Monday, January 21, 2013

ගස් ගෙම්බාගේ ශාපය !

Monday, January 21, 2013


                               'ඩී' කියල අපි හුරතලයට අමතන මගෙ යෙහෙළිය, අන්දමන් දූපත් වලට ගිහින් එද්දි පොත් ගෙනැත් තිබුණා. ඒවා අතර තිබී මගේ හිත ගත්තු පොත වුණේ, 'මගෙ සැමියා සහ අනෙක් සත්තු' (MY HUSBAND & OTHER ANIMALS) කියන පොත. සැමියා සතෙක් වගේ කියන එක නෙවෙයි, මෙයින් කියැවෙන්නෙ. ඔවුන්  වන ජීවීන්ට මෙන්ම අනෙකුත් ගෘහස්ථ සත්තුන්ට පවා කොයි තරම් ආදරය කරනවාද කියන එක. මම හිතුවා ඒකේ කතා පරිවර්තනය කරලා ඔබලාටත් කියවන්නට සලස්වන්නට. මේ කතා ලියැවිලා තියෙන්නෙ, 'තීරු ලිපි' ලෙසින්. මේ තීරු ලිපි වල නිර්මාතෲ වරිය වන්නේ, ඉන්දියානු ජාතික
ජානකී ලෙනින්. එම පොත හොඳම පොතක් ලෙසට ලොව දස දෙසින්ම සම්මානයට පාත්‍ර වූවක්.
කෙසේ වෙතත් මේ පොත ලඟ තියා ගෙන, කොයි තරම් දුරකට ලියා ගෙන යාවිද දන්නෙ නැහැ, මේ මා කියන වයසක ස්ත්‍රිය.



අලංකාර, දැවැන්ත නුග ගහක සෙවන යට රොම් සමග මා අපේ ගොවි පොළේ තනාගත් නිවසේ උරුමක්කරයන් මිනිසුන් වන අපි කියල අපි හිතා ගත්තු එක ඇත්තෙන්ම අතිශයින් කණගාටු විය යුතු වරදක් බව මට ප්‍රත්‍යක්ෂ වුණා. මුල්ම ග්‍රීෂ්ම සෘතුවේදී ගස් ගෙම්බන් කිහිප දෙනෙක් ඇවිත් අපේ ගෙදර පදිංචි වෙනව,මා දැක්ක. සිරුරට යටව තිබෙන උන්ගේ හුරුබුහුටු දෙපා වලින් දැඩිව ග්‍රහනය කරගෙන විශාල දෑස් වලින් සුපරිහ්ෂාකාරී බැලුම් හෙලම්න් සිටි ඔවුන්ගේ නිවැසි භාවයට මා කිසි සේත් අකුල් හෙළන්නට හියේ නැහැ. ඔන්න ඔය කාලෙදි තමයි, අත්තම්මල, කිරි අත්තම්මල වගෙම මුණුබුරු මිණිබිරියන් වගෙම නෑනලා මස්සිනාලා විතරක් නෙවේ නැන්දම්මලා, මාමලාත් අපේ ගෙදර පවුල් පිටින් පදිංචියට ආවෙ.

ඉතාමත් ඉක්මණින්ම  හැම කොණක්ම, හැම පොතක්ම, ජොග්ගුවක්ම, බිත්තිවල එල්ලලා තියෙන පින්තූරයක් ගානෙම කගෙ කාගෙත් වාසස්ථාන බවට පත් වුණා. සමහරෙක් රෙදි සෝදන යන්ත්‍රයෙ සබන් දමන කොටසෙ පදිංචි වෙලා. සමහරෙක් අත් සෝදන බේසම 
මත. වතුර පයිප්පය මත. සමහරු කොමෝඩ් එකේ සිස්ටනය මත. තවත් සමහරෙක් ඉතාමත් සීරු මාරුවට කබඩයත් බිත්තියත් අතර ඉතාමත් පටු ඉඩෙක නිදහස් කොටසේ බුරුතු පිටින් අපූරුවට ලැගුම් ගෙන. ත්‍යාගවන්ත භාවයෙන් යුතුව ඔවුන් අපට ජීවත් වෙන්නත් පුංචි කොටසක් ඉතුරු කරල තිබුණා.
   අඩ දශකයකට පෙර, නගරයේ ජීවත් වුණු අවුරුද්දක කාලය තුළ මා  බල්ලෙක් වත්, බළලෙක් වත් ගෙදර තියා ගන්නට දැක් වූයේ බලවත් අප්‍රසාදයක්. ඒ වෙනුවට මම ඇති දැඩි කළේ ලස්සන හුරුබුහුටි ගස් ගෙම්බෙක්ව. ඔහු නිවසන පෑන්ට්‍රියේ වතුර බේසමක් මා හිතා ම්තා  තිබ්බේ ඔහුගෙ ස්නානීය කටයුතු සඳහා. ඒ වගෙම රාත්‍රී කාලයේදී කුඩා විදුලි පහනක් ද දල්වා තැබුවේ ඔහුට ගොදුරු පිණිස කෘමීන් හසුකර ගන්න විදිහට. හැබැයි, අප අතර තිබුණු  සම්බන්ධතාවය වගකීමෙන් නිදහස් එකක් බවකිව යුත්තේ මගේ ගෙඹි සුරතලා එයාට කවන පොවන එක හෝ ඔහුව පුහුණු ඉරීමක් හෝ බලාපොරොත්තු වුණේ නහැ. ඒ වගෙම ජලවාෂ්ප හා පිරිසිදුවාතාවරණය සහිත ඒ සිඟිති කාමරය තුළ මා ඇවිදිනවාටත් එයාගෙ කැමැත්තක් තිබුණෙ නැහැ. ඒ වගෙම අපි දෙදෙන වැඩිපුර එකිනෙකාට ආසන්නව ගත කළ උණුසුම් අවස්ථා තිබුණෙත් නැති තරම්. ඒත් මට මගෙ හුරතක් ගස් ගෙම්බා මගෙ අහළ පහළ ගැවසෙනවට හිතේ ලොකු කැමැත්තකුත් තිබුණා. සියල්ලම හොඳින් සිද්ධ වුණා, පොත් රාකේ පොතක් හදිස්සියෙම පෙර්ලිලා, මගෙ ගස් ගෙම්බ ගේ හදිසි අභාවය සිදු වෙන කල්ම. හර්ම අපහසුකාරී තත්ත්වයක්.
 කර්මයේ ප්‍රතික්‍රියාවන් අනුව ගස් ගෙම්බාගේ ශාපය මා වෙතට පතිත වේ යයි මට සිතුණා. ඇත්තටම ගෙම්බන්ට අවශ්‍ය වුනේ අපේ ගෙදරින් පදිංචියට ඉඩ කඩ නම් මට සාමයෙන් ඉන්න තිබුණා. ඒත් තුවා, මේස පුටු හා කබඩ්  විතරක් නෙවෙයි පිඟන් කෝප්ප වල පවා ඔවුන්ගේ පශ්චාත් ප්‍රදේශයන් තබන්නට වුනාම තත්තවය වඩාත් බරපතල වුණා. සමහර කාමරවල් වේලුණි ගෙඹි මූත්‍රා බිතු සිතුවම් ඇඳලා.වැසිකිලියේ කොමඩය මත වාඩිවීම පවා බිය දනාවන කාරනයක් වුනේ, හිඳගන්න කවාකාර කොටසේ යටි පැත්තේ රංචු පිටින් ගස් ගෙම්බන් රැඳී සිටීමයි. ගෙද්‍රට එන අමුත්තන්ගේ ශරීරවල වඩාත්ම පහසුවෙන් හානි විය හැකි රහස් ඉන්ද්‍රියයන් වලට පැන ඇලී සිටීමේ ක්‍රීඩාව ඔවුන මහත් අපහසුතාවයනට හා භීතියට පත් කළ කාරණයක්. නාන කාමරයේ සිටි ගෙඹි ආච්චියෙක්, එහි විදුලි පහන දල්වන්නට සැරසෙන ඕනෑම කෙනෙකුගෙ ඇඟ ගෙඹි මූත්‍රා වලින් තෙමන්නට කිසි විටෙකත් පැකිළුණීඉ නැහැ. අඳුරු නාන කාමරයක් භාවිතා කිරීමෙන් වගේම ගෙඹි ගඳෙන් යුතු තුවා ආදිය පවිච්චි කිරීමෙන්ද්, දවසකට දෙතුන් වතාවක් පිඟන් කෝප්ප සේදීමෙන්ද විඩාවට පත් අප මේ එහෙ මෙහෙ පනින ජීවින්ට එරෙහිව සාධාරන එමෙන් මානුෂික මෙහෙයුමක් ඇරඹිය යුතු බවට තීරණය කළා.
  එක් ඉරිදාවක ශ්‍රමදානයක් ක්‍රියාත්මක කරල අපි ඔවුන් 289 ක් ප්ලස්ටික් බෑග්වලටෑකතු කරල, අහළ පහල තිබුණු ළිං වලට හා දිය කඩිති වලට අත හැරියා. ඒ ඔක්කොම නිෂ්ඵල විය හැකියි. මොකද ගස් ගෙම්බන් ට මග හොයා ගැනීම අපහසු වෙන එකක් නහැ. පැය විසි හතරක් ඇතුලත ඔවුන් සියලු දෙනාම තමන් උන් හිටි තැන් වල නවත පදිංචියාආවෙ කිසිවක් සිදු නොවුණු ගාණට. ඔව්න්ගේ ඒ සුපිරි කුසලතාවයට මා ඔවුන්ට හිස ආචාර කරනවා.
සමහරෙක් මුළුතැන් ගෙයි තිබුණු කබඩයේ හරියකට නොවැහෙන දොර අතරේ තිබුණු හිදැස්සේ ලැගුම් ගත්තා.
සමහරෙක් තාච්චියෙත්, ප්‍රෙෂර් කුකරයෙත්, බ්ලෙන්ඩරයේ ජෝගු වලත් පරවේණිය තහවුරු කර ගත්තා. දවසක් මම සුදු ලූණු වගයක් තෙලෙන් බදිද්දි අමුතු ගඳ
ක් ....නෑ...එහෙම වෙන්න බෑ...ගස් ගෙඹි මූත්‍රා ගඳ. . .!  කල්පයක් ගියත් සුදු ලූණු තෙම්පරාදුවට දමද්දි එදා අපු ගඳ නම් මගේ මතකයෙන් මැකිල ගියේ නැහැ. හැම දාම සුදුලූණු සුද්ධ කරද්දි මට ඒ පිළිකුල් ගඳ දනෙන්නට වුනා. ඒත් මට සහතික වෙන්න බෑ, ඊට පස්සෙත් ගෙඹි රස කාරක මා උයන කෑම වල නොතිබුනාමය කියලා. මගේ සුවිශේෂ සූප වේදී තාක්යන් නිසා සමහරවිට මම යොදන මිරිස් තුනපහ වලින් විශේෂ රසයක් ගෙන දෙනවා ඇති.

7 ක් අදහස් දක්වලා.:

Chandi said...

මට මේ කතාව කියෙව්වහම අක්කේ මගේ මහත්තයා සමඟ දීග ගිය මුල් කාලය මතක් වුනා. මම අපේ ගෙදර බල්ලෙක් වත් පූසෙක් වත් හදා තිබුනේ නෑ. අම්මලා ලඟ උන් හිටියාට මම ඒ එකෙක් වත් අල්ලලා වත් නෑ. මා අලුත් ගෙදරට ගිය මුල්ම සතියේ මෙන්න අපේ මහත්තයා මට පාලුවට කියලා බලු පැටියෙකු ගෙනාවා. "ඩිංකි" ගෙනාවම මම ලොකු හර්තාලයක්. ඔයාම බලා ගන්න මම උන්ව බලන්නෑ. මම කවදවත් උන් අල්ලන්නෑ. කන්න දෙන්නෑ. ඔයා සේරම කරන්න. ලොකු කතා කීවා. මෙයාට කරගන්න දෙයක් නෑ. නොදන්නා රටක මාත් අතරමං වෙලා වගේ හිටිය වෙලාවෙ මේ බලු පැටියා ගෙනාවම මොනා කරන්න ද? කෙන්තියයි තරහයි එක්ක මම යනකොට වත් කතා නෑ. තියලා ගියා බාත් රූම් එකට දාල එයා රැකියාවට . මම ටිකකින් ගිහින් බැලුවා උගේ ඇස්වල කඳුලු, මගේ දිහා බලා ඉන්නවා අඬමින්. හදවත පැලෙන්න දුකයි. අතට අරන් කිරි හදලා බලා කියා ගන්න පුරුදු උනා. ලොකු පුතා උපදින කොට එයාත් අම්මෙක් වෙලා. ගේ පුරාම බලු මැක්කො. අම්මා මට බැන බැන අස් කලේ අපිට දරුවව තියන්න පුලුවන් ලෙස. නමුත් කාලයක් යත්දි සෙනෙහස ආදරය රැකවරණය හැම දේම දරුවන්ටත් මටත් ඈ උපරිමෙන්ම ලබා දුන්නා. කරුණාව දක්වන්න , ආදරය, දරුවන්ට සත්තු එක්ක ජීවත් වෙන්න එයා අපිව පුරුදු කලා. ජීවිතේ ගොඩාක් මතකයන් ඈත් සමඟ අපිට තියෙනවා.
ගෙදරට එන අය නම් දැනුත් කැමති නෑ. අපේ බල්ලා අදටත් ඉන්නෙ අපත් සමඟම අපේ කාමරේ. මගෙ නංගිලා කැමතිම නෑ මේ දේට. ඒ උනත් එයා අපිට දරුවෙක් වගේ. අක්කේ බොහොම ආසාවෙන් කියෙව්වේ. ඔබට මේ කාර්‍යය තව බොහෝ කාලයක් කරගෙන යන්නට දිරිය ශක්තිය ලැබේවා. අවිවේකී උනත් ඉඩ ලද විටෙක පියුම් විල පැත්තෙත් එන්න.

එදිරි said...

දිගටම ලියන්න. කැමතියි කියවන්න...

Akkandi said...

ස්තුතියි, අදහස් දැක්වූවාට. හෙටත් එකක් ලියන්නම් කො.

Dee said...

චෙන්නායි හන්දිය පීරලා මේ පොත මම අමාරුවෙන් හොයා ගත්තෙ පෙරේදා.. මෙයා මටත් කලින් කියවලා, ඒ මදිවට පරිවර්ථන කරලත්! හාකො.. :-)
වැඩේ නියමයි! ඔක්කොම පරිවර්ථනය කරමු.

Anonymous said...

potha fully translate karamu neda akko? oyata pariwarthanayak (book 1 k) karanna puluwan. is2thiwewa :-)

Bindi said...

එක හුස්මට කියවන්න පුළුවන් පොතක් වගේ .

ගෙම්බොත් එක්ක ජිවිතේ ...අය්යෝ

මට මතකයි අපි පොඩි කාලේ ගෙදර සිතල අහු මුළුවල ගෙම්බෝ පදිංචි වෙනවා . පොල් කටු දෙකකින් අල්ලලා ගිහින් දානවා . මොන උන් වැටෙන්නෙත් ගේ පැත්ත බලාගෙන .

ඉඳහිට බිත්ති වල ඇලවිලා හිටියේ ගස් ගෙම්බෝ වෙන්ට ඕන .

පසු කාලෙක අපේ දෝනි උපන්න දවස්වල ගස් ගෙම්බෙක් කාමරේ පදිංචි වුනා . සමහරු කිවේ ඇට ගෙම්බෙක් කියලා . එලවනවා ආයිම එනවා . ඌව දැක්කම ගෙදර සමහරු පුටු උඩට නගිනවා . එක යුද්ධයයි .
උපදෙස් ගොඩයි ..ළමයගේ ඇඟට පැන්නොත් කෙට්ටු වෙයිලු.,මන් විතරයි බය නැත්තේ ..

කාලෙකට පසේ නැතුව ගියා . ඌටම හිතිලා යන්න ගිහින් .

නලිනි චන්දිමා said...

ඉස්සර අපේ ගෙදරත් ගෙම්බො, ගස් ගෙම්බො මහ ගොඩක්. ඒ විතරක්යැ. උන් පස්සෙන් වහ වැටුණු සර්පයොත් හරි හරියට.
ඒත් ගස් ගෙම්බො 289ක්?? හාපොයි!
බොහොම ස්තුතියි මේ කතා කියවන්න ඉඩ සලසා දුන්නට

Post a Comment