Monday, November 2, 2015

Monday, November 2, 2015
උන් වහන්සේ අළුයම අවදිවී සිය දවසේ කටයුතු ආරම්භ කරන්නට සිතූ සැණින් කිසිවෙකු වන්දනා කුටිය තුළ සිටින බව දැනිණි. ඔහු හෙමින් වැඩියේ එහි සිටින්නේ කවරෙකුදැයි සැක හැර දැන ගනු පිණිසය. දුරින් කළු සෙවනැල්ලක් එහා මෙහා යයි. හිස් පළඳනාවක්ද පැළඳ ඇති සැටියෙකි. මෙතරම් පාන්දරින් වෙනත් හිමිවරුන් අවදි වී භාවනා නොකරන බව උන්වහන්සේ හොඳින්ම දන්නා කරුණකි.
කට හඬ අවදි කළ ස්වාමීන් වහන්සේ, " පින්වත, ඔබට අවශ්‍ය මොනවාද?" කිය කාරුණික ස්වරයෙන් විමසූ සේක.
"මට පින් පෙට්ටිය දෙනව ඕයි. නැත්නම් මේ පිහියෙන් තමුසෙව කීතු කීතු කරල දානවා" සොරෙකු සේ සිටි තැනත්තා කීවේ තමා අත වූ දිලිසෙන මුවහතක් ඇති පිහිය පෙන්වමිනි.

ස්වාමීන් වහන්සේ පිහිය දුටුවත්, ඉන් නොබියව "ඇත්තටම?" යයි පවසමින් ඔහුට පසෙක තිබූ පින් පෙට්ටියේ යතුර දුන් සේක. එම පුද්ගලයා පින් පෙට්ටිය විවෘත කොට සල්ලි සියල්ල හළා ගන්නා විට ඔහු කෙසඟ සිරුරකින් හෙබි, ඉරුණු කමිසයක් හැඳ සිටි දුප්පතෙකු බව හොඳාකාරව දුටු සේක.
"දවස් ගාණකින් හරිහමන් කෑමක් කාල නැතුව වගෙ."
"තමුසෙට මොකටද ඒකෙ වගක්" ඔහු පිළිවදන් දුන්නේ දැඩි කෝපයෙනි.
"ඔය පිං පෙට්ටියට එහායින් කබඩ් එකේ කෑම වගයක් ඇති. ඒවයින් මොනවහරි කාලම යන්න." ඉතාම කරුණවෙන් කියා සිටියේය.
" ඔය යන්නේ පොලිසියට කියන්න නේද? මම දන්නේ නැහැ කියල හිතුවද?" යළිත් බල්ලෑකු සේ බුරාගෙන පැන්නේ සොරකමේ ආ තැනැත්තාය.
" අපො! නැහැ, ඔබ සොරකමක් කළේ නැහැ නෙ. යතුර දුන්නෙත් මම. කෑම දුන්නෙත් මම. ඉතින් සොරකම් නොකළ කෙනෙක් පොලිසියට දෙන්නෙ මොකටධ?
සොරා පින් පෙට්ටියේ ඉතුරුව තිබුණු සල්ලි සියල්ලත් පොදි බැඳගෙන කෑමත් ඔතාගෙන එළිඅයට පැන ගියේ 'පොලිසියට කිව්වොත් බලා ගෙනයි" යනුවෙන් තර්ජනාංගුලිය ඔසවමිනි.

පසු දින පන්සලේ වැඩ සිටින අනෙකුත් ස්වාමීන් වහන්සේලාට එම සිද්ධිය නායක හිමියන් මේ බව පවසා සිටියේ ඔවුන්ට එයින් යමක් උගත හැකි හෙයිනි. නායක ස්වාමීන් වහන්සේගේ උතුම් ක්‍රියාවන් පිළිබඳව උන් වහන්සේ බෙහෙවින් පැහැදී උන්වහන්සේට ප්‍රශංසා  කළහ.

සතියකට පමණ පසුව එම හොරා තවත් හොරකමක යෙදී සිටියදී අල්ලා ගෙන පොලිසිය විසින් දස අවුරුදු සිර දඬුවමක් ලබා දී ඇති බවට පුවතක් පුවත් පත් වල පළවිය. කාලය සෙමින් ගෙවී ගියේය.දස අවුරුද්දකුත් ගෙවී ගොසිනි.
එක් උදෑසනක කලින් දින සේම බුදු ගෙයිහි කළු සෙවනැල්ලක් විය. ස්වාමීන් වහන්සේ එහි වැඩියේ පරණ සිද්ධිය සිහිපත් වූ බැවිනි. එදිනද ඔහු උල් පිහියක් අත දරාගෙන සිටියේය. පිහිය උරුක්කර, "මාව මතකද ඔහේට?" කියා ඇසුවේය.
ස්වාමීන් වහන්සේට රළු බැල්මක් හෙළුවේය.
"පින් පෙට්ටියෙ යතුර ඔය තියෙන්නෙ. මේ සල්ලි දුප්පතුන්ට  අපි දෙන්නෙ. ගන්න"

එහෙත් ස්වාමීන් වහන්සේගේ කීමට ඔහු නොසැලී  රකුසු මුහුණ වෙනස් කර මද සිනහවක් පෑවේය. සන්සුන්ව කතා කරන්නට වූයේය.

" මම අද ආවේ ඔබ වහන්සේගෙන් ඊට වඩ යමක් ඉල්ල ගන්න. ඔබ වහන්සේ ළඟ තියෙන තැන්පත කම හා ඉවසීමත්, තරහ නොයන ගතියත් මට ලබා ගන්න අවශ්යයි. පහු ගිය අවුරුදු දහයටම මට ඔබ වහන්සේ තරම් කරුණාවෙන්, ආදරයෙන් කිසිම කෙනෙක් කතා කරල නැහැ. ඔබ වහන්සේ අවසර දෙනව නම් මම ඔබ වහන්සේ ළඟ මහණ වෙන්න කැමතියි" කියමින්  පසඟ පිහිටුවා උන්වහන්සේට වැඳ සිටියේය.

කල් නොගොසින් ඔහුට භික්ෂුභාවය ලැබිණි.එපමණක් නොව ධනවතෙකු බවටද පත්විය. ඒ මිළ මුදලින් නොව කරුණාවෙන්, මෛත්‍රියෙන් සහ මුදිතාවෙනි. අප සැමටද අවශ්‍ය වන්නේ එය නොවේද?

4 ක් අදහස් දක්වලා.:

රසිකොලොජිස්ට් - Rasikologist said...

හොරු මහනවෙන එක හොඳයි, දැන් කරන්නේ පාර්ලිමේන්තු යන එක නේ!

කුරුටු ගෑ ගී පවුර said...

ඔබේ බ්ලොගය ඉතා වටිනා ඒකක්.... දිගට ම ලියන්න..... ජයවේවා

Adrian C said...

අක්කන්ඩියේ

කතන්දර කාරයගේ බ්ලොග් එක කියවන විට ඔබගේ බ්ලොග් එක දුටුවා.

නමුත් නොවෑම්බර් වලට පසුව අලුත් කතා ලියන්න වෙලාව හොදම කාලය මේක නේද?

මම බ්ලොග් රසිකයෙක් මිස ලියන්නෙක් නොවේ.

ඔබගේ බ්ලොග් එක දුර ඈත රටක ඉදලා මම කියවනවා සහ එහි කතා අනෙක් ලාන්කිකයන් සමග බෙදාගන්නවා

ඒ නිසා දිගටම ලියන්න.

බ්ලොග් පෝස්ට් එකට ලස්සන පිට කවරයක් දාගෙන දිගටම ලියන්න

මාතලන්, බස්සි , ඉයන්,අම්බලන්ගොඩ කතා, කතන්දර කාරයා ආදි අයගේ බ්ලොග් කාරයන්ගෙන් උදව් ඉල්ලගන්න


==Adrian Channa from Toronto===

Adrian C said...

අක්කන්ඩියේ

කතන්දර කාරයගේ බ්ලොග් එක කියවන විට ඔබගේ බ්ලොග් එක දුටුවා.

නමුත් නොවෑම්බර් වලට පසුව අලුත් කතා ලියන්න වෙලාව හොදම කාලය මේක නේද?

මම බ්ලොග් රසිකයෙක් මිස ලියන්නෙක් නොවේ.

ඔබගේ බ්ලොග් එක දුර ඈත රටක ඉදලා මම කියවනවා සහ එහි කතා අනෙක් ලාන්කිකයන් සමග බෙදාගන්නවා

ඒ නිසා දිගටම ලියන්න.

බ්ලොග් පෝස්ට් එකට ලස්සන පිට කවරයක් දාගෙන දිගටම ලියන්න

මාතලන්, බස්සි , ඉයන්,අම්බලන්ගොඩ කතා, කතන්දර කාරයා ආදි අයගේ බ්ලොග් කාරයන්ගෙන් උදව් ඉල්ලගන්න


==Adrian Channa from Toronto===

Post a Comment