Thursday, August 20, 2009

ඉරිසියාව

Thursday, August 20, 2009
ඔන්න අද කියන්න යන්නෙ මට ඉන්ද්‍ර නිසා ඉරිසියා හිතුනු කතන්දරයක්. ඊට ඉස්සෙල්ල හොඳයි කියන්න බලන්න ඉන්ද්‍ර කියන වචනෙ තේරුම....කෝ බලන්න..කාටද කියන්න පුලුවන්.

හා....ඔයා දන්නවද? කියන්නකො එහෙ නං...

"දෙදුන්න...!"
ඔයාට එහෙම හිතෙන්න ඇත්තෙ දේදුන්නට ඉන්ද්‍ර චාපය කියල කියන නිසා වෙන්නැති..අනේ නෑ පැටියො.... ඉන්ද්‍ර කියන්නෙ දෙවියන්ට....කවියන්ගෙ අග තැන් පත් නැත්නම් දෙවියො කවීන්ද්‍ර. ඔන්න ඔය කිව්ව වගෙ චාප වල දෙවියා, නැත්නම් අග තැන්පත්... දේදුන්න නිසා , ඒක ඉන්ද්‍ර චාපය වුණා. හරිද? මගෙ ඉන්ද්‍රත් එයා මගෙම වුනෙ නැහැ හැබැයි....ඒවා වැඩක් නැහැ මෙතෙන්ට....

ඔන්න අපේ පළාතෙ නාට්‍ය තරඟ තිබුණා, මම උසස් පෙළ කරන කාලෙත්. මේ කතන්දරේ එන නාට්‍යය වල තේමාව ඓතිහාසික සිද්ධියක් වෙන්න ඕනි කියල තරඟ කොන්දෙසි තිබුණා.........අපි කළේ විජය කුමාරයා ගෙ කතාව.... හොඳයි ඕගොල්ලන්ට පුලුවන්ද කියන්න කවුද කුවේණිට ඇන්දෙ කියල...

ඔව් නේ..මම තමයි කුවේණි..

එත කොට කවුද විජය කුමාරය...

"ඉන්ද්‍ර....."

අන්න වැරදුන තැන. විජයට ගත්තෙ කලා දහරාවෙ අය්ය කෙනෙක්ව..අම්මට සිරි..එය නටනව නිකන් රූ රැසේ අඳිනා ලෙසේ වගෙ.....මගෙ පරිවාර කාන්තාවන්ට හිටියෙත් වෙන පන්තිවල ළමයි...

මේක ගීත නාටකයක්....මගේ ලඟම ඉන්න කෙනා හැටියට හිටියෙ හේමිකා...එයා හරිම පුංචි,කෙසඟ සිරුරක් තිබුන එක්කෙනෙක්, එයාටත් ලස්සනට සිංදු කියන්න පුලුවන්...

ඉන්ද්‍රත් එනව රිහර්සල් බලන්න...ඒ ආවෙ මම වැඩිපුර විජය කුමාරයත් එක්ක දඟලනවද බලන්න....හෙහ්...වැඩේමයි... ඉතින් මම විජය එක්ක රැඟුම් පුහුණුවෙන කොට ඉන්ද්‍රගෙ මූනෙ පාට වෙනස් වෙනව. එයාගෙ යාලුවො එයාව අවුස්සනව.

" ඔයා ඔය නාට්‍යයෙන් අයින් වෙන්න, මලිති" ඉන්ද්‍ර මගෙ ලඟ යාචක ලීලාවෙන් බැගෑපත් වෙනව...චෙහ් විතරක්...මොන කෙහෙල්මලකටද මෙහෙම බැගෑපත් වෙන්නෙ..
"අප්පච්චිත් මට හා කිව්ව එකේ ඔයා මොකද එපා කියන්නෙ.."

"පැහිච්ච කම නැතුව මම කියන දේ අහන්න ළමයො"

"සර් මට බනියි, ඔයා හැම දාම ඇවිත් හොඳට බලා ගන්නකො මාව.මම විජය කුමාරයා එක්ක යාලුවෙන්නෙ නැහැ, ඉන්ද්‍ර."

මම මොකටද එයා කියන දේවල් අහන්නෙ..එයාට බාගෙට පිස්සු. ඉරිසියාව...ඉරිසියාව..කොල්ලො හරිම ඉරිසියා කාරයො. කොහොම හරි මම අයින් වුනෙත් නැහ, ඉන්ද්‍ර තරහ වුනෙත් නැහ... හැබැයි එයා ඇවිත් හේමිකත් එක්ක කතාව...එයාට වැඩිය රඟ පාන්න නැහැ නෙ...මේ දෙන්න ප්‍රේක්ෂකාගාරෙ ඉඳ ගෙන කතාව...අනේ .... මට නං චුට්ටක් වත් සැක හිතුන්නැහැ. ඔහොම ඔහොම ගිහින් නාට්‍යය පෙන්නන දවසත් ආව කියමුකො.... මම කුවේණිට ඇඳලා මේක් අප් දාල ස්ටාෆ් රූම් එකෙ ඉන්නව....ස්ටාෆ් රූම් එකෙ දොරෙන් තමයි වේදිකාවට යන්න තියෙන්නෙ.

ඔන්න ඉන්ද්‍ර ආව....කැමරාවකුත් උස්ස ගෙන...මතක නැතිවුණානෙ කියන්න...එයාගෙ විනෝදාංශ චිත්‍ර ඇඳීමයි...චායාරූප ශිල්පයයි..

මාව දක්ක ගමන් ඔන්න පින්තූරයක් අර ගෙන අතුරු දහන් වුන. හා....මට ඕල් ද බෙස්ට් කියල විශ් කරල ගියා නං තමයි...ඒ වුනාට අතට අත දුන්නෙ වත් නැහැ අනේ..කමක් නැහැ..ප්‍රින්සිපල් සර් වගෙම අනෙක් ටීචර්ල සර්ල යාලුවො මට අතට අත දීල සුබ පැතුව....විජයට ඉන්න බන්ඩාර අයියා මගෙ අත් දෙකම අල්ලල " "හොන්දට කරන්න නංගී," කියල ස්ටේජ් එකේ අනික් පැත්තට ගිහින් කලු තිරයක් අස්සෙ හැංගුන. ඕගොල්ලන්ට නාට්‍යයෙ ඔක්කොම කියන්න නං මට බැහැ හොඳේ.

වේදිකාවෙ රඟ පානකොට විදිලිකොටන කොට ඉන්ද්‍ර ගෙ කැමරාවෙනුත් විසි වෙන ඒව වෙන්නැති කියල මට සතුටුයි. මම එදා හොඳම නිළියත් වුනා. අපේ නාට්‍යය හොඳම නාට්‍යයත් වුනා...

දැන් වගේ නෙවෙයි නෙ...ෆොටෝ සුද්ද කරල ගෙනාවෙ සතියකට විතර පස්සෙ ඉන්ද්‍ර....මට පෙන්නුවෙත් නැහැ. මම කොටින්ම දන්නෙත් නැහැ....

හේමිකා දුව ගෙන ඇවිත් මගෙන් ඇහුව, "මලිති ෆොටො දක්කද " කියල...
"ම්හ් ...!"

"ඉන්න මම ඉන්ද්‍රගෙන් ඉල්ලන් එන්නම්"

ඒ කවදා ඉඳල වෙච්ච් ළං වීමක්ද බොලෙ...මට හිතුන. මගෙ හිත බිමටම කඩා ගෙන වැටුන, දෙයියනේ...ඇයි මෙහෙම වෙන්නෙ..? බලන බලන පින්තූරෙ ඉන්නෙ හේමිකා...හේමිකා...හේමිකා... හැම එකේම හේමිකා

"ඒ අතට මේ අතට ...කර කවාල හැඩ දමාල..."

හේමිකාම විතරමයි...

කුවේනිය ගැසු විලාපේ
නමුණුකුල වැද සැඟ වුනා
කුවණ්ණා මාලිගාවෙන්
දරුන් හා පිට මං වුනා

"කොහොමද ඉරිසියාව වැඩ කරපු හැටි...!

9 ක් අදහස් දක්වලා.:

Anushka Thilakarathne said...

හොඳ කරන්න බැරි එක රෝගයක් නෙ. ඉරිසියාව වගේම පළි ගැනීමක් කියලයි මට හිතෙන්නේ

Akkandi said...

ඒක නම් ඇත්ත තමයි...අදහස් දැක්වූවාට ස්තුතියි.

ශාකුන්තල | Shaakunthala said...

ද්වේශ සහගත පළි ගැනීමක්! :D

Chrishi said...

මේකට කියන්නෙ ආදර්ය කියල නම් නෙමේ වෙන එකක් වෙන්න ඔනේ.

Unknown said...

අන්න එල කොල්ලෙක්. බොරුවට රන්ඬු වෙන්නෙ තරහ වෙන්නෙ නැතුව එලටම දීල තියනවා. රිදුනා නේද මී මැස්සියේ???

Akkandi said...

ඔන්න බලන්න සමහරු මට රිදුණට සතුට පල කරන හැටි..මී මැස්සි වෙනුවට අක්කන්ඩි කියන නම මම දමාගත්තා. කතන්දර කාරයාගෙ බ්ලොග් එකට ලියනවා නම් තමයි මම මී මැස්සි වෙන්න හිතුවෙ.ඇන්ත්‍රැක්ස්....!ඔයා නම් නියම විෂ බීජයක් බලා ගෙන ගියාම..විහිලුවක් කළේ හොඳේ.

Unknown said...

:D ආයෙත් අහලා, ඒකනෙ අක්කන්ඬියෙ හොයලා හොයලා විස නමක් දාගත්තෙ. ;)

(කියන්න ඕනෙ නැතෝ, මම විහිලු දන්නවෝ..)

Anonymous said...

ඇන්ත්‍රැක්ස් කියපු දේම තමයි මමත් කියන්නේ. හැබැයි ඒකෙන් මිනිහගේ ආදරේ අඩු වෙලා නැතිව ඇති. ආදරෙ නිසයි එහෙම කරන්න ඇත්තෙ. මොනවා කිව්වත් ආදරේ කියන්නෙත් හැඟීමක්. පිවිතුරු නෑ.

දුකා said...

ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි කියන්නේ ඕකට තමයි . .. !

Post a Comment