Tuesday, January 22, 2013

අළුත් නම් දීම

Tuesday, January 22, 2013
  

 
                 උණ පඳුරේ ඉඳල කුරුල්ලෙක් ඉගිලුණෙ, මා අමුත්තෙකුට අපේ කුරුලු පාරාදීසය පෙන්වමින් ඉඳිද්දි. මා එයාට කියන්නෙ, මුදු පරෙවියා කියලා. අමුත්තා මාව නිවැරදි කළා.
"නැහැ, එයා 'යුරේසියානු කර පටි' පරෙවියා'"
පසු ගිය මාස කිහිපය තුල මේ සම්බන්ධයෙන් මාව නිවැරදි කරපු තුන් වැනි අවස්ථාව. මා ඉතා ආයාසයකින් උපයා ගත් කුරුලු වර්ග හඳුනා ගැනීම පිළිබඳව වූ දැනුම නොවටිනා දෙයක් බවට පත් වුණ බවක් මට දැනුණා. තව දුරටත් මෙයාකාරයෙන් කටට ආ පලියට නම් වමාරන්න නරකයි. පොඩ්ඩක් හිතල බලන්න, එක දවසක, ඔබ දන්න හැම කෙනෙකුම ඉඳුරාම වෙනස් නම් වලින් ඔබට මෙහෙම ප්‍රතිචාර දක්වූවොත්?
   කෙසේ වෙතත් 'රොම්' නම් දන්නවා, එයගෙ කුරුල්ලන්ව ඉතා හොඳින්. ඔහු 'කුරුලු උයන' නරඹන්නට එන විදේශීය කුරුලු රසිකයින් ඉදිරියෙ ඔහුගෙ නිව්යෝක් නාසික උච්චාරණ ක්‍රමය අනුකරණයෙන් කුරු
ලු නම් කියන පුරුද්දක් ඇති කර ගෙන එයට හුරු වුණා. ඒත් මේ ප්‍රදේශයේ අයට නම් ඒක සාර්ථක පිළියමක් වුනේ නහැ.
'ඉන්දියානු කුරුල්ලෝ' නම් සලීම් අලි ලියූ පොතෙහි සියලුම පැරණි කුරුල්ලන්ගෙ නාමාවලියක් සටහන්ව තිබෙන නිසා රොම් ගේ පුරුද්ද මට අදේශ කර ගැනීම තව දුරටත් අවශ්‍ය වූයේ නැහැ. ඒ වෙනුවට මා කළේ, ක්‍රිස් කැස්මීර්සක් (Krys Kazmierczak) ගෙ 'ඉන්දියානු කුරුල්ලන්ට ක්ෂේත්‍ර අත් පොතක්' (A Field Guide to the Birds of India) නම් වූ පොත තෝරා ගැනීමයි. මට
වශ්‍ය වුණා, තව මා අළුතින්  අම් කීයක් උගත යුතුද කියා දැන ගන්න. නම් වැලේ දිග දැක්කම මව අන්දු කුන්දුන්. ඒ වගෙම අධෛර්යයට පත් වුණා. 'හුබාරා බස්ටර්ඩ්', 'මැක් ක්වීන් බස්ටර්ඩ්' බවට පත් ව්ලා. පුංචි හුරුබුහුටි 'ලොරි කීට්' ගිරවා, 'පන්ඩ්ඩිත මානී වසන්ත ගිරවා' බවට පත් වෙලා. සුදු ලයැති කිං ෆිෂර්ව සුදු ගෙලැති කිං ෆිෂර් විදිහට වෙනස් කරන්න පුලුවන් වෙන්නෙ ඉතින් නොකැළල් වික්ටෝරියානුවෙකුටම විතරයි, මා හිතන අන්දමට. අපි 'කැලෑ කපුට කියලා අපි සාමාන්‍යයෙන් හඳුන් වන විශාල්, දැකුම් කළු , දිළිහෙන කාල වර්ණයකින් යුතු කපුටා හොට ලොකු කපුටා වෙලා. ඌ තවමත් කපුටෙක්, අඩුම තරමින්. ඒක නරකම නැහැ. සමහරුන්ව උන්ගෙ පෙලපත් නාම වලින් පවා බැහැර කරලා අමුතු අළුත් නම් දීලා. 'බ්‍රාහ්මිය මය්න' ව බ්‍රාහ්මීය ස්ටාලිං' කෙනෙක් කරලා.
 මේ අය කොහෙන් මේ නම් අහුලා ගත්තද දන්නෙ නැහැ. නිදසුනක් හැටියට කිව්වොත් 'රතු මුනියා' කියන කුරුල්ලට උසාවි නියෝගයක් වගෙ ඇහෙන හින්දද කොහෙද 'රතු අවදවත්' කියල නම් කරලා. 'පන් රැවියා' කියන රුසිරැව් කුලයේ කුඩා කුරුල්ලවත් 'සිස්ටිකෝ
ලා ' යන නමින් හඳුන්වලා. ඒ නම් හරියට සුලබ සිසිල් බීමක නමක් වගෙ. හොඳයි, මම මෙහෙම අහුව්වොත්? අපේ පරණ රන් පැහැති පික් සහිත කොට්ටෝරුවව දැන් හඳුන් වන්නෙ කොහොමද කියලා? එයා දැන් 'පොදු ගිනි දලු පිටැත්තා. '
   මගෙ හිත ගොඩක්ම නොසන්සුන් කළ වෙනස් වූ නම තමයි, අළු කොබෙයියාට දමල තියෙන 'අළු ෆ්‍රැන්කොලින්' කියන ප්‍රංශ සම්භවයක්
ක් එන නම්. කොබෙයියෙක් කොහොමද, ෆ්‍රැන්කොලින්' කෙනෙක් බවට වෙනස් කරන්නෙ? අපේ කොබෙයියො අපෙන් අවහිරයක් නැහැ කියන විශ්වාසයේ ඉඳගෙන අපේ මිදුල් වල අහුලං කනව. ඔවුන් බොහෝ විට  ගස් වල හෝ අතු ඉති වල වහන්නෙ නැහැ. අනතුර දැණුනු වහාම ඉගිලෙනවා. ඔවුන් රෑනක් අනතුරක් දැනුණු සැණින් තටු ගසමින් එකටම ඉගිලෙද්දි සමහරවිට ඇති වෙන කම්පනයෙන් ඔබගේ හෘද ස්ඵන්දනයත් වැඩි වෙලා ඇති. ඔවුන් අඕඉ කුරුලු උයනෙ නම් නිවසන්නෙ පුංචි පඳුරු වල. සමහර විට උණ පඳුරු වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් කටු සහිත පොඩි ගස් වලින් හෙබි පඳුරු වල්. මේ කුරුලු රංචු වල බොහෝ විටඉන්නෙ කුරුල්ලන් අට දෙනෙක් විතර.ඒ ගොල්ලො රංcඋ පිටින් කා ගහන කොට මා කන්කරච්චලයක් කියලත් සමහරු කියනවා. එහෙම් නම් කියන්න මට, මගේ බුද්ධිමත් මිතුරනි, ඒ අය අතරේ, ෆ්‍රැන්ක්ලින්ලා හරි පර්ට්‍රිජ් ලා ඉන්නවද කියල ?

එහෙත් මේ නැවත නම් කිරීමේ  ලෝකය පුරා සරන කුරුල්ලන් නරඹන වෘත්තිකයින්ගේ ක්‍රියාව නම් බියකරු සිහිනයක් වගෙ. එක කුරුලු වර්ගයකට ඉංග්‍රීසි නම් කිහිපයක්ම තියෙන බව ඇත්ත. ඒත් මේ කුරුල්ලන් නැවත නම් කිරීමට ඉංග්‍රීසිත් නොවන පොදු භාවිතයේත් නැති නම් වර්ග යොදා ගැනීම මොන තරම් අර්ථ ශූන්‍යය දෙයක්ද?
බොහොමය
ක් සාකච්ඡා උපදේශකත්ව මධ්‍යයේ 2004 දී රංජිත් මනකන් හා ආදීශ් පිට්ටී මැද මාවතේ කුරුලු නම් ලැයිස්තුවක් ඉදිරිපත් කළා. මේ අනභිබවනීය වෑයම බොහො විදේශීය විශේෂඥයන් තුට්ටුවකට වත් මායිම් කළේ නැහැ. වෙනත් අයත් මේ පිළිබඳව මති මතාන්තර ඉදිරිපත් කළා. පොදු නම් වලට මැදින් 'විරාම ලකුණු' තියෙන්න පුළුවන්ද? 
අළුත් නම් ඉගෙන ගන්නා අ
දිටනින් මා අවදිවන හැම උදයකම, ඒ නම් දෙතුන් වතාවක් නැවත වෙනස් වෙලා. ඒ නිසාම මම හිතා ගත්තා ඒ නම්  ලතින් බසින් හෝ ග්‍රීක් බසින් මා ඉගෙන ගත යුතු බව.
කොහොම නමුත් තවමත් ජීවිතයක් තිබීම අති විශිෂ්ටයි, කියල මට හිතෙනවා.

6 ක් අදහස් දක්වලා.:

Anonymous said...

Ela ela ela Akko ... ohoma yamu

Chandi said...

අපේ නිවසේ කාලයක් තිස්සෙ කොබෙයියන් දෙන්නෙක් ඉන්නවා. කාලෙකට එනවා බිත්තර දමනවා පැටව් ලොකු උනාම යනවා. එක පාරක් බිත්තර දමලා පැටව් ආවහම දෙන්නාම බිම වැටිලා අපේ මහත්තයා බොහොම අමාරුවෙන් බේරා ගෙන උඩින් ඇරපු කූඩුවක දමා ඇතිදැඩි කලා. යන්තම් පියාඹන්න පුලුවන් උනාම අම්මයි අප්පයි දෙන්නාම එයාලව එක්ක ගියා. මේ සුරතලේ අපි බලා හිටියේ ආසාවෙන්. කුරුළු ලෝකේ හරිම විස්මිතයි. අප්‍රිකාවේ අපි කිසිදිනෙක නොදැකපු කුරුල්ලන් අපි දැක්කා. ඒ අය දිහා බලා ඉන්න හරිම ආසයි. සත්තුන්ට ආදරය කරන එක කොච්චර හොඳද? තාම මතකයි පැස්බරෙක් බලන්න ගොහින් ඌ එලවාගෙන ආව හැටි. එයා බිත්තර දමා හිටිය නිසා අපව පැන්නුවා. මේ නම් දැමිල්ල නම් හරිම හිනා තමා. ගොඩාක් විදේශිකයො නේ මේ නම් දමා තියෙන්නෙ. ඒ රටවල නැති නිසා අපේ රටවල ඉන්නා කුරුල්ලන්ට ඒ අයගෙ නම් දානවා.

කැරලිකාරයා said...

hondai,,,,,

ගංඟාවේ ගීතය said...

අර මලිතිගෙයි නන්දිගෙයි කතානදරය කියෙව්වෙ බොහොම ආසාවෙන් ඔබ බ්ලොග් ලිවීම පටන්ගත් දා ඉඳන්ම. නොලියා උන්න කාලය උවමනාවටත් වඩා බොහොම දිග වැඩී නේද

බුද්ධික said...

කතන්දර කාරයගෙ පරණ ජාල කතා කියවනකොටයි ඔබ තුමියගෙ ජාල පු‍ටුව ගැන දැනගත්තෙ. එක හුස්මට කතන්දර සේරම් කියෙව්වා. ජනවාරි වලින් පස්සෙ ලියන එක නතර කලේ ඇයි? ඉඩ ලැබෙන විදියට දිගටම ලියන්න. ඉක්මනට කතාවක් ලිව්වොත් නැගෙනහිර ටිමෝරයේ අලුත් චායාරූප එවනවා තෑග්ගක් විදියට අතීතය මතක් වෙන්න.

හෙනහුරා said...

අපටත් පුළුවනි නම් යෝජනා කරන්න. හොඳ නැද්ද, සුළි සුළං වලට වගේ නම් හදන කමිටුවක් හැදුවොත්.
දැන් ඔය නම් හදන තැන ඔතන අරිසෙන් අහුබුදුගෙන් ඉගෙන ගත්තු අය එහෙමත් ඇති නේද?

Post a Comment