කිරි සිහින සඳ වතුරක කිමිදෙමින් ඉන්න කාලයක් ආයෙමත් ඇවිත්. ඒත් අපි පුංචි කාලෙ හිතුවට වඩා දන් හැදෙන පුංචි දරුවන්ගෙ සිතුවිලි වෙනස්. මම පුංචි දඟකාරියො දෙන්නෙක් එක්ක රූපවාහිනිය බලමින් හිටියා. 'කාටූන් කව් බෝයි' රූප පටයක් ඒ.
ටිකක් වේලා බලමින් හිටි එක පැටික්කියෙක් කියනවා,
"ඇයි,මේ කතාවල කව් බෝයිස්ල විතරක් ඉන්නෙ. කව්ගර්ල්ස් ලා ඒ රටවල නැද්ද" කියලා. දීපල්ලකො උත්තර.
"ඒක නේන්නම්, අපි ලංකාවෙ මාමලා නැන්දලාට කියල ඒ වගෙ එකක් හදවමු"
කොහොම වෙතත් කෙල්ල ස්ත්‍රීවාදිනියක් වෙයි කියල මට හිතුණා.
මේ දවස් වල මේ දෙන්නට කතන්දර කියල දීල ඉවරයක් නැහැ. අමල් බිසෝ, නිදිකුමාරි, බෝන්චි වැල සහ යෝධයා, හිම කුමාරි, කොහොල්ලෑ බබා විතරක් නෙවෙයි....අන්දරේගෙ, මහ දැනමුත්තගෙ කතාත් කියල ඉවර කළා.
" මගෙ කතන්දර ඔක්කොම ඉවරයි නෙ දැන්" කියල මම කිව්වම මොකද දන්නවද ඒ දෙන්න කියන්නෙ?
"ඔයා ලියන්නෙ එහෙනං අර කතා පොත් එහෙම, ලැප් ටොප් එකෙත් ලියන්නෙ. ඒ වගෙ හිතල හිතල හදල කියන්න කො, අත්තම්මෙ."
ඉතින් ඊයෙ ඉඳල ළමා කතා නිබන්ධනය වෙනවා, දිගට හරහට. ළමා කවි සහ කතා..වැඩේ නරකම නැහැ නේද?
2 ක් අදහස් දක්වලා.:
ෂහ් මෙන්න වැඩ...! ලියන්න අක්කණ්ඩී ලියන්න...! මේ පවු කාර ලෝකය ගැන දුක කතා ලියනවාට වඩා සදාකාලික වර්ණවත් දරුවන් ගේ ලෝකයට ආමන්ත්‍රණය කිරීම මොන තරම් සුන්දරද..?
සුභ පැතුම්...!
Aadaraneeya lipiyak :)
Post a Comment