'ෆේස් බුක්' මිතුරු දම් හොඳ වෙන්නත් පුළුවන්,නරක අතට පෙරලෙන්නත් පුළුවන්. ඒ නිසා යම් යම් සීමාවන් තබාගෙන විචාර බුද්ධියෙන් ඇසුරු කළොත් කාටත් යහපත්. මම මෙහෙම කියන්න් එකතරා කතාවක් ඔබ හමුවේ තබන්නයි. මූණු පොතෙන් වෙච්ච අපරාධ ලෝකය පුරහම එක එක රට වලින් වාර්තා වෙලා තියෙනව. අද 'ගල්ෆ් නිව්ස්' පුවත් පතෙහි පළවී තිබුණු කතාවක් කියෙව්වහම මට හිතුණ, එම පුවත් පත් සටහන ලංකාවේ බොහෝ දෙනෙකුගේ දැන ගැනීම පිණිස මගේ බ්ලොග් අඩවියේ සටහන් කර තබන්න.
ඇය පිලිපීන් ජාතික 31 හැවිරිදි තරුණියක්. නමකුත් තියමුකො....එලීනා කියල. (නම බොරු වුණාට, කතාව ඇත්ත.) යහළු යෙහෙළියොත් ගොඩක් එහි හිටියා. ඇය වැඩිපුරම හිටියෙ පිලිපීන යහළු යෙහෙළියන්. මොකද සිය රටේ උදවිය තමන්ව කරදරයක දමන්නෙ නැහැ කියන විශ්වාසය ඇය තුළ තිබුණු නිසා. ඇය 'ෆේස් බුක්' යහළු යෙහෙළියන් මගින් රැකියාවක් සොයා ගන්න නිතර උත්සහ කළා. මැද පෙරදිග රටකට ගියොත් වෙළඳ සේවිකාවක් ලෙස සේවය කරන්නට ඇත්නම් සැපවත් ජීවිතයක් ගත් කළ හැකි යයි හිතුවා. ඒ වගෙම ඒක ඇයගේ සිතේ නිතර ඇඳී රඟ ඩ්ගැක්වෙන සිහිනයක් බවට පත් වුණා. අරාබි රටවල් වල සේවය කරන පිලිපීන කාන්තාවන් කිහිප දෙනෙක්ම ඇයගේ මිතුරු ලැයිස්තුවේ හිටියා. දවසක් 'ෆේස් බුක්' ප්‍රොෆයිලය විවෘත කළහම ඇයට සිය දෙනෙත් අදහා ගන්න බැරි තරමට පුදුමයි. ඩුබායි රටේ සේවය කරන පිලිපීන මිතුරියක් ඇයට පණිවිඩයක් එවලා. ඇය මේ මිතුරියව කවදාවත් දැකලා නැහැ. හොඳින් හඳුනන්නෙත් නැහැ. ඒත් එලීනා මේ මිතුරියට ගොඩක්ම සමීප වෙලයි හිටියෙ ඒ වෙන විට. ඉතින් ඇගෙන් ලැබිලා තිබුණු පණිවිඩය ඇගේ සිහිනය සැබෑ කරවන්නක් කියල එලීනට හිතුණා.
වෙළඳ සේවිකාවක් හැටියට ඩුබායි එන්න කැමති නම් ඇයට වීසා හදලා දෙන්න පුළුවන් වග එම පණිවිඩයේ සටහන් කර තිබුණා.
හිතේ සතුට උහුලා ගන්න බැරිව ඇය පවුලේ අයටත් මේ බව සැල කර හිටියා. ඇය වහාම ඇයගේ එෆ්.බී. මිතුරිය වන කැතරීන්ට පිළිතුරු පණිවිඩයක් ලිව්ව. වීසා හ්දලා දෙන්න කැතරීන්ට පුළුවන්න් නම් ඇය ගුවන් ටිකට් පතක් කෙසේ හෝ මිළට ගෙන එන්නම් කියා. එලේනා හිතුවේ ගුවන් ටිකට් පත සඳහා මුදල් ණයට ඥාතියෙකුගෙන් ඉල්ල ගන්නයි. රැකියාව ලැබුණහම එම ණය පහසුවෙන් පියවිය හැකිය කියාත් හිතුවා.
එලීනා ඩුබායි බලා යන ගුවන් යානයට නැග්ගේ දහසක් බලාපොරොතු, ප්‍රාර්ථනා හිත තුළ දළු දමද්දි.
අතේ තිබුණු වීසා පිටපත අත්බෑගයෙන් පිටතට ගත් එලීනා, පෝලිමට එක් වුණේ සැබෑ වීසා කොළය ලබා ගන්න. ඉන්පසුව ඇස් පරීක්ෂාවට. ඇය එතැන සිටි නිලධාරියාගෙ අන පර්දි උපැස් යුවල ගලවා ඉදිරියෙන් වූ කැමරාවක් වැනි උපකරණයට සිය දෙනෙත් යොමු කළා.
"ඕ.කේ"
ඔවුන් වීසාවේ මුද්‍රාවක තබා ඇයට බාගය ගන්න යන්නැයි අතින් සන් කළා.
ඩුබායි ගුවන් තොටුපළෙන් පිටතට එද්දි තමන්ගෙ නම සඳහන් කළ නාම පුවරුවක් රැගෙන පියකරු යුවතියක් හිටියා. ඇය අතේ ලස්සන මල් කලඹකුත් තිබුණා.
'මේ තරම් උණුසුම් පිළිගැනීමක්' එලීනට හිතා ගන්න වත් බහැ.
" ඔයා කැතරීන් ද? මම එලීනා" එලීනා කලබලයෙන් ඒත් ප්‍රසන්නව කීවා. එලීනගෙ දෙකම්මුලට උණුසුම් හාදු සමග දෑතට මල් කළඹත් එක වරටම පිළිගැන්වුණා.
අදින් පස්සෙ ජීවිතය සැපම පමණක් වේවි. සුසුම්, කඳුළු ගල්ෆ් මුහුදෙන් එහාට පා කරල හරින්න ඒ මොහොතෙ එලීනා හිතුවා. ගෙදර අයටත් සැපවත් ජීවිත ලබා දෙන්නට ඇයට පුළුවන් වේවි.
එලීනා කැතරින් ව අනුගමනය කරමින් ටැක්සියකට ගොඩ වුණා. එය නතර වුණේ, විශාල තට්ටු ගොඩනැගිල්ලක් අසල. තට්ටු අටක් ඇය ගොඩනැගිල්ල පාමුල සිට ගණන් කළා. කැතරින් ඉන්පසු එම ගොඩ නැගිල්ලෙ විදුලි සෝපානයේ බොත්තමක් තද කළා. මදක් බලා සිටිද්දි ඔවුන් ඉදිරියෙන් සිටි සෝපානයේ නොව එහායින් වූ සෝපානයක දොර විවෘත වුණා. කැතරින් එලීනාව ඇද ගෙන එම සෝපානයට ඇතුල් වී 4 අංකය එබුවා. ඔවුන් හතරවෙනි තට්ටුවට ළඟා වූ විට විවෘත වූ දොරටුවෙන් කොරිඩෝවකට පිවිසුණා. 425 අංකය සඳහන්ව තිබුණු නිවහනේ දොර තමා ලඟ තිබුණු යතුරකින් ඇර ගෙන කැතරින් එහි පිවිසුණා. එලීනා සුපුරුදු විදිහට ඇයව අනුගමනය කළා. ඇයට පෙන්වූ කමරයට ගිය විගස කැතරීන් ගේ ස්වභාවය වෙනස් වුණා.
" එලීනා, ඔයාගෙ වීසා එකට මට දිරාම් 20,000/ක් විතර ගියා. ඔයාට දෙනව කියපු වෙළඳ සේවික ඇබෑර්තුවට වෙන කෙනෙක් අර ගෙන. හැබැයි..ඔයාට සේවය කරන්න වෙන රැකියාවක් තියෙනවා. වෙන රස්සාවක් ලැබෙන කල් ඔයාට පුළුවන් ලිංගික වෘත්තියේ යෙදෙන්න. ඒක නරක රස්සාවක් නෙවෙයි. හොඳට සල්ලි හොයන්න පුළුවන්. පිලිපීනෙ කට්ටිය ගොඩක් මෙහෙ ඔය රස්සාවත් කරනවා. කාටවත් කියන්න අවශ්‍ය නැහැ."
" අනේ, මට නම් බැහැ. එහෙම දෙයකට නෙවෙයි නෙ මම ආවෙ."
" බැහැ කියල බැහැ. මට වීසා වලට ගිය සල්ලි කොහොම හරි මට දෙන්න ඕනි. වෙන ක්‍රමයක් නැහැ. බොරු ආඩම්බරකම් නැතුව මේක කරපන්" කැතරීන් එලීනාගෙ ගුවන් ගමන් බලපත්‍රය සමග වීසා කොළයද රැගෙන සිය අත බෑගයේ දමා ගත්තේ එලීනාට තරවටු කරමින්.
" මටත් වුණේ ඒ ටිකම තමයි. වෙන මොනව කරන්නද?" කාමරයේම පසෙක වාඩිවී සිටි තවත් පිලිපීන යුවතියක් දුක්මුසුව කීවා.
යුවතියන් දෙදෙනාම කාමරයේ දමා දොරගුළු ලා කැතරින් එතැනින් ඉවතට ගියෙ ඇයගෙඋ ගරු ගාම්භීර කම පෙන්වමින්.
" ඔය ගියෙ කට්ටිය එක්ක ගෙන එන්න. එලියට ගිහින් මිනිස්සුන්ට කෝල් කරයි, දැන්"
එලීනාට මිනිස්සුන් 11 දෙනෙකු සමග යහන් ගත වන්නට සිදුවුණා, කැතරින්ගේ නියමය අනුව. එලීන නිදි නැතුව කල්පනා කළා, මේ උගුලෙන් ගැලවෙන ක්‍රමයක්.
එක් සවස් භාගයක කැතරීන්ට හොඳටම නින්ද ගිහින් තිබුණු වෙලාවක එලීන එතැනින් පිට වී පිලිපීන කොන්ස්‍යුලේට් කාර්යාලයට ගියේ, මගදී හමුවන පිලිපීන ජාතිකයන්ගෙන් මග තොට අසාගෙන.
ඇය සියල්ල නොවළහා නිලධාරීන්ට හෙළිදරව් කළා. ඔවුන් එලීනට ආපසු සිය රටට එන්නට සියල්ල් සූදානම් කලේ ඇයට දැඩි සේ අවවාද කරමින්.
මේ පුවත කියැවූ මට මෙය ෆේස් බුක් හි පළකරන්නට හිතුවෙ, අපේ රටේ වගේම වෙනත් රටවල අයටත් මෙය වැදගත් වෙයි කියල හිතුණු නිසා. පිට රට යන්න දඟලන බොහෝ දෙනෙකු තේරුම් ගත යුතු දෙයක් තමයි, ' දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග' කියන අපේ පුරාණ කියමන් හැමදාටම වලංගු බව.

3 ක් අදහස් දක්වලා.:
/* මදක් බලා සිටිද්දි ඔවුන් ඉදිරියෙන් සිටි සෝපානයේ නොව එහායින් වූ සෝපානයක දොර විවෘත වුණා. කැතරින් එලීනාව ඇද ගෙන එම සෝපානයට ඇතුල් වී 4 අංකය එබුවා. ඔවුන් හතරවෙනි තට්ටුවට ළඟා වූ විට විවෘත වූ දොරටුවෙන් කොරිඩෝවකට පිවිසුණා. 425 අංකය සඳහන්ව තිබුණු නිවහනේ දොර තමා ලඟ තිබුණු යතුරකින් ඇර ගෙන කැතරින් එහි පිවිසුණා.
*/
මේ කතාවට ඒ කොටසේ ඇති වැදගත්කම මොකක්ද?
ඉතාලියටත් ඔහොම ආපු බ්‍රසීල කාන්තාවක් ඔය වෘතියේ යෙදුන හැටි ගැන දවසක් නිවුස් වලට කිවුවා.. මට මතක් උනේ ඒක මේක කියවද්දී..
මූණු පොත (FB) කියන්නේ හොදට හොද , නරකට අන්තිම නරක දෙයක්, මේ දෙකෙන් කොයි එකද කියල තීරණය කරන්න ඕන මූණු පොත පෙරලන කෙනා,
Post a Comment