ධම්මදින්නා භික්ෂුණිය පැවසූ යම් දෙයක් මට සිහිපත් වෙනවා.
" දැන් මේ පොත මගෙ නෙවෙයි.."
" දැන් මේ පොත මගෙ නෙවෙයි.."
ඒක මොනතරම් ඇත්තක්ද? කිසිම දෙයක් මගේය කියල අපිට හිතන්න හැකි කමක් තියෙන්වද? මමවත් මගේ නොවෙන කොට මම වෙන කාගෙවත් වෙන්නෙ කොහොමද? සින්න කර ගැනීම, භුක්තියට සවි කර ගැනීම වගෙ හැඟීම් වලින් අපිට මිදෙන්න පුළුවන් නම් මොන තරම් අගෙයිද? මලිති නම් ඒ ක්ලේශ කටුව කඩා බිඳ දමල එයින් ගැලවෙන්න උත්සාහ කරනවා. ඒත් ගිහි ගෙයි රාහුලයන් නිසා මට තවම ඒවයින් අත් මිදෙන්න පුළුවන් කමක් නැහැ.
ලා නිල් පාට කවරයක් දැමූ ඇගේ පොත මම එහෙන් මෙහෙන් කියෙව්වාට ඈ යොදා ඇති ව්‍යංගාර්ථයන් එහෙම හරියට වැටෞණෙ නැහැ වගෙ. එනිසයි මම හිතුවෙ මේ පොත ඔයාලටත් ඇහෙන්න හෙමින් සීරුවෙ කියවන්න ඕනි කියලා.
'සඳ, සඳ නොවෙයි'
මලිති නුගලියද්ද
නිල් පැහැති මුල පිටුව පෙරලූ මට දෙවෙනි පිටුවේ වුඑ ලොකු අකුර්න් ලියා තිබූ අකුරු පේලි දෙකෙහි ඇස ගැටුණා. මගෙ කිට්ටු වන්තම යෙහෙළියකගෙ ජීවිතය කියවද්දි මගෙ විචාරාත්මක අදහස් හෝ විවේචන් එයට් ඇතුළත් කලොත් එය ඔබගේ කියවීමට බාධාවක් වේවි ඒකාන්තයෑන්ම. පණ්ඩිත වැඩ නොකර මම ඔබලාගේ හිත සුව පිණිස එහෙම නම් පොත කියවීමේ යෙදෙන්නම්.
* * * * * * * * * * * * * *
පෙර වදන
කොටස් ලෙසින් පළවූ මලිතිගෙ කතාව කියවූ ඔබව පොළොන්නරුවෙන් එක් වරම ගෙන ගොස් අගනුවර 'දැඩි සත්කාර ඒකකයට' මා දැමුවේ හිතා මතාය.
මගේ හිතද ඒ තරමටම අවුලක පැටලී තිබීම එක හේතුවක් වූ නමුදු අවුල ලිහන්නට නම් මුලින් සියලූ ගැට සොයා ගත යුතුය.දෙවනුව එම ගැට හරියාකාරව හඳුනා ගත යුතුය. එසේම කල් දමමින් නොඉඳ එම ගැටලු ලිහන්නට කොතැනින් හෝ ඇරඹිය යුතුය.මේ මතයේ මම එල්බ ගෙන සිටි නිසාම වහ වහා එම ගැට ලිහන්නට උත්සුක වූවද ලෝක ස්ව්භාවය අනුව ලිහූ ගැට පවා යලි ගැට ගැසෙත හැකිය යන්නද මම අමතක නොකළෙමි.
ඒ අවබෝධයෙන් යුතුව ජීවිතය විනිවිද දකින්නට මා කළ මේ උත්සාහය කිසිවෙකුටත් දෝෂාරෝපණයක් හෝ චොදනා කිරීමක්ද නොවන අතර මෙය කියවීමෙන් තවත් අතලොස්සක් හෝ සිය බිරින්දාවරුන්ට ගරුත්වයෙන් යුතුව, ඇය දරන මාතෲත්වයට පූර්ණ සැලකිලි දක්වාවි යැයි අපේක්ෂා කරමි. එය එසේ වී නම් මේ කතාවෙන් මා පතන මූලික පරමාර්ථය ඉටු වෙනු ඇත.
පවුල් ජිවිතයක සිහින දකින සියලු යුවතියන්ගේ සිහින මගේ සිහින මෙන් බිඳ නොවැටී සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායයි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමි.
කතුවරිය
(මතු සබැඳේ)
1 ක් අදහස් දක්වලා.:
ඉකමනින්ම ඉතුරු ටික ලියන්න අක්කේ... :)
Post a Comment