Wednesday, February 16, 2011

විශේෂ කතා

Wednesday, February 16, 2011
                                           වත්මනේ එදිනෙදා සිදුවෙන කතා වුණත් පරණ වෙන්න නොදී ලියන එක හොඳයි කියල මට වෙලාවකට හිතෙනවා.
  මේ සිද්ධිය සිදුවුණෙ පහු ගිය සිකුරාදා, ඩුබායි නුවර බොදු අසපුවක දි. දැනට එහෙ වැඩ වසන ස්වාමීන්වහන්සේ නමක් කලින්දා පිරිත් සහ සම්බුද්ධ පූජාවට ගිය අපට පැවසුවා,

 "කැමති නම් සිල් සමාදන් වන්න, සිකුරාදට මෙහෙ නිවාඩු දිනයක් නෙ" කියලා.

                  අපිත් ගියා එහි අට සිල් සමාදන් වෙන්න. ධර්ම දේශනා, ධර්ම සාකච්චා ආදිය බුද්ධ වන්දනා පෙරටු කර ගෙන ඉතා යහපත්ව සිදුවුණා.ධර්ම සාකච්චාවක් යන අතර තුරේ දහවල් දානය අසපුවට පිළියෙල කර ගෙන පැමිණි අයත් තව කිහිප දෙනෙකුත් අතරමගදි එම ධර්ම සාකච්ච වට සහභාගි වුණා. ධර්ම සාකච්චාව අවසානයෙ ස්වාමින් වහන්සේටත් අටසිල් සමාදන් වුණු උපාසක උපාසිකාවන්ටත් ගිලන් පස පිළිගැන්වුණ. මේ වෙලාවෙ එතැනට ආව අලුත උපන් දරුවෙකු සමග තෘන මා පිය යුවලක්. පියා බොහොම භක්තියෙන් දරු පැටියව ස්වාමීන් වහන්සේ ඉදිරියේ බිමින් තැබුවා. සිඟිත්තාගෙ මව අසපුවට ඇවිත් හිටියෙ දණහිසෙනුත් ඉහළට කොට, පිම්බුණ සායක් ඇඬ ගෙන. හැමෝම බිම වාඩිවී සිටි නිසා ඇයට ඔවුන් අතරින් යන්න ක්‍රමය තිබුණෙ නැහැ. ඇයට පිළිවන් කමක් තිබුණෙ නැහැ, බුදුන් වැඳීමට හෝ ස්වාමීන් වහන්සේට වැඳ නමස්කාර කිරීමටවත්.

              එම තත්ත්වය නිසාම ඔවුන් දෙදෙන හිටියෙ මහත් අපහසුවෙන් බව හමෝටම වැටහුණා. එය තෙරුම් ගත් අය දරුව ලඟට ගොස් ඔහුව හුරතල් කළා. සිල් සමාදන් නොවුනු අයත් අසපුවේ දවස ගටහ කිරීම මෙහෙ සාමාන්‍ය දෙයක්.

    ස්වාමීන් වහන්සේට මේ කාරණය අවබෝධ වෙලා, ඔවුන්ව ඒ අසරණ තත්වයෙන් මුදවන්න හිතා ගෙන වගෙ ඔවුන්ගෙන් විමසුව, " විශේෂ කාරණයක් නිසාද ආවෙ?" කියලා.

        එක වරටම අර තරුණ මව කීවා, "නැහැ, නිකන් ආවෙ" කියලා. ස්වාමීන් වහන්සේ මුනිවත රැක්කා. 

   මම හිතන්නෙ එතැන හිටිය හැමෝටම  අපේ කට වහරෙ තියෙන; "නිකන් ආවා නම් නිකන් යන්න" කියන කියමන සිහිපත් වෙන්න ඇති.

සටහන: අලුත උපන් දරුවා රැගෙන අසපෞවට පැමිණ තෙරුවන්ගේ ආශිර්වාදය දරුවාට ලබා දීමට සිතීම ඉතාමත් යහපත් සිතුවිල්ලක්. එහෙත් තම කුමන රටක හිටියත් පංසලකට, පුද බිමකට යනවිට සංවරව හැඳ පැලඳ ගෙන යන්නටත්  අවබෝධය ඇති කර ගත්තා නම් වඩාත් යහපත් බව සිහිපත් කළ යුතුයි නේද?

4 ක් අදහස් දක්වලා.:

නදී... said...

පෝයදාට අනන්තවත් ඔහොම දේවල් දකිනවා පන්සල්වල.

Akila's Blog | අකිලගේ සයිබර් සටහන්…. said...

@නදී... අක්කා කියපු කතාවේ ඇත්තක් නැතුවමත් නෑ........ නේද........

Kathandara said...

තමන් කැමති ඇඳුමක් අඳින්න නිදහස තිබිය යුතුයි.

ඔය සංවර කියන එක සාපේක්‍ෂයි නේ.

ගවුං වල දිග මනින නීති නං අපිට නැතුවට කමක් නෑ.

හැබැයි තමන් අඳින ඇඳුම නිසා අනිත් අයව අපහසුවට පත් කරන එක නරක වැඩක්. කෙල්ලෝ ලෝ කට් බ්ලවුස් ඇඳන් ඇවිල්ල, අපි එක්ක කතා කරන කොට අතින් කවර් කරනවා නං - ඉතිං වලි තමයි හොඳේ.

Kathandara said...

පුෂ්පා මේ කතාව දැකලා තියෙනවා නේද?
http://kathandara.blogspot.com/2009/12/blog-post_06.html

Post a Comment