කරල නැහැ. ඔබ වහන්සේ අවසර දෙනව නම් මම ඔබ වහන්සේ ළඟ මහණ වෙන්න කැමතියි" කියමින්  පසඟ පිහිටුවා උන්වහන්සේට වැඳ සිටියේය.

කල් නොගොසින් ඔහුට භික්ෂුභාවය ලැබිණි.එපමණක් නොව ධනවතෙකු බවටද පත්විය. ඒ මිළ මුදලින් නොව කරුණාවෙන්, මෛත්‍රියෙන් සහ මුදිතාවෙනි. අප සැමටද අවශ්‍ය වන්නේ එය නොවේද?

4 ක් අදහස් දක්වලා.

Monday, September 29, 2014

Monday, September 29, 2014






කතන්දර ලියන මම, ලියපු කතන්දර පොතක් 'සුදු හිම පලස' නමින් ළඟදි එළිදැක්වූවා. එය 'සුරස' ප්‍රකාශනයක්. ඇෆ්ගනිස්තානයේ මා ගත කළ අවුරුදු හයකට කිට්ටු කාලය තුළදී මා ඇසු දුටු ඒ වගේම වින්ද දේවල් තමයි, මේ නිර්මාන වලට පාදක වෙලා තියෙන්නෙ. ඔබත් මේ පොත කියවන්න. ඇලුත් කියැවීම් අත්දැකීමක් වේවි කියල මට සහතිකයි.
මරදානේ සුරස පොත් හලෙන් වගෙම නුගේගොඩ සරසවි පොත් හල ඇතුලු වෙනත් පොත් හල් වලින් ලබා ගන්න පුලුවන්. පිටපළාත් වලත් ඇති කියලා, මට විශ්වාසයි.

2 ක් අදහස් දක්වලා.

Wednesday, January 29, 2014

නිළියන් හා දේශපාලනය

Wednesday, January 29, 2014
ළඟදී එන මැතිවරණයට නිළියන් තරඟ කිරීම පිළිබඳව බොහෝ දෙනෙකුගෙන් පළ වෙන්නේ අශුභවාදී එමෙන්ම ලිංගිකත්වය අනවශ්‍ය ලෙස උලුප්පාලන මත වාදයන් හා අදහස්. නිළියන් පළාත් සභා මැතිවරණයට පිවිසීම එක් ආකාරයකින් අපේ පළාත් සභා වල කාන්තා නියෝජනය වැඩි කිරීමක්. රෝසි සේනානායක මහත්මිය මැතිවරණයට එන කාල වකවානුවෙ වුණත් බොහෝ අය ඒ ගැන දැරුවේ, සාවද්‍ය ආකල්ප. එහෙත් ඇය පොත පත කියවීමෙන් හා අත් දැකීම් ඇසුරෙන් කාන්තා ප්‍රශ්න පිළිබඳව ඉතා සංවේදීව කටයුතු කරන බව  මේ පිළිබඳව උනන්දුවෙන් සොයා බලන අය කවුරුත් පිළිගන්නා සත්‍යයක්. උපෙක්ෂා ස්වර්ණමාලී මහත්මියද දැන් පෙරට වඩා දැනුවත් වී කටයුතු කරනා බව හා අධ්‍යනයන් හි යෙදෙනා බව කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් ඇය කළ අදහස් ප්‍රකාශ කිරීමක දී අසන්නට ලැබුණා.
ශ්‍රී ලංකාවේ පළාත් සභා හා ප්‍රාදේශීය සභා වල ස්ත්‍රී නියෝජනය ඉතාමත් අවම තත්ත්වයකයි, පවතින්නේ. නිළියන් වුවත් ඔවුන් මේ රටේ පුරවැසියන්. මෙතැනදී බොහෝ දෙනෙකුට ප්‍රශ්නය වී ඇත්තේ ඔවුන් නිළියන් වීමයි. නළුවන් ගැන කිසිවෙකුගේ විරොධයක් නැත. පාර්ලිමේන්තුවේ, පළාත් හා ප්‍රාදේශිය දේශපාලන ආයතන වල සිටින පිරිමි නියෝජිතයන් මුග්ධයන් සේ ස්තිරේ දූෂණ වල යෙදෙමින්, මිනී මර මින් කරන අපරාධ මේ නිළියන් නම් කිසි දාක නොකරනු ඇත. මෙහිදී බොහෝ දෙනෙකුට ප්‍රශ්නය වී ඇත්තේ කාන්තාවන් මෙසේ මතිවරණයන්ට ඉදිරිපත් වීමයි. ඉන්ඩියාවේ පවා ටෙලි නාට්‍ය නිළියන් හා කලා කරුවන් විටින් විට දේශපාලනයට අවතීර්ණ වී ඇත. ඔවුන් පසුව යහපත් ජනතා සේවකයින් බවට පත් වී ඇත. අපේ මේ නිළියන් ද තේරී පත් වුවහොත් නිළි කම පැත්තකට දමා සිය වගකීම් මැනවින් හඳුනා ගෙන කටයුතු කරාවි යැයි සිතන්නට අපට නොහැකි ඇයි? පාර්ලිමේන්තු කාන්තා කණ්ඩායම මගින් වර්තමානයේ දැනුවත් කිරීම් කරගෙන යනු ලබයි. දොස්තර ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය, රෝසි සේනානයක මහත්මිය ඇතුළුව බොහෝ දෙනෙක් වගකීමෙන් යුතුව සිය යුතුකම් ඉටු කරමින් සිටියදී සාකච්ඡා සංවාද පවත්වමින් කාන්තවන් වැඩි වශයෙන් දේශපාලනයට උනන්දු කරවමින් සිටියදී මෙම නිළියන් වුව ඔවුන්ගේ ආභාෂය ලබමින් නිවැරදි මගක් ගන්නවාට කිසිදු සැකයක් නැත.තරඟ වදින එක් නිළියක් ප්‍රකාශ්යක් නිකුත් කරමින් පවසා සිටියේ තමන්ට ජයග්‍රහණය ලැබුණොත් ඇය නිළි වෘත්තියෙන් අයින් වී දිගින් දිගටම දේශපාලනයේ යෙදෙන බවයි.

               වැන්දඹු දේශපාලනය පවතිනවා යයි කියන දකුණු ආසියානු කලාපයේ ඒ සංකල්පයෙන් මිදෙන්නට නිළියන් හෝ මෙසේ ඉදිරිපත් වීම අගය කොට සැලකිය යුතුය. ඔවුන් නිළියන් වුවත් පූර්ණ මානව හිමිකම් වලට උරුම කම් කියන මේ රටේ පුරවැසියන් බව අප කිසි සේත් අමතක කළ යුතු නොවේ.
නිළියන් පිළිබඳ කතා බහ සෘණාත්මකව සිදුවීම කණගාටුවට කාරණයකි. ඔවුන්ට චරිත සහතික නිකුත් කරන්නට තැත් කරන උදවියට පැවසිය යුත්තේ දේශපාලනයේ යෙදෙන පුරුෂ පක්ෂයටද චරිත සහතික නිකුත් කළ යුතු වගයි. ඒ දුෂණ හා ඝාතන සම්බන්ධයෙන්ය.
කාන්තාවන් වත් මේ නිළියන්ට සිය මනාපයන් ලබා දෙන්නේ නම් ඔවුන්ව ජයග්‍රහණය කළ හැකි වනු ඇත. කුමන පක්ෂයකින් පැමිණියත් කාන්තාවකට මනාපය පළ කිරීමේ අවස්ථාව මග හරින්නේ නැතිව ඇය නිළියක් ද ගායිකාවක් ද කලා ශිල්පිණියක් ද  වර්ග නොකර ඇය මේ රටේ පූර්ණ පුර වැසියෙක්ය යන කාරණය සිත් හි තබා ගෙන ඔවුන්ට සහයෝගය පල කළ යුතු බව මගේ හැඟීමයි.

9 ක් අදහස් දක්වලා.

Tuesday, January 22, 2013

අළුත් නම් දීම

Tuesday, January 22, 2013
  

 
                 උණ පඳුරේ ඉඳල කුරුල්ලෙක් ඉගිලුණෙ, මා අමුත්තෙකුට අපේ කුරුලු පාරාදීසය පෙන්වමින් ඉඳිද්දි. මා එයාට කියන්නෙ, මුදු පරෙවියා කියලා. අමුත්තා මාව නිවැරදි කළා.
"නැහැ, එයා 'යුරේසියානු කර පටි' පරෙවියා'"
පසු ගිය මාස කිහිපය තුල මේ සම්බන්ධයෙන් මාව නිවැරදි කරපු තුන් වැනි අවස්ථාව. මා ඉතා ආයාසයකින් උපයා ගත් කුරුලු වර්ග හඳුනා ගැනීම පිළිබඳව වූ දැනුම නොවටිනා දෙයක් බවට පත් වුණ බවක් මට දැනුණා. තව දුරටත් මෙයාකාරයෙන් කටට ආ පලියට නම් වමාරන්න නරකයි. පොඩ්ඩක් හිතල බලන්න, එක දවසක, ඔබ දන්න හැම කෙනෙකුම ඉඳුරාම වෙනස් නම් වලින් ඔබට මෙහෙම ප්‍රතිචාර දක්වූවොත්?
   කෙසේ වෙතත් 'රොම්' නම් දන්නවා, එයගෙ කුරුල්ලන්ව ඉතා හොඳින්. ඔහු 'කුරුලු උයන' නරඹන්නට එන විදේශීය කුරුලු රසිකයින් ඉදිරියෙ ඔහුගෙ නිව්යෝක් නාසික උච්චාරණ ක්‍රමය අනුකරණයෙන් කුරු
ලු නම් කියන පුරුද්දක් ඇති කර ගෙන එයට හුරු වුණා. ඒත් මේ ප්‍රදේශයේ අයට නම් ඒක සාර්ථක පිළියමක් වුනේ නහැ.
'ඉන්දියානු කුරුල්ලෝ' නම් සලීම් අලි ලියූ පොතෙහි සියලුම පැරණි කුරුල්ලන්ගෙ නාමාවලියක් සටහන්ව තිබෙන නිසා රොම් ගේ පුරුද්ද මට අදේශ කර ගැනීම තව දුරටත් අවශ්‍ය වූයේ නැහැ. ඒ වෙනුවට මා කළේ, ක්‍රිස් කැස්මීර්සක් (Krys Kazmierczak) ගෙ 'ඉන්දියානු කුරුල්ලන්ට ක්ෂේත්‍ර අත් පොතක්' (A Field Guide to the Birds of India) නම් වූ පොත තෝරා ගැනීමයි. මට
වශ්‍ය වුණා, තව මා අළුතින්  අම් කීයක් උගත යුතුද කියා දැන ගන්න. නම් වැලේ දිග දැක්කම මව අන්දු කුන්දුන්. ඒ වගෙම අධෛර්යයට පත් වුණා. 'හුබාරා බස්ටර්ඩ්', 'මැක් ක්වීන් බස්ටර්ඩ්' බවට පත් ව්ලා. පුංචි හුරුබුහුටි 'ලොරි කීට්' ගිරවා, 'පන්ඩ්ඩිත මානී වසන්ත ගිරවා' බවට පත් වෙලා. සුදු ලයැති කිං ෆිෂර්ව සුදු ගෙලැති කිං ෆිෂර් විදිහට වෙනස් කරන්න පුලුවන් වෙන්නෙ ඉතින් නොකැළල් වික්ටෝරියානුවෙකුටම විතරයි, මා හිතන අන්දමට. අපි 'කැලෑ කපුට කියලා අපි සාමාන්‍යයෙන් හඳුන් වන විශාල්, දැකුම් කළු , දිළිහෙන කාල වර්ණයකින් යුතු කපුටා හොට ලොකු කපුටා වෙලා. ඌ තවමත් කපුටෙක්, අඩුම තරමින්. ඒක නරකම නැහැ. සමහරුන්ව උන්ගෙ පෙලපත් නාම වලින් පවා බැහැර කරලා අමුතු අළුත් නම් දීලා. 'බ්‍රාහ්මිය මය්න' ව බ්‍රාහ්මීය ස්ටාලිං' කෙනෙක් කරලා.
 මේ අය කොහෙන් මේ නම් අහුලා ගත්තද දන්නෙ නැහැ. නිදසුනක් හැටියට කිව්වොත් 'රතු මුනියා' කියන කුරුල්ලට උසාවි නියෝගයක් වගෙ ඇහෙන හින්දද කොහෙද 'රතු අවදවත්' කියල නම් කරලා. 'පන් රැවියා' කියන රුසිරැව් කුලයේ කුඩා කුරුල්ලවත් 'සිස්ටිකෝ
ලා ' යන නමින් හඳුන්වලා. ඒ නම් හරියට සුලබ සිසිල් බීමක නමක් වගෙ. හොඳයි, මම මෙහෙම අහුව්වොත්? අපේ පරණ රන් පැහැති පික් සහිත කොට්ටෝරුවව දැන් හඳුන් වන්නෙ කොහොමද කියලා? එයා දැන් 'පොදු ගිනි දලු පිටැත්තා. '
   මගෙ හිත ගොඩක්ම නොසන්සුන් කළ වෙනස් වූ නම තමයි, අළු කොබෙයියාට දමල තියෙන 'අළු ෆ්‍රැන්කොලින්' කියන ප්‍රංශ සම්භවයක්
ක් එන නම්. කොබෙයියෙක් කොහොමද, ෆ්‍රැන්කොලින්' කෙනෙක් බවට වෙනස් කරන්නෙ? අපේ කොබෙයියො අපෙන් අවහිරයක් නැහැ කියන විශ්වාසයේ ඉඳගෙන අපේ මිදුල් වල අහුලං කනව. ඔවුන් බොහෝ විට  ගස් වල හෝ අතු ඉති වල වහන්නෙ නැහැ. අනතුර දැණුනු වහාම ඉගිලෙනවා. ඔවුන් රෑනක් අනතුරක් දැනුණු සැණින් තටු ගසමින් එකටම ඉගිලෙද්දි සමහරවිට ඇති වෙන කම්පනයෙන් ඔබගේ හෘද ස්ඵන්දනයත් වැඩි වෙලා ඇති. ඔවුන් අඕඉ කුරුලු උයනෙ නම් නිවසන්නෙ පුංචි පඳුරු වල. සමහර විට උණ පඳුරු වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් කටු සහිත පොඩි ගස් වලින් හෙබි පඳුරු වල්. මේ කුරුලු රංචු වල බොහෝ විටඉන්නෙ කුරුල්ලන් අට දෙනෙක් විතර.ඒ ගොල්ලො රංcඋ පිටින් කා ගහන කොට මා කන්කරච්චලයක් කියලත් සමහරු කියනවා. එහෙම් නම් කියන්න මට, මගේ බුද්ධිමත් මිතුරනි, ඒ අය අතරේ, ෆ්‍රැන්ක්ලින්ලා හරි පර්ට්‍රිජ් ලා ඉන්නවද කියල ?

එහෙත් මේ නැවත නම් කිරීමේ  ලෝකය පුරා සරන කුරුල්ලන් නරඹන වෘත්තිකයින්ගේ ක්‍රියාව නම් බියකරු සිහිනයක් වගෙ. එක කුරුලු වර්ගයකට ඉංග්‍රීසි නම් කිහිපයක්ම තියෙන බව ඇත්ත. ඒත් මේ කුරුල්ලන් නැවත නම් කිරීමට ඉංග්‍රීසිත් නොවන පොදු භාවිතයේත් නැති නම් වර්ග යොදා ගැනීම මොන තරම් අර්ථ ශූන්‍යය දෙයක්ද?
බොහොමය
ක් සාකච්ඡා උපදේශකත්ව මධ්‍යයේ 2004 දී රංජිත් මනකන් හා ආදීශ් පිට්ටී මැද මාවතේ කුරුලු නම් ලැයිස්තුවක් ඉදිරිපත් කළා. මේ අනභිබවනීය වෑයම බොහො විදේශීය විශේෂඥයන් තුට්ටුවකට වත් මායිම් කළේ නැහැ. වෙනත් අයත් මේ පිළිබඳව මති මතාන්තර ඉදිරිපත් කළා. පොදු නම් වලට මැදින් 'විරාම ලකුණු' තියෙන්න පුළුවන්ද? 
අළුත් නම් ඉගෙන ගන්නා අ
දිටනින් මා අවදිවන හැම උදයකම, ඒ නම් දෙතුන් වතාවක් නැවත වෙනස් වෙලා. ඒ නිසාම මම හිතා ගත්තා ඒ නම්  ලතින් බසින් හෝ ග්‍රීක් බසින් මා ඉගෙන ගත යුතු බව.
කොහොම නමුත් තවමත් ජීවිතයක් තිබීම අති විශිෂ්ටයි, කියල මට හිතෙනවා.

6 ක් අදහස් දක්වලා.