Thursday, October 1, 2009
සුළඟට ගසා ගෙන ගිය බෝ පත් සහ මනුස්ස කම
ලිව්වේ Akkandi හරියටම 10:48 PM Thursday, October 1, 2009පන්සලට යන්න මම සුදු ඔසරියක් ඇඳ ගත්තා. දැන් ඉස්සර වගෙ කන්නාඩිය ඉස්සරහ හුරතල් වෙන්නයි, මුකුළු කරන්නයි බැහැ. මම ඉන්නෙ වෙන කෙනෙකුගෙ කාමරයක නෙ. ඉක්මණට ඇඳ පැලඳ ගෙන කන්නාඩිය ලඟින් ඉවත් වෙනවා. එයා මම ඇඳුම් අඳින කොට කාමරෙන් එලියට යනවා. ඒ අර අප්පච්චි කිව්ව හැදිච්ච කම වෙන්නැති. එත කොට මට නං හිතෙන්නෙ මම පිට කෙනෙක් වගේ. එයාගෙ බිරිඳ නෙවෙයිද මම? එක අතකට ඒකත් හොඳයි. මමත් ඉතින් ලැජ්ජයි නෙ.
නන්දි ජාතික ඇඳුමට හරිම හැඩයි. මට දුකත් හිතුණා, එයා ගැන. මට එයාව තේරුම් ගන්න ටිකක් කල් යාවි. මම කොහෙදෝ කියවල තියනව ජීවිත කාලයක් එකම වහල යට හිටියත් තව කෙනෙකුව තේරුම් ගන්න බැහැ කියල. මම නන්දිගෙ හිත කියවන්න කොහොමද පටන් ගන්නෙ කියල මම හිතුවෙ අපි මධුසමය ගත කරන්න යනකොට.
ඒත් ඒක නිරර්ථක වෑයමක් කියල මට හිතුණෙ කිසිම නිරීක්ෂණයක් නොකර එහෙම කරන එක අසාධාරණයි කියලා. ඒ හින්දා මම නිරීක්ෂණ කාලය දීර්ඝ කරන්න හිතුවා. ඊට පස්සෙ තමයි නිගමනයකට එන්න ඕනි.
නන්දිලගෙ ගෙදරට කන්ද උඩ පන්සලේ චෛත්‍යය පෙනෙනව පුංචි කොත් කැරැල්ලත් එක්ක. නන්දිලගෙ ගෙදර කිව්වෙ මට ඒක තවම අපේ ගෙදර කියල කියන්න තරම් කිට්ටුවන්ත නැති නිසා. මම අමුත්තෙක්, ආගන්තුකයෙක් වගෙ ඉන්න නිසයි, ඒගොල්ලොත් ඒ විදිහටම සලකන නිසයි, මට අපේ කියන ගතිය හිතට ආවෙ නැහැ තවම.
අපි සේරම දානෙ කළමනාත් අරගෙන යන්න පිටත් වුණා. ප්‍රේමවතිත් කුරුණි පෙට්ටියකට බෙදපු දානෙ හිස මත තියාගෙන බුද්ධාලම්බන ප්‍රීතිය මූණ පුරා විහිදුවාගෙන අපේ පස්සෙන්ම එනවා. කුරුණි පෙට්ටියට හිනා වෙන්න බැහැ, සුදු පිරුවටයකින් වහල නිසා. හිනා වුණත් අපට පෙනෙන්නෙ නැහැ නෙ.
ප්‍රේමවතීගෙ ලා නිල් මල් විසිරුවපු සුදු චීත්තෙ හුලඟට අකීකරු වෙලා දඟලනව. එක අතකින් වත් සීරු මාරු කරගන්නත් බැහැ, එක අතක් දානෙ පෙට්ටිය පරෙස්සම් කරනවා. අනික් අතේ පපඩම් දමපු මල්ල. මට ඒ පපඩම් මල්ල ඉල්ල ගන්න හිතුණත්, මම හිතන්නෙ නැහැ ඒකට නන්දිලගෙ පවුලෙ අය කැමති වේය කියල. කාලෙක ඉඳල තියෙන සිරිත් විරිත් මට වෙනස් කරන්න අමාරුයි, මුල් ඇදලා තියෙන්නෙ බොහොම ගැඹුරට.
අපේ ගෙදරට වඩා මෙහෙ පන්ති පරතරය වැඩියි. ප්‍රේමවතී ඇතුළු අනෙක් ගෙදර වැඩ වලට අත් උදව් කරන, එළවලු වතුවල, තේ වත්තෙ වැඩ කරන්න එන අයට කන්න බොන්න දෙන පිඟන් කෝප්ප අහුරල තියෙන්න වෙනම පිඟන් රාක්කයක. මට නම් තේරෙන්නෙ නැහැ, අපි කන බොන පිඟන් කෝප්පවල ඒ ගොල්ලො කෑවම වරදක් වෙන්නෙ කොහොමද කියලා. මැදල, හෝදල තිබ්බම ඉවර නෙ.
ප්‍රේමවතීලටත් ඒකෙ වෙනසක් පෙනෙන්නෙ නැහැ. දැනෙන්නෙත් නැහැ. පරම්පරාවලින් ඔලුවලට දමලද කොහෙද, 'උඹලා ඒ අප්පොලගෙ සදාකාලික බැල මෙහෙවර කරන අය' කියල. ඉටි ගෙඩිය.
මට ප්‍රේමවතී ගැන අමුතු ලෙන්ගතුකමක් දැනුණෙ, දෙවෙනි මගුලෙන් පස්සෙ මගෙ දිග කොන්ඩෙ අවුල් කඩා ගන්න බැරුව ඉන්න කොට එයා ඇවිත් මට රිදවන්නෙ නැතුව ඒ වැඩේ කරපු විදිහට. මම පිටිපස්සෙ මිදුලෙ පුංචි පුටුවක ඉන්දවල ගෙදර හින්දපු තෙල් ගාලා කොණ්ඩෙ පීරල ගැට කැඩුව. මට සනීපෙට නින්දත් ගියා. ඒ අතරෙ එයා මගෙන් ප්‍රශ්නත් ඇහුව. සැවැන්දරයි, උළුහාළුයි, අරූද කොළයි දමලා ගෙදර වත්තෙ මෝරපු රන් තැඹිලි වලින් ප්‍රේමවතීම තමයි ඒ තෙල් හින්දල තිබුණෙත්.
ඔය වගෙ පුංචි කාරණා හින්දා මට ප්‍රේමවතී ගැන අමුතු කරුණාවක් හිත පුරාම විසිරිලා ගියා. ඒකයි මට හිතුණෙ එයා ඉන්න තැනට ගිහින් පපඩම් මල්ල වත් අර ගෙන පොඩි පහේ උදව්වක් කරන්න. ඒත් ඒව වැඩි වැඩ කියල අක්කයි අම්මයි දොස් කියන්න ගත්තොත්...පණ්ඩිතකම් කරන්න යන්නෙ මොකටද?
මගෙ අතේ තියෙන මල් වට්ටියෙ සුවඳ අපේ ගමේ පන්සලට මාව කැන්දන් යනවා. ඉද්ද මලුයි, සමන් පිච්ච මලුයි එක්ක දහස් පෙතියා මල් රවුමට රවුමට පේලි විදිහට අහුරපු මල් වට්ටියට මම ඇස් දෙක යැව්වෙ, වීර කම් කරන්න එහෙ මෙහෙ දුවන දෑස ඒකෙන් නවත්තගන්න.
පන්සල ඈතින් පෙනුනට විනාඩි දහයක් විතර පයින් යන්න ඕනි. අඩි පාර දිගේ ගිහින් පඩි පෙළක් නැගල ඊට පස්සෙ ගල්තලාවක් පහු කරල ආයෙත් පුංචි පිය ගැට පෙළක්.
දෙවැට දිගේ දොළත් එක්ක සමාන්තරව තියන අඩි පාරෙ ටික දුරක් යන කොට මගෙ කකුලක ඉදි කටු අනිනව වගෙ දැනුණා. මල් වට්ටිය එක අතකට අර ගෙන ඔසරිය ඉහළට කරලා මම කකුල දිහා බලුවා. මට ඉබේට කෑ ගැහුණා. කූඩැල්ලො ගොඩක් එල්ලිලා වගෙ මං දැක්කෙ. නන්දි පස්ස බැලුවා. එයාගෙ අතේ පිරිකර ටික. අක්කයි, අම්මයි අමුතු බැලුම් , අමුතු හැඟුම් ඇස්වලයි, මුහුණු වලයි සටහන් කර ගෙන අපහාසෙට මගෙ දිහා බලනව
. අනේ! අපේ ගමේ නං කූඩැල්ලො නැහැ....නන්දි පිරිකර ටික අම්ම අතට දීල බිමට නැමිල මගෙ කකුල අල්ලල කූඩැල්ලො අයින් කරන කල් මම මූණ බෙරි කර ගෙන හිටියා.
"ඔය මදුරුතලා කොළයක් කඩල උන්ව අයින් කරන්න"
එයා ගණනක් නැතුව කියනවා. ඔය මාව රැක බලා ගන්න හැටිද? මේ යකා නං ගොබිලෙක්ම තමයි, දෙයියනේ!
ප්‍රේමවති දුවගෙන එනවා. එයාගෙ පපුව පත්තුවෙල මට තියෙන සෙනෙහෙ කන්දරාවෙන්. අතේ තිබුණ දානෙ පෙට්ටිය අත් දෙක වන වනා යන ළමාතැනිට දුන්නෙ කිසිම බයක් හැකක් නැතුව. පපඩම් මල්ල වැඩියා, අක්කන්ඩිගෙ අතට.
" අනේ..සුදු මැණිකෙට පුරුදු නෑ නේ මේ යක්කුන්ව. ඉන්න, මම අයින් කරන්ට"
ඒක නං ඇත්තම තමයි. මේ නං යක්කුම තමයි. කූඩැල්ලො නෙවෙයි. නන්දි ඇතුළුව ඒ පවුලෙ උදවියයි, යක්කු. මනුස්සකම, ශ්‍රද්ධාව කියන්නෙ පන්සලට ගිහින් දානේ දෙන එක විතරක්ද? මල්, පහන් පූජා කරල බුදුන් වඳින එක විතරක්ද? නාමික, සෝබන බෞද්ධයො...මට නං හිතෙන්නෙ මේ ගොල්ලො කාඩ්බෝඩ් බෞද්ධයො කියලා.
ප්‍රතිපත්ති නැති, ආමිස පූජා විතරක් පුරන, කරන ජනප්‍රිය බුද්ධාගම් කාරයො. මේ ගොල්ලො වගෙ අය තමයි කියන්නෙ, බුදුහාමුදුරුවොත් සිංහල බෞද්ධ කියලා. උන් වහන්සෙගෙ ජාතකෙත් වෙනස් කරන්න හදනවා. එතකොට ඉන්දියානු ව්‍යාප්තවාදය අමතක වෙනවනෙ කට්ටියකට. මිහිඳු හාමුදුරුවො, සංඝමිත්තා මෙහෙණින් වහන්සෙ ආවෙත් ඉන්දියානු ව්‍යාප්තවාදය හේතු කොට ගෙනද? හැම දේම තමන්ගෙ වාසියට හරවගන්න දේශපාලුවො වගෙ.
බොරු ව්‍යාජ, ජාති මාමකත්වය....ජාත්‍යාලෙ නම් රෙද්ද පල්ලෙන් බේරෙනවා. ඒ වුණාට පවුලට කැන්දන් ආපු අලුත් දෝණියැන්දව කූඩැල්ලො කන කොට හිනා වෙනවා. ඔන්න අපේ අප්පච්චිලගෙ හැදිච්ච, නිවිච්ච දරුවගෙ පැටිකිරිය. තව හෙළි දරව් වෙන්නෙ නැතැයි කාගෙ කාගෙත් පැටිකිරියවල්. මානව භක්තිය උගන්වන්න මුන්ව ටියුෂන් පංති යවන්න වෙනව. නැත්නම් එන්. ජී.ඕ. එකකට කියවල වැඩ මුළුවක් කරවන්න වෙනව.
පංසල් යන්න කියල හිත හීලෑ කරගෙන, සාම්ප්‍රදායික, සිංහල, බෞද්ධ කුල කුමරියක් වගෙ ගමේ පංසලට ඉස්සෙල්ලම යන්න ආපු දවසෙ මට සමාජ විශ්ලේෂණත් කරන්න වුණා.
අනේ..! මට සමා වෙන්න බුදු පියාණනේ...!
'කායෙන වාචා චිත්තේන..'
මගෙ හිත සමාව අයැදිනවා පසඟ පිහිටුවා වඳිමින්, සුදු වැලි අතුරපු බෝ මළුවෙ.
ලේ ගලන මහපට ඇඟිලි කරුව අස්සට හුලංතලා කොළ අහුරක් හපල තියලා අත් බෙහෙතක් කළා, ප්‍රේමවතී. ඔන්න මනුස්සකම...! ගැමි කමත් එක්ක තවමත් නොසේදී තියෙන උතුම් මනුස්සකමට මම සිය දහස් වාරයක් හිස නැමුවා. මට ප්‍රේමවතීව බදාගෙන ඉඹින්න හිතුණා.
හැමෝටම කතා කරන්න අමතක වෙලා, මේ අහඹු සිද්ධිය හින්දා. වෙද හාමිනේගෙ වෙද කම ඉවර වෙලා දොළට බැහැලා අත් දෙකත් ධෝවනය කර ගෙනම ඇවිත් දානෙ පෙට්ටියයි, පපඩම් මල්ලයි අරගෙන මගෙ ලඟින්ම පියවර මනින්න ගත්තා. කකුල් අල්ලපු අත් වලින් පූජනීය දානේ පෙට්ටිය වඩම්මන්න නාකයි නෙ. ප්‍රේමවති මගෙ ළඟින්ම හිටියෙ හරියට ආරක්ෂාවට බ්‍රේක් යොදනව වගෙ.
ළමාතැනීවත්, අර කසාද බඳින්න අමතක වෙල ගෙදර ඉන්න අක්කණ්ඩිවත්, නන්දිවිසාල වත්....ඔන්න බලන්න, ඉබේටම....නන්දි මිත්‍රව මට නන්දිවිසාල වුණ හැටි. කට බොරු කිව්වත් දිව ඉඩ දෙන්නෙ නැහැ, බොරු...මුසාවාද කියන්න. ඒකට මට නම් දොස් කියන්න එපා. දෝෂාරෝපන සපුරා තහනම්.
පංසල පේන තෙක්මානයෙ, චෛත්‍යය විරාජමානව අහසට නැගිලා සුදෝ සුදට හිනා යායක් අස්වැද්දුවත්....අනේද කියන්නෙ? බෝමළුවෙ බෝධීන්නාන්සෙගෙ එක කොළයක් වත් නැහැ නෙ.....දසත විහිදුණු අතු පතර විතරයි. පිහිල්ලෙගෙදර නුගලියද්ද වලව්වෙ ඇත්තන්ගෙ හිත් වගෙ. කරුණාව, දයාව, සෙනෙහස, මෛත්‍රිය, උපේක්ෂාව, මුදිතාව වැනි සේරම යහ ගුණ වියැලිල බිමට වැටිලා. ආසාවට ඇහිඳ ගන්න මළුවට වැටිලත් නැහැ, එකම එකබෝ පතක් වත්.
උඩු සුළඟට ගහ ගෙන ගිහින් අනන්තය දක්වාම. මට හිතෙන්නෙ මකර කටට යනකල් ගහ ගෙන යන්න ඇති. ළඟක පාතක තිබුණොත් ආපහු එන්න පුළුවන් නෙ.
ලොකු හාමුදුරුවො හාන්සි පුටුවෙ දිගා වෙලා පෙර මග බලාන ඉන්නව වළව්වෙ හාමුලා, අප්පොල, කුමාරිහාමිලා දානෙ ගේනකල්.
"පොඩි තැන, මේ කට්ටියව දන් ගෙට එක්ක ගියා නං?"
නන්දි පිරිකර ටික ලොකු උන්නාන්සෙ හිටිය බුරුත කවිච්චියෙ පැත්තකින් තියල වැඳ නමස්කාර කරනවා. මම බවලත් උදවිය එක්ක, පොඩි හාමුදුරුවන්ගෙ පස්සෙන් දන් ගෙට ඇදුනා. ප්‍රේමවතී දඩිබිඩි ගාල වැඩ. ඇබිත්තයො දෙන්නෙකුත් ඇවිත් පොඩි හාමුදුරුවන්ට උදව් කරනවා. පොඩි හාමුදුරුවො තවම උපසම්පදා වෙලා නැතුව ඇති.
මමත් මොනව හරි කරන්න උදව් වෙන්නම් කියල හිතන කොටම, නන්දිලගෙ අම්ම මට කතා කළා.
"ප්‍රේමවතී ඒව කරන්නෙ නැතෑ...මලිති එන්න හාමුදුරුවන්ට කතා කරන්න."
'එසේය, මහ රැජිනිය' කියල මං හිතෙන් කියා ගෙන ඒ දෙන්නගෙ පස්සෙන් ඇදුණා. ඒ ගොල්ලොත් එක්කම ගිහින් නායක හාමුදුරුවන්ට දණ ගහල වැන්දා.
" නන්දිමිත්‍ර මහත්තයට හම්බ වෙලා තියෙන්නෙ ශ්‍රියා කාන්තාව වගෙ පින් පාට මැනිකෙ කෙනෙක්....හොඳා, හොඳා...අපේ ගමට හඳක් පායලා වගේ"
නැන්දම්මගෙයි, නෑනන්ඩි ගෙයි මුහුණු වල නම් හීන් බෝවිටියා මලක් වත් පිපුණෙ නෑ. නන්දිගෙ මූණෙ නම් ලාවට රතු පාට හෙන්දිරික්ක මලක් පිපෙනව මම දැක්ක. ලාවට පිපිලා හෙමිහෙමින් රතු පාට වුණා.
ඔන්න මගෙ කම්මුල් වලටත් ඒ රතු පාට හෙන්දිරික්ක මල් පැන ගෙන එනවා. දැන් මම තවරපු සුදු පියරුත් රෝස පාට වේවි. ලැජ්ජාවෙත් බැහැ. නන්දිගෙ මුහුණෙ එක මලයි..මගෙ කම්මුල් වලට රතු පාට හෙන්දිරික්කා මල් යායක්ම. කම්මුල් වල නවතින්නෙ නැතුව කන් පෙති වලටත් දුවනව.
" මේ නෝනා රස්සාවක් කරනවලු නේද? විද්‍යා ගුරුවරියක්ලු නේ?"
" එහෙමයි, ස්වාමීන් වහන්ස"
මගෙන් අහපු ප්‍රශ්නෙට උත්තර බඳින්නෙ නන්දි.
" මම ඉන්න තැනටම මාරුවක් හදා ගන්න ඉන්නෙ. මන්ත්‍රී තුමා කිව්ව කරල දෙන්නම් කියලා. දෙන්න දෙපොලෙ ඉඳල බැහැ නෙ."
නන්දි මහත්තයා එහෙම නම් මාව ළඟට ගන්නයි හදන්නෙ. එතකොට ළමා තැනීල දෙන්න නැහැ නේ...එතකොට බැරියෑ මුර කාවල් නැති....අපේම අපේම අපේ ලොවක තනි වෙන්න....
හිත ඇතුලෙ අරවින්ද කුසුම් යායක සුවඳ පිරෙනවා. මගෙ හිතේ තවමත් හීන ඉතුරු වෙලා තියෙනවා, නන්දිගෙන් උදුරගන්න පුළුවන්ය කියල හිතෙන සෙනෙහසක් වෙනුවෙන්.
දානෙ පිළි ගන්වන්න ගියහම තව හාමුදුරුවරුන් හතර නමක්ම වැඩල හිටියා, නායක හාමුදුරුවන්ටයි, පොඩි හාමුදුරුවන්ටයි අමතරව. පින් අනුමෝදනාවෙදි වළව්වෙ කට්ටියගෙ පුරාජේරුව තමයි, හාමුදුරුවො දේශනා කළේ බණ වලටත් වැඩියෙන්. නන්දිලාගෙ අප්පච්චිට පින් දෙන ගමන් එයා ගැනත් වර්ණනාවක් කළා.
අනේ! මට දකින්න බැරි වුණා නෙ ඒ ගොල්ලන්ගෙ අප්පච්චිව. එයා හිටියා නම් මට ආදරේ වෙයි. කමක් නැහැ, මට ප්‍රේමවතී ඉන්නෙ. ඒ මදෑ.
පන්සලේ පිය ගැට බැහැල එන ගමන් මට නැන්දම්ම කිව්වෙ, " මලිති මේ ගමේ හිටිය නම් දහම් පාසැලේ උගන්වන්න තිබුණ, ලොකු අක්ක තමයි ලොකු ටීචර්." කියල.
ලොකු ටීචරුත් එතකොටම ගොළු මන්තරේ බින්දා.
" පන්සලට එනව නම් මීට පස්සෙ කකුල් වල සබන් ගාගෙන එන්ට. එතකොට කූඩැල්ලො එල්ලෙන්නෙ නැහැ."
"මේ සබන් කතන්දරේ මට කියන්න තිබුණ නේ කලින්. මම දන්නෙ කොහොමද, ඔය ක්‍රම සහ විධි."
හිත කඩා ගෙන පැන්නට හඬ කඩා ගෙන පැන්නෙ නැහැ, පිටතට. මොකද්ද හැබෑටම මගෙ ස්වායත්ත භාවයට හැංගෙන්න හිතුණෙ....?
Labels: කෙටි නව කතාව 10 ක් අදහස් දක්වලා.
Tuesday, September 29, 2009
උඩු මහල එක් ටැම් ගෙයක් වෙයිද?
ලිව්වේ Akkandi හරියටම 5:59 PM Tuesday, September 29, 2009
අම්මා එක්කයි, අප්පච්චි එක්කයි හුරතල් වෙමින් හිටිය සුදුමැනිකෙ දවස් දෙක තුනකින් මහ ගැහැණියෙක් වෙලා. මේ ටික දවසකට කලින් දුව පැන දඟලපු සල්ගහගෙදර සුදු මැණිකෙමද මේ තැන්පත්ව කනට ඇහෙන්න කතා නොකර ඉන්නෙ?
මල්ලි හිටියා නම් අහයි,
" මේ අනේ, මොකද ඔය ඔච්චර ඩිපොසිට් වෙලා ඉන්නෙ?" කියල.
නව දිවියක ඇරඹුම ගැන සාපේක්ෂව හිතන්නද? නිරපේක්ෂව හිතන්නද? මොළේ උළුක් වෙන ප්‍රශ්න නැතුව සැහැල්ලු විදිහට හිතන්න...කියඹු රැලි දෙකක් පළල් නළලට වැටිල. ඔය අස්සෙන් මට ලස්සන ගියක් මතක් වෙනව.
' සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වළා රොදක සැඟ විලා
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා....
කියඹු වැල් ලිහී ඔබේ.....'
මේ කියඹු වැල් මාරුතේ එක්ක මිසක් යෝදයගෙ ඇඟිලි වල ඔන්චිලි පදින්නෙ නැතිවෙයි. මලිති වන මම කණ්ණාඩිය ඉස්සරහ තනියම හුරතල් වෙනව එයත් එක්කම. අර 'බඹා කෙටූ හැටි' පොතෙ වගෙ බෙල්ල කරකවල බැලුවා...මොනව හරි ලකුණු තියෙනවද කියලා...හීනෙන් හරි කවුරු හරි ඇවිත් එහෙම ලකුණක් තියල ඇති කියලා....මොකුත්ම නැහැ. තවම දවස් කීයද? දෙවෙනි ගමන ඇවිත් තවම දවස් දෙකක් වත් ගියෙත් නැහැ.
තවම ආදරේ කලල රුව පිළිසිඳ ගත්ත විතරයි නෙ. කලලය මෝරලා කිරි කැටියෙක් බිහිවෙන්න මාස නවයක් යනව වගෙ එයාගෙ හිතෙත් ආදරයක් පිළිසිඳිලා කළ එළි මංගල්ලෙට තව කල් ගත වෙයි. සම්ප්‍රදායිකා කොමල හිනාවක් දමනව.
"මළ විකාර...මධු සමයෙත් නැති ආදරේ හරියට යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කියල වගෙ වැඩක් නෙ..."
එහෙම මැදට පනින්නෙ දඩබ්බරී.
"එහෙම නෙවෙයි...ඉවසන දනා රුපු යුදයට නැති කඩුව කොස් කොටන්නද කියන එකයි, හරි..ඒ නිසා සුදු මැණිකෙ ඉවසපන් පපුව කියල ඉන්න. එයාට ලැජ්ජ ඇති...ආදරේ කරන්න...."
අයියෝ...මේ දෙන්නගෙ වැඩේ වාදෙමයි. මටත් නිවනක් නැහැ. මම එහෙම කිව්වට ඒ දෙන්නගෙ සජීවි සංවාදයන්ට මම හරි ලොල්. 'ඔපෙරා' වැඩ සටහනෙ ටෝක් ෂෝ එකක් වගෙ.
බැංකු කළමණාකාර මහත්තයා නං ඇබින්දක් වත් දන්නෙ නැහැ, හුරතල් කරන්න. සේරම යුතුකම් සහ රාජකාරි විතරමයි. මමත් හරියට බැංකුවට ආපු ගනු දෙනු කාර භවතෙක් වගෙ. මගෙ තිබිච්ච තොඳොල් කම්, හුරතලේ කොහොමද මෙච්චර ඉකමණට හෝදලා, පිහිදලා, සූරල අහකට විසි කරල දමන්නෙ.... ඒ ගොල්ලො රැව්වට ගෙරෙව්වට...?
තව ටික දවසකින් කියාවිද දන්නෙ නැහැ මගෙ කෙළි ලොල් කම, හුරතලය ඔක්කොම පොලිය නැතුව බැංකුවෙ තැන්පත් කරන්න කියල. මටත් හිතෙන පුදුම සිතුවිලි.
කැම්පස් ඉඳල ගෙදර එන හැම වෙලාවකම ගෙදරට ගොඩ වෙන කොටම අප්පච්චි මාව වඩා ගෙන තමයි, ගේ ඇතුලට ගෙනිහින් අම්මා ලඟින් තියන්නෙ. අර මට කෙණෙහිලි කම් කරන මල්ලි, "හූ...හූ.." කියල, " නාකි හුරතලේ" කියලත් කියනව ඉරිසියාවට.
" උඹ කොච්චර හූ කිව්වත් මම ඉස්සෙල්ලම දැකපු කෙල්ල නේ"
අප්පච්චි මල්ලිගෙ හූවෙ සැර බාලකරනවා. අම්මා කෑම හදා ගෙන බලාන ඉන්නවා, මට කවන්න. බණ්ඩා, නෝනක්ක අඹ අහුලල එකතු කරල හංගල තියෙනව, මල්ලිට නොපෙනෙන්න. අම්මා කරන්නෙ මගෙ ඔලුව ඔඩොක්කුවෙ තියා ගෙන හිමින් සැරේ පිරිමදින එක. මම දන්නෙම නැතුව දොයිය බබා එත කොට. පුදුම හුරතලයක්. අම්මා එහෙම ඇවිත් මගෙ ඔලුව අත ගානවා නම් කියල හිතෙනවා, මට දැනුත් සමහර වෙලාවට.
අම්ම අපෙන් සදහටම සමුගත්තට පස්සෙත් මට දැනෙනව, මගෙ පොරෝනය අර ගෙන මට පොරවලා යනවා වගෙ. මගෙ ඔලුව අත ගානව, මගෙ කකුල් අත ගානව. ඒ සාංකාව අම්ම නැති වෙලා මාස ගණනාවක් යන කල් මගෙන් තුරන් වුණේ නැහැ. කණ්නාඩියේ ඉන්න මලිතිගෙ ඇස්වල කඳුළු...
දෙවෙනි ගමනට පහුවදා උදේම ලොකු අක්ක කාමරේට ආව මොනවද උස්සගෙන.
" ලොකු මල්ලි, මෙන්න ඔයාගෙ සුදු මැණිකෙගෙ යුනිෆෝම්"
ඒ මොකද්ද ඒ කතාවෙ තේරුම? හිත ඇහුවට මගෙන් මට අහන්න පුළුවන්ද එහෙම එයාගෙ ලොකු අක්කගෙන්? එයා මෙයා කිය කියා හිටියට මගෙ කසාද පුරුෂයගෙ නම කියන්නත් අමතක වුණා. එයාගෙ නම නන්දිමිත්‍ර නුගලියද්ද. දුටුගැමුණු රජ්ජුරුවන්ට ඒ නමින් යෝධයෙකුත් හිටිය කියල මට දැන් මතක් වෙනව. නන්දි පාර්සලේ අතට ගත්තා. ඒ ගමන්ම මගෙ අතට දුන්නා.
" ලිහල බලන්න, ඔය ස්කර්ට්ස් මෙහෙ අඳින්න බැරි වෙයි...අද ඉඳල ඔසරි අඳින්න ගෙදරට" ඔන්න සැලසුම් සහගත වැඩ, පවුලට සම්ප්‍රාප්ත වූ ආගන්තුක ගැහැණියට පළමු නීතිය පනවන ලද වගයි. ව්‍යවස්ථාව මෙලහටත් සකස් කර හමාර ඇති, ටි.ඕ.ආර්. එකත් එක්කම. දන්නවනේ...ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකත් එකත් හදල සම්මත කර ගෙන ඇති.
ලොකු අක්ක අහක බලා ගෙන හිනා වෙනව. මම පාර්සලය ලිහල බලුව, අකීකරු වෙන්න බැරි නිසා. ලා පාටවල වොයිල් සාරි තුනක් එක්ක ඒවට ගැලපෙන්න මහපු හැට්ට...ඒවා නම් බෝරිච්චි අත් දමපු හැට්ට නෙවෙයි.
ඉතින් දැන් ගහන ගහන පදයට නටන්න කියන එක නේද මේ නොකියා කියන්නෙ? මම බිංකුන්ඩෙක් වෙල. මට හිතෙනව වල ඇතුලටම ගිහින් හැංගෙන්න. ඒ වුණාට නන්දි මහත්තයා බින්කුඞඩව අර ගෙන වම් අත්ල උඩ තියාගෙන,
" බිං කුණ්ඩෝ බොල බිං කුණ්ඩෝ...තෝත් නටාපන්, මාත් නටන්නම්. බිං කුණ්ඩෝ බොල බිං කුණ්ඩෝ" කියලා දකුණු අතේ දබරඟිල්ලෙන් බිං කුන්ඩගෙ වටේට වෘත්තයන් අඳිනව. බිං කුන්ඩා නටල ටිකක් නැවතුණා.
" මලිති, ඇඳගෙන උයන ගෙට එන්ට. අද කන්ද උඩ පන්සලේ සලාක දානෙ"
මම හිස වනල එකඟතාවය පළ කළා. එයාට අඩුම තරමින් මට නංගි කියන්න වත් බැරිද? එයා විදුහල්පතිනියක් නිසා හිතනව ඇති මමත් ඉස්කෝලෙ ළමයෙක් හෝ එයාගෙ යටතෙ ඉන්න ගුරුවරියක් කියලා. මම හිතුවා නන්දි ඇවිත් සාරි තුනෙන් එකක් මට තෝරල දේවි කියල.
මම හිතෙන් තිර රචනය ලියනව. නන්දි ඇවිත් පිට දිගට වැටිල තියෙන මගෙ කොණ්ඩ කරල උස්සල බෙල්ල පිටි පස්සට සිනිදු හාදුවක් හිමින් සැරේ ලකුණු කරනවා. මගෙ බෙල්ල කිති කැවීගෙන යනවා. මම උරිස් අකුලල සියොලඟ කිළිපොළා යාම වාවගෙන, ඔලුව ඇලකරල පිපිච්ච හීන් හිනා පොට්ටු බිමට වැටෙන්න නොදී එයාගෙ පපුවට හේත්තු කරනවා.
ඒත් එයාගෙ තිර නාටක රචකයා ලියල තිබුණෙ වෙන විදිහකට.
" ඔයා ඇඳගෙන එන්න, උයන ගෙට. මම යනවා, පිරිකර ලෑස්ති කරන්න"
දෙබස් වුණත් හරිම කෘත්‍රිමයි. තාත්ත්වික නැහැ. හරිම යාන්ත්‍රිකයි. වෙළඳ දැන්වීමක් වගේ. අඩු ගණනෙ පිටට තට්ටුවක් වත් දමල යන්න බැරිද? හිත කෙඳිරි ගානව.
එකම නාට්‍යයකට තිර රචනා දෙකක් තියෙන්න බැහැ නෙ. මේ තිර රචනා දෙකම මර්ජ් කරල එකක් කරන්න වෙයි. නැත්නම් දෙකෙන් වඩාත් ප්‍රබල එක තෝරගන්න වෙයි. මෙහෙම ගියොත් මම ලියපු අත් පිටපත කැපිලම යයි ජවනිකා දෙක තුනක් වත් මගෙ පිටපතෙන් උපුටා ගන්නෙ නැතුව.
මගුල් හැට්ටෙ මිම්මටම හැට්ට මහල. ඉස්කෝලෙට ඔසරි ඇඳලා පුරුදු වෙලා නිසා මට ඉක්මණට ඇඳගන්න පුලුවන් වුණා. මම ඔසරි පොටට කටුව ගහන්නෙ හැම දාම අම්ම ළඟට ගිහිල්ලා. මම කටුවත් අරගෙන ඔසරි පොට අල්ලගෙන පහළට බැස්සා. හිනි පෙළ පාමුල නන්දිමිත්‍ර යෝදයා.
" මේ කටුව ගහනවද, ප්ලීස්" මම පින්සෙණ්ඩු වුණා, හැබැයි ටිකක්.
" අන්න අක්ක එයාගෙ කාමරේ. ගිහින් එයාට කියන්න"
මහත දෙතොල් වල උපහාස හිනාවක් වගෙ එකක් ඇඳිල මැකිල ගියා, හොරෙන් වගෙ. ඒකටත් මේ මනුස්සය ලැජ්ජද? ලැජ්ජාවද, මහන්තත්ත කමද?
" හා...ඔන්න, අළුත ගෙනා මනමාලිත් එනවා, දානෙට සම්මදම් වෙන්ට"
ඒ මගෙ ආදරණීය නැන්දම්ම. පොඩි අක්ක සෝදමින් හිටිය ගොටු කොළ වට්ටිය දිහවට මාව යොමු කළා.
" අළුත් මනමාලිගෙන් ගොටුකොළ සම්බෝලෙ, මල්ලිගෙ සුදු මැණිකෙට මම ලකුණු දෙන්නෙ පලා ලියන හැටිය බලලා."
මට බිම ඉඳ ගෙන පලා ලියන්න බැහැ. අනික පලා හීනියට ලියන්නත් බැහැ. නැහැ, බැහැ කියන්න පුළුවන්ද මේ නැපෝලියන් අධිරාජයන් රොත්තට.
" අක්කෙ, මට ලෑල්ලක් දෙනවද, පලා ටික ලියන්න."
"ඔය බංකුව තියෙන්නෙ. ඒකෙ වාඩිවෙලා අර මන්නෙන් ලියන්ට"
පළවෙනි පරීක්ෂණයෙන් අසමත් වෙන බව දැන් නම් හිත කියනව. කවි ලියන්ට, ගීත ලියන්ට, කතා ලියන්ට පුළුවන් වුනාට මැල්ලුම් ලියන්ට දන්නෙ නැහැ කියල මට කියන්න පුළුවන්ද? අපේ ගෙදරදි මම කිසිම වැඩක් කළේ නැහැ, කුස්සියෙ. අතට පයට වැඩ කාරයො හිටියා කියලා දැන් කියන්නද? මම ඒ ගොල්ලන්ට වැඩ කාරයො නොකීවත් එහෙම නෙ ජන වහරෙ කියන්නෙ.
හිත හොඳ නම් දෙයියො බලනව කියල අපෙ අත්තම්ම කිව්ව එක ඇත්ත බව ඔන්න එතකොටම සනාථ වුණා. දානෙට උදව්වට කියල තේ වත්තෙ දළු කඩන ප්‍රේමවතීව සක්‍ර දෙයියො එවල, මට පිහිට වෙන්න. පඬුපුල් අසුන උණුවෙන්න තරම් මගෙ හිතේ ගින්දර ඇවිලිලා, මටත් නොදැනිම.
" අප්පේ...මේ සුදු හාමුට කියල වැඩ ගන්න හොඳයිද? ඔය ලස්සන රෝස පාට ඇඟිලි වල ගොටුකොල කහට ගෑවුණාම සුද්ද කරන්න දෙහි මඬු සීයක් ගෑවත් බැරි වෙයි. "
ප්‍රේමවතීට කවුරුත් විරුද්ධ වුණෙ නැහැ.
"හා...ඔයා එහෙනං ගිහින් පිරිකර ලෑස්ති කරන්ට, මල්ලිත් එක්ක"
මම විසිත්ත කාමරයට ඉගිල්ලුණා හිතෙන්, ඒත් දෙපයින් හෙමිහිට පියවර මැන්නා. කළුවර කවිච්චිය උඩ ඉඳගෙන නන්දි පිරිකර භාණ්ඩ කඩදාසි බෑග් වලට දමනව.
"කුස්සියෙ වැඩ ඉවරද?" ප්‍රශ්නම විතරයි නෙ, මේ ගෙදර මිනිස්සු අහන්නෙ.
" පොඩි අක්ක කිව්ව ඔයාට උදව් වෙන්න කියල" මම නිදහසට කරුණු කියනවා.
හුරතල් වෙන්න මයි, මගෙ හිත දඟලන්නෙ. මම ඇස් වලින් රස කතාවක් ගොතල කියන්න උත්සාහ කළා. එයා මගෙ ඇස් දෙක දිහා කෙලින් බලන්නෙම නැහැ. ඉතින් කොහොමද මගෙ ඇස් කියවන්නෙ? මගෙ ඇස් කියවන්න බැරි මනුස්සය අර කොහෙදෝ ගුහාවක හැංගිලා, තනිව ගමන් යනවයි කියන හිත නම් කොහොමට වත් කියව ගන්න එකක් නැහැ, කවදාවත්ම.
මහ බඹාටත් වරදිනව ඇති නෙ, සමහර වෙලාවලට. මේකත් එහෙම ලොකු වැරැද්දක් වුණු එකක් වෙයිද? පිස්සු විකාර මටත්. සතියක් වත් යන්න ඉස්සර එහෙම හිතන්න පුළුවන්ද? අප්පච්චි කිව්වෙ නන්දි හැදිච්ච, නිවිච්ච දරුවෙක් කියල. හැම දාම නිවිලා හිටියොත් ඉතින් එයා තනියෙම නිවන් දකියි. මම සසර කතර අතරමං වෙයි.
මල් කම්, ලිය කම් යොදල වර්ණවත්ව අපි දෙන්නගෙ දෑත් එකතු කරල වියන්නට හිතපු ජීවිතය, අධිවේගී යන්ත්‍රයකට ඔබල වියාවිද මේ සේරම එකතු වෙලා කියල මට හිතෙනවා. කළුවර කවිච්චියෙ කොටල තියෙන පලා පෙති, අන්නාසි මල් දිගේ මගෙ ඇඟිලි දුවනව. ඒවට හිතෙන්නෙ නන්දිගෙ ඇඟිලි වල පැටලෙන්න ඇත්නම් හොඳයි කියල. ඇඟිලි වලට කතා කරල කියන්න බැහැ වගෙම මොනවද හිතන්නෙ කියලා, මමත් නිහඬවම ලී කැටයමේ මල් පෙති අතර ආදරය හෙව්වා.
" තවම ඔය නිය පොතු කැපුවෙ නැද්ද? මම කිව්ව නේද නියපොතු කපල ඔය ක්‍යුටෙක්ස් පිහිදල දමන්න කියල"
මාව එක පාරටම උඩ වීසි කරල පයින් ගැහුව වගෙ වුණා. මල්ලි කියන 'පෙනල්ටි කික්' එකක් වගෙ. මාව ගොලු වෙනව දවසින් දවස. අප්පච්චි පඩි ගත්තම මගෙන් අහනව, මම වැඩි විය පැමිණිල නාවපු දවසෙ ඉඳලම,
" සුදු අම්මි...ඔයාට ක්‍යුටෙක්ස් ඕනිද පුතේ" කියල.
අප්පච්චියි, අම්මයි මට ආදරේට එකේක වෙලාවට එක එක නම් කියනව. සුදු අම්මි, සුදු මැණික, දෝනි කොටේ, සාදු මැණික...රාන් කිරිල්ලි...ඒ ආදරේ ඉතින් ආයෙ කාගෙන් ලබන්නද මේ ගෙදරදි. අපේ ගෙදරම යන්න ඔනි, එහෙම හුරතල් වෙන්න.
"දැන් පන්සලටත් යන්න තියෙනව. යන්න කාමරේට ගිහින් නියපොතු වල පාට ඇරල කපා ගෙන එන්න"
නන්දිමිත්‍ර යෝදයා දුටුගැමුණු රජ්ජුරුවන්ටත් වඩා බලවතෙක්ව ඉන්න ඇති.
'ස්වාමිනී, මා ඔබේ පාද පරි චාරිකා" ගීතය ගයන සුවච, කීකරු භාරියාව උඩු මහලට පිය මනිනවා. උඩු මහල එක් ටැම් ගෙයක් වෙයිද කියල දඩබ්බරී මගෙන් අහනවා. මගෙ ලඟ උත්තර නැහැ. ප්‍රශ්නම විතරයි.
මම 'පෙම්බර මධු' චිත්‍රපටියෙ සින්දුවක් ගැන සිහින මැව්වා.....මගෙ ජීවිතෙත් එහෙම වේවි කියලා. ඒක බොළඳ සිතුවිල්ලක් තමයි. අවුරුදු විස්සක කෙල්ලෙකුගෙ සිතක් බොළඳ නැතුව පරිණත වෙනවයැ.
'වඩාලා දෝත පුරා
පරෙවි කිරිල්ලිය සේ...' ? ? ? ?
(තවත් කෑල්ලක් ලියා ගෙන ආයෙම එන්නම්)

Labels: පෙම් කතන්දර 9 ක් අදහස් දක්වලා.
Sunday, September 27, 2009
හිත දැක්කොත් අරන් තියන්න.
ලිව්වේ Akkandi හරියටම 5:07 PM Sunday, September 27, 2009
මතක පොතේ පිටු පෙරලෙන්නෙ මගෙ අතින් නෙවෙයි, සුළඟට. අකීකරු සුළඟ මම කියන කිසි දෙයකට එකඟ වෙන්න කැමති නැතුව වගෙ. පෙරලිලා පෙරලිලා කොතැනක හරි නවතින්නෙ නැතුවයැ. සීතල ගතියක් වෙනුවට සුලං පහරට ඇඟේ වදින්නෙ උණුසුම් පවනැලි. හිතට ආස්වාදයක් කොහෙත්ම අර ගෙන එන්නෙ නැහැ. දන්න කියන උදවිය කොයි තරමක් කිව්වත් ධනාත්මකව හිතන්න කියල අෂ්ට ලෝක ධර්මය අනුව සෘණාත්මක සිතුවිලි වලිනුත් හිත පිරෙන වෙලාවල් අනන්තයි. එහෙම වෙනවට මගෙ කිසිම කැමැත්තක් නැති වුණත් යතාර්ථයෙන් ගැලවෙන්න එහෙමත් නැත්නම් සමාජ සත්තාවන්ගෙන් මම ගැලවෙන්නෙ කොහොමද?
ටයිම් මැෂින් එකට නැග්ගත් මිනිත්තු කටුවත් පැය කටුවත් දෙපැත්තට කරකැවෙනව, එක අතකට දුවන්නෙ නැතුව. මගෙ ඔලුව විතරක් නෙවෙයි, චිත්ත චෛතසිකයන් සේරම භ්‍රමණය වෙනව විතරයි මට දැනෙන්නෙ. ඔලුවත් එක්කම හිත එක තැනකට ගන්න මම ඇස් දෙකපියා ගත්ත. අනේ! පින් සිද්ද වෙයි..කවුරුවත් එන්න නම් එපා හිත් අහසට...සඳ..තරු හෝ හිරු වෙලා. තරුත් වල්ගා තරු වෙලා. හඳ ගිනි අරන් ඇවිලෙනවා. ඉර සුදුම සුදු හිම ගුලියක් වෙලා පිනි කඳුලු හෙළන්නෙත් මගෙ ඇස් දෙකටමයි.
මේ දවස් වල ස්වයං වර සමය ඇවිත්....අම්මයි, පුංචියි මගෙ සිරුර වටේට ඔසරියක් ඔතනව. බෝරිච්චි අත් හැට්ටෙ ඇඟට අලිලාම ඉන්නව, අල්මාරියට ගිහින් විවේක ගන්න නොහිතම. කනප්පුවට වෙල අමුත්තන් පිළි ගන්න බුලත් තට්ටුවත් හැ මතිස්සෙම මගෙ අත් දෙකේ පහසට ආසා හිතිලද කොහෙද?
බණ්ඩ සතියකට දෙවරක් වත් ගඩොල් කුඩු,කාමරංග දමල බුලත් තට්ටුවට වද දෙනව...පිත්තල හිනාව ඔප මට්ටම් කරන්න.
අද එන්නෙ තුන්වැන්නා...දොස්තර පැටියෙක්.. බුලත් තට්ටුවෙ තියෙන බුලත් කොළවලට හරි, මගෙ ඔසරි හැට්ට වලට හරි තෝරගන්න පුළුවන් වෙයිද, මගෙ ජීවිත සහකාරයා හෝ මගෙ නලලෙ කෙටූ එක්කෙනාව.
ඒකත් පාප කරුමයක් කියල මුල් දවස් වලදි හිතුණත් ස්වයංවර සාමාන්‍යකරණය වුණා, ටික කලක් යන කොට. ස්වයං වර කියන්නත් බැහැ මේ කෙහෙල්මල් විකාර වලට...නැත්නම් මේ සම්මුඛ පරීක්ෂණ වලට .මොකද..? මගෙ කැමැත්ත නිකන් බොරුවට විමසන එකක් විතරමයි. මුල්ම ප්‍රමුඛතාවය කේන්දර....කේන්දර බලල ගැලපෙනව නම් විතරයි, බලන්න එන්නෙ. බිම බලාගෙන යන්න කියල පුංචි කියනව. කොහොමද මගෙ අකීකරු ඇස් රතු
සිමෙන්තිය කියවන්නෙ, ඒකෙ මොකුත්ම ලියවෙලා නැතුව?
ඉන්ද්‍රයියගෙ, තරිඳුගෙ, සචින් අයියගෙ ඇස් කියවන්න උත්සාහ කරපු මම....තරිඳුගෙ ඇස්වල සොඳුරු කතන්දරත් එක්ක ආදර කවි මුතු අමුණපු මම... රූකඩයක් කරල නටවනව වගෙයි, මට දැනෙන්නෙ. අම්මගෙයි, අප්පච්චිගෙයි අත්වල රූකඩයෙ නූල් ගැට ගහල.
ඉන්ද්‍රයියා වෙන් වෙලා ගිය හැටි තවමත් මතකයෙන් මැකිලා ගිහින් නැහැ. ඉරේසරයක් අරගෙන මකල දමන්න පුළුවන්ද, නැත්නම් ඩිලීට් යතුර ඔබල ඩිලීට්කරල දමන්න පුළුවන්ද, හා හපුරා කියලා හිතේ පිපිච්ච කුළුඳුල් ප්‍රේමය?
බැද්දගානෙ පුංචිලගෙ ගෙදර ඉඳල ඇවිත් මාව 138 බස් එකට නග්ගල, ඉන්ද්‍රයියා බෝ ගස් හෙවනෙ ඉඳන් මගෙ දිහාවෙ බලාන හිටිය හැටි මට තවමත් මතකයි. අර ඉස්සර නව කතාවල තිබුණා වගෙ...ඉන්ද්‍රයියා පුංචිම පුංචි කළු තිතක් වෙල නොපෙනී යනකල් මම බලාන හිටියා, බස් එක ඉදිරියට ඇද්දෙද්දිත්.
මම එයාට කිව්වෙ නැහැ මගෙ තීරණය. මට කොහොමටත් හිත හදා ගන්න බැරිවුණා....අම්මවයි,අප්පච්චිවයි දමල එයත් එක්ක ජර්මනියට ඉගිල්ලෙන්න නම්. කොහොමද දෙයියනේ..එහෙම කරන්නෙ...? ඉන්ද්‍රයියා මාව මග හරින්න හිතා ගෙනම එහෙම ඉල්ලීමක් කළාද? නැත්නම් මට අවංකවම ආදරේ නිසා මාව මගෙ පවුලෙන් ඈත් කරල එයා සතු කර ගන්න හිතුවද?
මට කිසිම දෙයක් හිතා ගන්න බැහැ. කාගෙ හරි ආදරයක් හෑල්ලු කරල පූර්ව නිගමන වලට එලැඹිලා ඇති පලේ මොකද්ද? මම කිව්වෙ, පස්සෙ එන්න බලන්නම් කියලා. එයා එහෙ ගිහින් ස්ථාවර වුණාට පස්සෙ. එයාගෙ හිත රිද්දන්න මට හිතුණෙ නැහැ, කෙලින්ම බැහැ කියල. කාලය සියලු ප්‍රශ්න වලට පිළියම් යොදල, තුවාල වුණු සිත් වුණත් පිරියම් කරනව නෙ. මගෙ හිතේ සම්ප්‍රදායිකා මාව අස්වැසුවා, ඔලුව අත ගාමින්.
ඉන්ද්‍රයියා මට දිග ලියුමක් එවල තිබුණා, ජර්මනියට යන්න ඉස්සරින්. එයා මාව චිත්‍රයට නගල තිබුණා, ඒ ලිපියෙ අන්තිම පිටුවෙ. නාට්‍යය ඉවර වෙලා මම ඒ ගොල්ලො ලඟට ආපු විලාශය තමයි, ඒ වර්ණ සිතුවමේ ජීවමාන කරල තිබුණෙ. මම ඇඳගෙන හිටිය ලා නිල් පාට ඔසරිය....අත් බෝරිච්චි හැට්ටෙ විතරක් නෙවේ, සුදු පාට ගල් පිරුණ පත්තෑයෙකුගෙ හැඩය ගත්තු සාරි කටුවත් එයා ඇඳල තිබුණා. මගෙ පපුව හෝස් ගාල පත්තුවුණා, ඒක දැක්කම. අම්මයි, අප්පච්චියි ඇවිත් බස බස ගාල හෙලපු කඳුලු පණිට්ටු, හෝස් ගාලා ඇවිලුණු හිතේ ගිනි දළු නිවල දැම්ම අපූරුවට.
සරසවි යුගය ඉවර වෙනකල්ම තරිඳුයි,මමයි රන්ඩු නොවී..කුරුල්ලයි, කිරිල්ලියි වගෙ ආදර ලෝකයක හිටියා,සතුරු බල වේග වලට අහු වෙන්නෙ නතුව. මගෙ කවි, කතා ලියන පුරුද්දත් වැඩි වුණා.
දවසක් තරිඳු මගෙ කවියක් දැකල, කවියක් ලිව්ව...බෝල් පොයින්ට් පෑනකින් මගෙ අත්ල දිගට.
' ඔබේ දඟ කරන දෑසට
මසිත නතු වූයේ
එහි දිලෙන නිල්ලට නොව
දුක් විඳින අය වෙනුවෙන්
හෙලන්නට
එහි කඳුළක්
ඇති නිසාය'
සරසවි ජීවිතය අවසාන පිටු පෙරලෙන දවස් වල තරිඳුට මම අනන්තවත් පෙරැත්ත කළේ අපේ ගෙදර ඇවිත් අප්පච්චිට මේ ගැන කියන්න කියලා. එහෙත් එහෙම දවසකට හිර උදා කර ගන්නට එයාට පුළුවන් වුණේ නැත්තෙ ඇයි, අද වෙන කල්ම. අප්පච්චිල එයාට අකමැති වෙන්න හේතුවක් නැහැ, කරුණු එකින් එක සසඳල බැලුවොත්. උඩරට, ගොවි කුල, බෞද්ධ, උපාධිධාරි, රජයේ රැකියාව කරන...ඔය පෙල ගස්සල තියෙන ඊනියා සුදුසුකම් කියන සම්මත ලැයිස්තුවට එයාව හොඳටම ගැල පෙනවා. එයා ආව නම් මම මේ බුලත් තට්ටු වඩම්මගෙන පාදපරිචාරිකා පරීක්ෂණ වලට සහභාගි වෙන්නෙ නැහැ නෙ.
මට හිතෙනව, අර සමහර චිත්‍රපටි වල වගෙ..මම බිම බලාගෙන ගිහින් එහෙම නැත්නම් බුලත් තට්ටුවෙ ඇස් අලවගෙන ගිහින් ඒක පිළිගන්වන කොට තරීදු මගෙන් බුලත් තට්ටුව ගනීවි කියල...ඒත් ඒ සිතුවිල හීනයක්ම වුනා, මම ජය මංගල ගීත එක්ක කන් අඩි පැලෙන මඟුල් බෙර හඬ මැද්දෙ පෝරුවෙ ඇඟිලි ගැට ගහන කල්ම.
දෙතොල් වලට කොහෙත්ම එන්න අකැමති සිනහවක් මම කොහොමද උලා ගන්නෙ, බොරුවට. මනමාලයගෙ නම් සතුට ඔය දෝර ගලන්නෙ ඉහින් කණින්. කෘත්‍රිම හිනාවක් බොරුවට පිපෙන්න ඇරිය, බේරෙන්න බැරිම තැන අම්මගෙන්.
සරලා විතරමයි සරසවියෙ කට්ටියෙන් මගුල් ගෙදර ආවෙ. මම ආරාධනා පත්‍ර යැව්ව, කිට්ටුවන්ත ඔක්කොටම.
බොරුවට පිපිච්ච හිනාව කඩා හැලෙන්න ගත්ත, වක්කඩක් වගෙ ගෙදරින් එලියට බහින්න කියල බුලත් දෙන කොට....මුරුගසන් වරුසාව...කඩා හැලෙනව...නන්නාඳුනන කෙනෙක් එක්ක තනියෙම ජීවිතේ පටන් ගන්න තිබුණු බය වැහි වතුරත් එක්කම කම්මුල් දිගේ ගලා හැලෙනව. තරිඳු වගේ ලේන්සුවක් දුන්නෙ නැහැ, දැන් මොහොතකට ඉස්සර වාක්‍යයක් කියවල..අත්සන් කරල සාක්ෂිත් ඇතුවම මාව බාර ගත්තු මගෙ මනමාල මහත්තයා. අඩුම තරමෙන් හිතට පවන් සලන වචනයක්...ආදරය පිරුණ බැල්මක්. මොන ගොබිලෙක්ද?
මගෙ හිත තැලිල, ඉරි තැලිල, පුපුරල ටිකෙන් ටික කඳුලු එක්කම කඩා වැටෙනව මට දැනුණා, පොළවටම. මට ආදරය කරපු කවුරුවත්ම නැහැ, බිමට වැටුණු මගෙ හිත අහුලගන්න.
මගෙ හිත මහ ගෙදර සල්ගහ පාමුල, බිම වැටුණු සල් මලකට හේත්තු කරල මම කාර් එකට ගොඩ වුණා. අම්මයි,අප්පච්චියි මගෙ හිත දැක්කොත් අරන් තියාවි කියල දඩබ්බරී කිව්ව. සම්ප්‍රදායිකාටත් අද නම් දුක හිතිලා. සේරම එකට එකතු වෙලා.....කඳුලු මල් පොට්ටු අමදිනව. සිත් මිදුලෙ.

Labels: පෙම් කතන්දර 21 ක් අදහස් දක්වලා.
Sunday, September 20, 2009
මගෙ තීරණ ගන්න ඕනි, මම
ලිව්වේ Akkandi හරියටම 10:17 PM Sunday, September 20, 2009
ඕගොල්ලො කම්මැලි නැතුව එනවද, මාත් එක්ක අර ඔරලෝසු කටුවට නැගල පොඩි රවුමක් යන්න? අද නිවාඩු නේද?
අර බලන්නකො...බැද්දගානේ නැන්දලාගෙ ගෙදර මිදුලෙ පුංචි පොකුණ ලඟ නංගිල දෙන්නත් එක්ක ඉන්ද්‍රයියා මාළුවන්ට කෑම දමනවා. නැන්දා කිව්ව, එයාට තේ ගිහින් දෙන්න කියලා. නංගිලාටත් එන්න කියන්න කියලත් කිව්වා, පංති යන්න ලැහැස්ති වෙන්න. මට ප්‍රශ්න වලින් පැනල යන්න බැරි බව මම තේරුම් අර ගෙන හිටියා වුණත් ඉන්ද්‍රයියගෙ මෙ ගහෙන් ගෙඩි එන තීරණ ගැනීම් ගැන නම් මගෙ කිසිම පැහැදීමක් නැහැ. මම හුදෙකලා ජීවිතයක් ගත කරන කෙනෙක් නොවෙන බව එයා තේරුම් ගන්න ඕනි.
මගෙ ජීවිතෙත් එක්ක අම්ම, අප්පච්චි, මල්ලි, නංගි සේරෝම බද්ධ වෙලා ඉන්නෙ. පෙකනි වැල කපපු නැති නිවුන් දරුවො වගෙ. අවුරුදු ගණනක් කොහෙදෝ ඉඳලා හාංකවිසියක් වත් දන්නෙ නැතුව, වෙන ග්‍රහලෝකෙක ඉඳලා ඇවිත් වගෙ මගෙන් ජර්මනියට යමු කියල අහන එකේ තියෙන සාධාරණත්වය මොකද්ද කියල මට නම් තේරුම් ගන්න බැහැ. අවංකවම මෙයා මට ආදරේද...?
එහෙමත් නැත්නම් මේ සියල්ල යට සැඟවුණු වෙනත් න්‍යාය පත්‍රයක් තියෙනවද? ඉන්ද්‍රයියයට හිත පතුළෙ ගොඩ ගැහිල තියෙන නිමක් නැති ආදරය එයා හොඳාකාරවම දන්න නිසා එයා කියන ඕනිම දෙකට මම 'සුටුස්' ගාලා කැමති වෙයි කියල හිතනව නම් ඒක ලොකු වැරදීමක්. ඕනිම දේකට, විශේෂයෙන් ජීවිතයෙ කඩඉම් වල, සිංහලෙන් කියනව නම් 'බෙන්ච් මාර්ක්ස්' වැටෙන තැන්වල අපි තීන්දු ගන්න ඕනි..දෙවරක් හිතල බලලා කියලයි මට නම් හිතෙන්නෙ. මට එදා හිතුණු දේ අදටත් වලංගුයි.
ඉස්කෝලෙ යන කාලෙ ඉන්ද්‍රයියා ළඟම දැවටි දැවටි හිටිය බොළඳ කෙල්ල දැන් ඊට වඩා ගැඹුරු විදිහට හිතන්න අරගෙන වග එයාට හිතිලා නැතුව ඇති. වයසින් මෝරන කොට නුවණ මෝරන්නෙ නැත්නම් ඉතින් මගෙ මොළ ගෙඩියෙන් තියෙන වැඩේ මොකද්ද? අල ගෙඩියකයි, මගෙ මොල ගෙඩියෙයි වෙනසක් නැහැ නෙ, එතකොට.
ඒ වුණාට මට බය හිතෙන දෙයකුත් තියෙනවා. මගෙ තියෙන ලොකුම දුර්වල කමක් තමයි, කාගෙවත් හිත රිද්දන්න බැරි කමට අහක යන කුණු ඇඟේ දාගෙන දුක් විඳින එක. එහෙම ඇබැද්දියක් වෙන්න නොදී සිහි නුවණින් වැඩ කරන්න මට 'සම්ප්‍රදායිකා' එක්ක 'දඩබ්බරී' උදව් කරන්නෙ නැතැයි.
" ඉන්ද්‍රයියෙ, මෙන්න තේ..."
එයාගෙ මූණේ පොකුණෙ වගෙම මල් පිපිලා. සතුට දෝරෙ ගලනවා. එයාගෙ දිහාවට ආකර්ශනය වෙන්න යන මගෙ හිත් පළුවක් මම මගෙ දිහාවට ඇදල ගන්නවා. දඩබ්බරී ඔය අතරෙ හිත ඇතුලෙන් එලියට පනින්න දඟලනවා.
"මාළුවන්ට කෑම විතරද දාන්නේ...ඇම දැම්මට උන් ගිලින එකක් නැහැ" මම දඩබ්බරීට ටොක්කක් ඇනලා හිත ඇතුළටම රිංගවන්න වෑයම් කළා.
" එන්නකො, සුදු මැනිකෙ...මෙතනින් ඉඳගෙන අපි පොඩ්ඩක් කතා කරමුකො" ඒ ආරාධනයෙන් ගැලවෙන්න නම් බැහැ, කවුරු මොනවා කිව්වත්.
" මොකෝ මලිති නොකියා ඔයත් සුදු මැණිකෙ කියන්න ගත්තෙ?"
" ඉතින් පවුලෙ හැමෝම එහෙම කියන කොට මට පුළුවන්ද පිට කෙනෙක් වගෙ මලිති කියන්න?"
මට සුදු මැණිකෙ කියන කොට එයා මගෙ ජීවිතයට ගොඩක් සමීපයි වගෙ හැඟීමක් ඇතිවෙනව. ඒ හැඟීමට මට බයකුත් හිතෙනවා. ඉන්ද්‍රයියා මගෙ ප්‍රථම ප්‍රේමයට නැවතීමෙ ලකුණක් තිබ්බය කියල මම හිතුවට ඒක කොමාවක් වගෙ විරාම ලකුණක් විතරක්ද? එහෙම නම් ඇයි එයා ඒ බව මේ තරම් කල් මට නොකියා වහන් වෙලා හිටියෙ. ඒකට සමාව දෙන්න පුළුවන්ද? එයා ඒක වරදක් හැටියට දකින්නෙ නැත්තෙ ඇයි?
ප්‍රශ්න ...ප්‍රශ්න...මොන විකාර ප්‍රශ්නද? මිනිස්සුන්ට මීට වඩා කොච්චර නම් බැරෑරුම් ප්‍රශ්න තියෙනවද?
සමහර මිනිස්සුන්ට ඉසට හෙවනක් නැහැ...කුසට අහරක් නැහැ...ගතට වස්ත්‍රයක් නැහැ...අඩුම තරමින් කී දෙනෙක් මූලික අවශ්‍යතා නැතුව ලෝකයේ ඉන්නවද? අපි මේ ප්‍රේම පලහිළව් මහ ලොකු ප්‍රශ්න කර ගෙන අහස පොළව ගැටලන්න හදනවා. එහෙම හිතන එකත් හරි නැහැ...අපේම ජීවිතෙන් අපිට පලා යන්න බැහැ, මේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්නෙ නැතුව. හිත ඔහොමමයි මගෙ. පිල් බෙදිලා වාද කරනවා.
" මම කියපු දේ ගැන හිතුවද ඔයා, බබෝ?"
පොකුණු ගැට්ටෙ හිටිය මාව වතුරට තල්ලු කරන්න වගෙ ගිහින් දෑතින්ම මගෙ උරහිස් දෙක අල්ලගෙන ඉන්ද්‍රයියා මගෙ ඇස් ඇතුළෙ ප්‍රශ්න වලට උත්තර හොයනව. මගෙ ඇස් වලින් එයාට මගෙ හිත කියව ගන්න පුළුවන් වේවිද?
" අනේ..සොරි...ඉන්ද්‍රයියෙ, මම අම්මගෙන් අහල කියන්නද? මට ඉක්මණටම මොකුත් කියන්න බැහැ. මම උපාධිය ඉවර කරන්නෙ නැතුව කොහොමද? මට ටිකක් කල් දෙනවද මේ ගැන හිතල තීරණයක් ගන්න?"
" ඔයා හිතනවද බබා, ඔයා ඩිග්‍රි ගැහුව කියල ඔයාව මම රස්සාවකට යවයි කියලා. මට ඔයාව බලා ගන්න පුළුවන්, ඔයා රස්සාවක් කරේ නැතුවට."
" එතකොට මම ඔයාගෙ සුවච, කීකරු බිරිය වෙලා...ලමයි වදන...ලමයි හදන...රෙදි සෝදන, උයන පිහින මැෂිමක් කරල ගෙදර තියා ගන්නද කල්පනාව? මගෙ දැනුමෙන් ප්‍රයෝජන ගන්න, ලෝකයට යහපතක් කරන්න මට ඉඩ කඩ අවසර දෙන්නෙ නැද්ද"?
මගෙ හිතේ නැගෙන මේ අදහස් වලට සම්ප්‍රදායිකා වැට කඩුළු බඳිනවා. දඩබ්බරී අත උස්සලා එකඟ තාවය පළ කරනවා. තරිඳුගෙ අදහස් මීට වඩා වෙනස්. පරස්පර විරෝධී අදහස් දරන පුද්ගලයො දෙන්නෙකුට මැදිවෙලා, සුදු මැණිකෙව. සුදු මැනිකෙටම මිසක මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න වෙන කාටවත් උදව්වට එන්න බැහැ.
" ළමයො, එහෙ ගියාම ඔයාටත් තව ඉගෙන ගන්න පුළුවන්."
" ඉගෙන ගන්න එක නෙවෙයි ප්‍රශ්නෙ, අයියේ..අම්මලට නොකියා මම කොහොමද එන්නෙ ඔයත් එක්ක...? ඒ ගොල්ලො කොහොමද ගමට රටට මුහුණ දෙන්නෙ? පැනල ගියා කියල කතාවක් හැදුණම මොන තරම් නින්දාවක්ද?"
"මෙයාට පිස්සු. ඉගෙන ගන්න පිට රටකට ශිෂ්‍යත්වයක් ලැබිලා ගියා කිව්වම ඉවරනෙ...ඔය තරම් ලොකුවට ඕවා හිතන්න එපා. මිනිස්සුන්ට සති හයක් යනකොට සේරම අමතක වෙනවා."
"මිනිස්සුන්ට අමතක වෙන්න පුළුවන්. ඒත් අම්මල අප්පච්චිලට දැනෙන හිත් වේදනාව ගැන ඔයාට හිතන්න බැරිද?"
" ඇයි, අම්මයි, අප්පච්චියි මිනිස්සු නෙවයිද? වෙන සත්ව කොට්ඨාසයක්ද?"
"ඉන්ද්‍රයියෙ..."
මට එතැනින් එහාට කිසිම දෙයක් කියන්න ඕනි වුණේ නැහැ... ඒ වගෙ අදහස් දරන හිතක් එක්ක මොකට වාද කරනවද? උසස් පෙල පංතියෙදිත් මට සමහර විට එයා ප්‍රකාශ කළ අදහස් මතක් වුණා. මම අනෙක් පිරිමි ළමයි එක්ක, සර්ලා එක්ක වැඩිය කතා කරනවට, විහිළු තහළු කරනවට එයා කැමති වුණෙ නැහැ.
එයා මට දවසක් වික්ටර් රත්නායකගෙ, 'සඟවා ගනු මැන සොඳුරියෙ ඔබ වත..අන් කිසිවෙකු ඔබෙ මුව මත ගැටෙතැයි මා සිත බිය වී සැලී සැලී යයි' ගීතය ලියල දුන්නෙ එයාගෙ අදහස් නිරාවරණය කරන්නද කියලා මට හිතුණා.
" පිට රටකට යන්න ලැබෙනව කියන එක හැමෝටම ලැබෙන වාසනාවක් නෙවෙයි, මලිති. අම්මලාව පස්සෙ ෂේප් කරගන්න පුළුවන්. ඔයා කැමති නං සේරම වැඩ මට සතියකින් කර ගන්න පුළුවන්."
" මට ටිකක් කල් ඕනි අයියෙ, ප්ලීස්. ඔයා යන්න ඉස්සරින්. පස්සෙ බලමුකො. මට එන්න වාසනාව තියෙනව නම් කාටවත්ම ඒක වළක්වන්න බැහැ නෙ?"
" ඔයා තරහ ඇති මම එක පාරටම කඩා වැටිල මෙහෙම කියනවට. මට වෙන ක්‍රමයක් තිබුණෙ නැහැ. අපෙත් අප්පුච්චා කැමති නැතුවයි මම මේ තීරණය ගන්නෙ. ඒ කියන්නෙ ඔයත් එක්ක එකතු වෙනවට.. එයාල කැමති නැහැ, ඔයා කතික තරඟ වලටයි, නාට්‍යය වලටයි ස්ටේජ් වල නැගල කරන දේ වලට. වේදිකා උඩ නගින එක උඩරට, හොඳ පවුල් වල ගැහැණු ළමයින්ට වටින්නෙ නැති දේවල් හැටියටයි අපේ අම්මිල, අපුච්චල දකින්නෙ"
එහෙම නම් ඉතින් මම කොහොමටත් ඔය පවුලට ගැලපෙන එකක් නැහැ කියල මට කියන්න හිතෙනව. ඒත් මොකටද එයාගෙ හිත රිදවන්නෙ? නැන්දා එතැනට ආවෙ ගැලවුම් කාරයෙක් වගෙ.
"දෙන්නම උදේට කාලා ඉන්නකො. හැම ප්‍රශ්නෙකටම විසඳුමක් තියෙනවා."
මගෙ විසඳුම මම හිතල ඉවරයි. කියලත් ඉවරයි. ඉන්ද්‍රයියට ජය පතල සමු ගන්න ඕනි කියල කියන මගෙ හිත වැරදිද නිවැරදිද කියල මට නම් තේරුම් ගන්න බැහැ.
මේක මගෙ ජීවිතය. වැරදුණත් හරි වුණත් මගෙ තීරණ මමම ගන්න ඕනි, විඳවන්නෙ හෝ අඬන්නෙ හෝ හිනා වෙන්නෙ මම නේ.

Labels: පෙම් කතන්දර 8 ක් අදහස් දක්වලා.
Subscribe to:
Posts (Atom)