Sunday, May 15, 2011

ලෙඩ වෙල ඉන්නෙ ගෞතම බුදුහාමුදුරුවොද?

Sunday, May 15, 2011
කතන්දරේගෙ කතාව කියෙව්වම කමෙන්ටුවක් නොදාම බැහැ. එකක් ජය ශ්‍රී සිංහයට රඟන කොට, සිංහසීවලී හැටියට මම රඟ පෑ නිසාත්, ජය ශ්‍රී දැන් ආපහු ලංකාවට පැමිණි බව මට සරච්චන්ද්‍ර මැතිනිය ඊයෙ පෙරේදා දවසක දුර කතනයෙන් කියපු නිසාත්. මගේ බ්ලොග් එකේ  අතුරු කතාවක් ලියන්න හිතුණා.
මහාචාර්ය සරච්චන්ද්‍ර තුමා අවසාන දවස් කිහිපය කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ගත කරන කාලෙදි වෙච්ච දෙයක් හැටියටයි, කියැවෙන්නෙ. අපිට කතාව කිව්වෙ නම් බුද්ධදාස ගලප්පත්ති කියන කවියා.
ලලිතා මැතිනිය එතුමා ලඟ ඉන්නව. දුවල දෙන්නයි පුතයි වරින් වර එනවා, රෝහලට. ඉතින් ලොකු දුව ඇවිත්, මුර කරන නිලධාරියාගෙන් අහල තියෙනව, " මාමෙ, අපෙ තාත්තට ගොඩක් අන්තිමයි. මම ඉක්මනට ගිහින් බලල එන්නද?" කියල.
" මොකද්ද, ඔය ලමයගෙ නම?"
" කිසා ගෝතමී, මාමෙ"
" හා, හා....ඉක්මනට ගිහින් එන්න, එහෙනම්"
ටිකකට පස්සෙ දෙවෙනි දුව ආව.
ඇයත් අර විදිහටම අහුව. පෙරැත්ත කරන කොට එයා ගෙනුත් ඇහුවා, " ඔය දරුවගෙ නම මොකද්ද කියල"
" යශෝදරා" කියල ඇය කිව්වා.
තව ටිකකින් ආවෙ බාලම පුතා. දැන් සේරම ඇතුළෙ ඉඳල ඇමතුම් දෙනව මල්ලිටත් එන්න කියලා.
මල්ලිත් මුර මාම ළඟට කිට්ටු කළා.
" මාමෙ, තාත්තට හොඳටම අන්තිමයි. අක්කල දෙන්න ගියා. මමත් යන්නද" කියල අහුවා.
"ඔය ළමයගෙ නම මොකද්ද?" මුර මාමා අහපි.
" දීපංකර?
" එත කොට ඔය ලෙඩ වෙල ඉන්නෙ ගෞතම බුදුහාමුදුරුවොද? "
මුර මාමගෙ ප්‍රශ්නෙ දීපංකර මල්ලිට නම් වැටහුණේ නැහැ.

5 ක් අදහස් දක්වලා.:

නලිනි චන්දිමා said...

:D අවස්ථාව අමතක වෙලා හිනා ගියා මේකට.

අපේ මල්ලිගෙ නම මහසෙන්. දවසක් එයාගෙ යාලුවෙක් වැරදිලා වෙන නොම්මරේකට කෝල් එකක් අරං. අනික් පැත්තෙන් ප්‍රතිචාරයක් නැති හින්දා, සැකේට වගේ ඇහුවලු "ඔය මහසෙන් නේද?" කියලා. එහා පැත්තෙන් පටාස් ගාලා උත්තර ලැබුණලු, "නෑ, මේ ධාතුසේන." කියලා.

Chandi said...

ඇත්තටම මටත් හිනා මේක කියවලා. මෙහෙම වෙන වෙලාවල් තියෙනවා නේ. අක්කේ ඔයාට මේ සිද්දිය නිර්මාණයක් ලෙස ඉදිරිපත් කරන්න හිතුන එකත් ලොකු දෙයක්. ඔයාට ජයම පතනවා.

Podi Kumarihami said...

ලස්සන ඒ වගේම රසවත් සිදුවීමක්. 'මහසෙන්'ගේ කතාවත් නරක නෑ.

හ්ම්ම්...මට මැවිලා පේනවා 'පොඩි කුමාරිහාමි' ඇවිත් ඉන්නවා කීවොත්, 'මොන වලව්වෙන්ද'? කියලා අහයි නේද?:D:D:D

නදී said...

හිහි නියම කතාව. මුර මාමා විහිලු කාරයා

Anithkona said...

මටත් හීනා ගියා එක පාරටම ...

Post a Comment