උදේට නානකොට වතුර මල යටදි ලස්සන ලස්සන අදහස් පහලවෙනවා. ලියන මේසෙට ඇවිත් ලියන්න යන කොට අනේ!.. සියයට හැත්තෑවක් විතර ගලා ගියපු වතුරත් එක්කම සේදිල ගිහිල්ලා.
හොඳයි....කියන්න එතකොට දුක හිතෙන්නෙ නැද්ද? ආපහු වතුර මල යටට ගිහ්න් ඔලුව පොඟව ගෙන මතකය අලුත් කරගන්න හිතෙනවා...ඒත් ඒවා කර කර හිටියොත් රස්සාවත් නැතිවෙන පොටක් තමයි...රස්සාව තිබුනොත් නෙ සේරම සෙල්ලම්...
අද මට මතක් වුණේ අපෙ විද්‍යාලයේ තිබුණු එක වාර්ෂික ප්‍රදර්ශනයක්. විද්‍යා අංශයෙ බාරව තිබුණෙ අපි දෙන්නට...මොකද හිනාවෙන්නෙ...එයාට ජීව විද්‍යා අංශය, මට රසායන විද්‍යා අංශය..මොකද කොයාද කියල අහන්නෙ? ඔව්..!ඔව්..!ඉන්ද්‍ර තමයි. තවම වෙන කවුරුත් ආවෙ නැහැ මේ රූප රාමුවට...
උදැල්ල දාන්නෙ නැතුව කියන්න දෙන්නකො.
ඉන්ද්‍ර ගෙ ප්‍රදර්ශන භාණ්ඩය මොකද්ද දන්නවද?..ගෙම්බෙක්ව විඡ්චේදනය කරල රුධිර සංසරණ පද්ධතිය පෙන්වන එක...ගෙම්බගෙ හෘදය වස්තුවට වයර් සම්බන්ධ කරල අනික් කෙළවරේ විදුලි බුබුලක් සවි කරල හෘද ස්පන්දනය වෙන වාරයක් ගානෙ විදුලි බුබුල නිවෙනව පත්තුවෙනව...
ඒක හොඳ නිර්මාණයක් නම් තමයි...ඒත් මට නං හරියට දුක හිතුන..මොකද දන්නවද? ගෙම්බන්ව බාගෙට මරල..එහෙමත් සිහි නැති කරලනෙ ගන්නෙ...ටිකක් වෙලා යනකොට එකෙක් මරෙනව...එතකොට තව ගෙම්බෙක්....අනේ... ගෙම්බො කොච්චරක්ද?
ප්‍රදර්ශනේට කලින් මම ඒක ඉන්ද්‍රට කිව්වම, කිව්ව උත්තරේ දන්නවද..?
"මෝඩි, අපි දොස්තරලා වුණාම මිනිස් ජීවිත කීයක් නං බේරගන්නවද...? ඔය පව් වෙනුවට එතකොට පිං බැරවෙනව අපේ ගිණුම් වල."
මම තර්ක කරන්න ගියෙ නැහැ. මගේ නිර්මාණය ගැනත් කිව්වෙ නැත්නම් වැඩක් නැහැ. මම කළේ, මුහුදු වතුර යොදාගෙන සබන් හදන හැටි පෙන්වල දෙන එක...ලුණු දිය කරලා ගත්තා කරදිය වෙනුවට....ඉතින් ඉස්සෙල්ලම දවසෙ නිකන් සබන් ගුලි වගේ පෙන්නුව..එදා රෑ නිදා ගන්න ගියාම මට හිතුන සබන් අච්චුවක දමල කැට හැදුව නං හොඳයි කියල..අපේ ගෙදරිනුයි, අල්ලපු ගෙදරිනුයි හිස් ගිනි පෙට්ටි අරගෙන ගිහිල්ලා, අම්මගෙන් කේක් හදන්න තිබුනු කලරිං ටිකක් දමල වැඩේ තව ලස්සන කළා. රෝස පාට සබන් ගිනි පෙට්ටි කූරු රඳවන අච්චුවෙන් එලියට ඇවිල්ලා සබන් විදිහට...සර්ට මම ඒක පෙන්නුව..සර්ටත් හරිම සතුටුයි....මගෙ ඔලුව අත ගාල සතුට පල කළා....ඔව්..ඔව්..ඒ සර්ම තමයි...ඉන්ද්‍ර මේක දැකල දක්වපු ප්‍රතිචාරය මොකක්ද කියලද කියල ඔයාල හිතන්නෙ...එයා හිනා වුණා..සර් දැන් අපි දෙන්නට ෆුල් සපෝර්ට්...හරිද..? ප්‍රදර්ශන භාණ්ඩ එක ලඟින්ම තියාගන්න කිව්වෙත් සර් මයි..
ඔන්න දැන් රෑ දහය විතර වුනා....මට හොඳටෝම බඩගිනියි..
" ඉන්ද්‍රයියෙ, බඩගිනියි...තවම සෙනග පෝලිමේ නේද?"
"මම ගිහින් මොනව හරි ටක් ෂොප් එකෙන් අරන් එන්නම්...ඔයාට පුලුවන් නෙ මේ ගැනත් විස්තර කරන්න..."
මම හා කියන්නත් ඉස්සරින් එයා ඉගිලුණා...
මෙන්න දෙයියනේ..වක්කඩ කැඩුව වගෙ සෙනග එනවා. දැන් කාලෙ එහෙම නං ස්ට්‍රෙස් හැදුනා කියයි...ඒ කාලෙ අපිට ඔය මොන කෙහෙල්මල් ස්ට්‍රෙස් එකක් වත් නැහැ.එහෙම දේවල් තියෙනවද කියල දන්නෙත් නැහැ, අම්බානක වැඩ තිබුණත්...නැද්ද හොඳයි?
මම හෝ ගාලා විස්තර ප්‍රචාරයේ යෙදෙනවා. අප්පෝ..අර බෝයිස් ස්කූල් එකේ කොල්ලො ටිකකුත් කඩා වැටුණනෙ මේ වෙලාවෙම. බොරු ප්‍රශ්න අහනව මගෙන්. මනමාල කමට .....එහෙමත් නැත්නම් කොලු කමට..
කොහොමින් හරි ඉන්ද්‍රට පණිවිඩේ ගිහින් ආවෙ නැතැයි දුවගෙන....මගෙ ගැලවුම් කාරයා..!
ඉන්ද්‍ර එනවත් එක්කම කොල්ලො ටික මගේ ලඟින් ලිස්සල ගියා...උන් දන්නව ඇති.. ඒ කාලෙ ඔයවගෙ සම්බන්දකම් ලැව්ගින්දර වගෙ පැතිරෙන්නෙ...කට කතා සහ ඕපදූප නම් වූ හොඳම සන්නිවේදන ජාල..විශේෂයෙන් කොල්ලන් අතර...
" මොනවද ගෙනාවෙ..?" ඒ මම.
"කලබලෙන් එන්න වුනානෙ..වඩේ ටිකක් ගත්තා.."
"කෝ"
"ඉන්න දෙන්නම්"ඉන්ද්‍ර මේසය යටින් වඩේ දාපු කඩදාසි බෑග් එක දුන්නා....මම හිතුව මේසය යටින් වඩේ දෙන කොට මගෙ අත චුට්ටක් හරි මිරිකයි කියලා...මොන පිස්සුද? ඉන්ද්‍රත් අර පියදාස සිරිසේන මහත්තයගෙ නවකතාවල ඉන්න කුලංගනාවක් වගෙ මාව මලක් සේ පිරිසිදුවට තියා ගන්න හිතන්න ඇති, ඇඟිල්ලක් වත් නොඅල්ලා....එයාගෙ කුල ගෙට කැන්දා ගෙන යන කල්.
ඒ වුනාට ඇත්තමයි.....මට නං ඒක හිතට හරි නැහැ....මොකද්දෝ හරියටම කියා ගන්න බැරි හැඟීම් සමුදායක් හිතේ හිර වුනා වගෙ...