මතක පොතේ පිටු පෙරලෙන්නෙ මගෙ අතින් නෙවෙයි, සුළඟට. අකීකරු සුළඟ මම කියන කිසි දෙයකට එකඟ වෙන්න කැමති නැතුව වගෙ. පෙරලිලා පෙරලිලා කොතැනක හරි නවතින්නෙ නැතුවයැ. සීතල ගතියක් වෙනුවට සුලං පහරට ඇඟේ වදින්නෙ උණුසුම් පවනැලි. හිතට ආස්වාදයක් කොහෙත්ම අර ගෙන එන්නෙ නැහැ. දන්න කියන උදවිය කොයි තරමක් කිව්වත් ධනාත්මකව හිතන්න කියල අෂ්ට ලෝක ධර්මය අනුව සෘණාත්මක සිතුවිලි වලිනුත් හිත පිරෙන වෙලාවල් අනන්තයි. එහෙම වෙනවට මගෙ කිසිම කැමැත්තක් නැති වුණත් යතාර්ථයෙන් ගැලවෙන්න එහෙමත් නැත්නම් සමාජ සත්තාවන්ගෙන් මම ගැලවෙන්නෙ කොහොමද?
ටයිම් මැෂින් එකට නැග්ගත් මිනිත්තු කටුවත් පැය කටුවත් දෙපැත්තට කරකැවෙනව, එක අතකට දුවන්නෙ නැතුව. මගෙ ඔලුව විතරක් නෙවෙයි, චිත්ත චෛතසිකයන් සේරම භ්‍රමණය වෙනව විතරයි මට දැනෙන්නෙ. ඔලුවත් එක්කම හිත එක තැනකට ගන්න මම ඇස් දෙකපියා ගත්ත. අනේ! පින් සිද්ද වෙයි..කවුරුවත් එන්න නම් එපා හිත් අහසට...සඳ..තරු හෝ හිරු වෙලා. තරුත් වල්ගා තරු වෙලා. හඳ ගිනි අරන් ඇවිලෙනවා. ඉර සුදුම සුදු හිම ගුලියක් වෙලා පිනි කඳුලු හෙළන්නෙත් මගෙ ඇස් දෙකටමයි.
මේ දවස් වල ස්වයං වර සමය ඇවිත්....අම්මයි, පුංචියි මගෙ සිරුර වටේට ඔසරියක් ඔතනව. බෝරිච්චි අත් හැට්ටෙ ඇඟට අලිලාම ඉන්නව, අල්මාරියට ගිහින් විවේක ගන්න නොහිතම. කනප්පුවට වෙල අමුත්තන් පිළි ගන්න බුලත් තට්ටුවත් හැ මතිස්සෙම මගෙ අත් දෙකේ පහසට ආසා හිතිලද කොහෙද?
බණ්ඩ සතියකට දෙවරක් වත් ගඩොල් කුඩු,කාමරංග දමල බුලත් තට්ටුවට වද දෙනව...පිත්තල හිනාව ඔප මට්ටම් කරන්න.
අද එන්නෙ තුන්වැන්නා...දොස්තර පැටියෙක්.. බුලත් තට්ටුවෙ තියෙන බුලත් කොළවලට හරි, මගෙ ඔසරි හැට්ට වලට හරි තෝරගන්න පුළුවන් වෙයිද, මගෙ ජීවිත සහකාරයා හෝ මගෙ නලලෙ කෙටූ එක්කෙනාව.
ඒකත් පාප කරුමයක් කියල මුල් දවස් වලදි හිතුණත් ස්වයංවර සාමාන්‍යකරණය වුණා, ටික කලක් යන කොට. ස්වයං වර කියන්නත් බැහැ මේ කෙහෙල්මල් විකාර වලට...නැත්නම් මේ සම්මුඛ පරීක්ෂණ වලට .මොකද..? මගෙ කැමැත්ත නිකන් බොරුවට විමසන එකක් විතරමයි. මුල්ම ප්‍රමුඛතාවය කේන්දර....කේන්දර බලල ගැලපෙනව නම් විතරයි, බලන්න එන්නෙ. බිම බලාගෙන යන්න කියල පුංචි කියනව. කොහොමද මගෙ අකීකරු ඇස් රතු
සිමෙන්තිය කියවන්නෙ, ඒකෙ මොකුත්ම ලියවෙලා නැතුව?
ඉන්ද්‍රයියගෙ, තරිඳුගෙ, සචින් අයියගෙ ඇස් කියවන්න උත්සාහ කරපු මම....තරිඳුගෙ ඇස්වල සොඳුරු කතන්දරත් එක්ක ආදර කවි මුතු අමුණපු මම... රූකඩයක් කරල නටවනව වගෙයි, මට දැනෙන්නෙ. අම්මගෙයි, අප්පච්චිගෙයි අත්වල රූකඩයෙ නූල් ගැට ගහල.
ඉන්ද්‍රයියා වෙන් වෙලා ගිය හැටි තවමත් මතකයෙන් මැකිලා ගිහින් නැහැ. ඉරේසරයක් අරගෙන මකල දමන්න පුළුවන්ද, නැත්නම් ඩිලීට් යතුර ඔබල ඩිලීට්කරල දමන්න පුළුවන්ද, හා හපුරා කියලා හිතේ පිපිච්ච කුළුඳුල් ප්‍රේමය?
බැද්දගානෙ පුංචිලගෙ ගෙදර ඉඳල ඇවිත් මාව 138 බස් එකට නග්ගල, ඉන්ද්‍රයියා බෝ ගස් හෙවනෙ ඉඳන් මගෙ දිහාවෙ බලාන හිටිය හැටි මට තවමත් මතකයි. අර ඉස්සර නව කතාවල තිබුණා වගෙ...ඉන්ද්‍රයියා පුංචිම පුංචි කළු තිතක් වෙල නොපෙනී යනකල් මම බලාන හිටියා, බස් එක ඉදිරියට ඇද්දෙද්දිත්.
මම එයාට කිව්වෙ නැහැ මගෙ තීරණය. මට කොහොමටත් හිත හදා ගන්න බැරිවුණා....අම්මවයි,අප්පච්චිවයි දමල එයත් එක්ක ජර්මනියට ඉගිල්ලෙන්න නම්. කොහොමද දෙයියනේ..එහෙම කරන්නෙ...? ඉන්ද්‍රයියා මාව මග හරින්න හිතා ගෙනම එහෙම ඉල්ලීමක් කළාද? නැත්නම් මට අවංකවම ආදරේ නිසා මාව මගෙ පවුලෙන් ඈත් කරල එයා සතු කර ගන්න හිතුවද?
මට කිසිම දෙයක් හිතා ගන්න බැහැ. කාගෙ හරි ආදරයක් හෑල්ලු කරල පූර්ව නිගමන වලට එලැඹිලා ඇති පලේ මොකද්ද? මම කිව්වෙ, පස්සෙ එන්න බලන්නම් කියලා. එයා එහෙ ගිහින් ස්ථාවර වුණාට පස්සෙ. එයාගෙ හිත රිද්දන්න මට හිතුණෙ නැහැ, කෙලින්ම බැහැ කියල. කාලය සියලු ප්‍රශ්න වලට පිළියම් යොදල, තුවාල වුණු සිත් වුණත් පිරියම් කරනව නෙ. මගෙ හිතේ සම්ප්‍රදායිකා මාව අස්වැසුවා, ඔලුව අත ගාමින්.
ඉන්ද්‍රයියා මට දිග ලියුමක් එවල තිබුණා, ජර්මනියට යන්න ඉස්සරින්. එයා මාව චිත්‍රයට නගල තිබුණා, ඒ ලිපියෙ අන්තිම පිටුවෙ. නාට්‍යය ඉවර වෙලා මම ඒ ගොල්ලො ලඟට ආපු විලාශය තමයි, ඒ වර්ණ සිතුවමේ ජීවමාන කරල තිබුණෙ. මම ඇඳගෙන හිටිය ලා නිල් පාට ඔසරිය....අත් බෝරිච්චි හැට්ටෙ විතරක් නෙවේ, සුදු පාට ගල් පිරුණ පත්තෑයෙකුගෙ හැඩය ගත්තු සාරි කටුවත් එයා ඇඳල තිබුණා. මගෙ පපුව හෝස් ගාල පත්තුවුණා, ඒක දැක්කම. අම්මයි, අප්පච්චියි ඇවිත් බස බස ගාල හෙලපු කඳුලු පණිට්ටු, හෝස් ගාලා ඇවිලුණු හිතේ ගිනි දළු නිවල දැම්ම අපූරුවට.
සරසවි යුගය ඉවර වෙනකල්ම තරිඳුයි,මමයි රන්ඩු නොවී..කුරුල්ලයි, කිරිල්ලියි වගෙ ආදර ලෝකයක හිටියා,සතුරු බල වේග වලට අහු වෙන්නෙ නතුව. මගෙ කවි, කතා ලියන පුරුද්දත් වැඩි වුණා.
දවසක් තරිඳු මගෙ කවියක් දැකල, කවියක් ලිව්ව...බෝල් පොයින්ට් පෑනකින් මගෙ අත්ල දිගට.
' ඔබේ දඟ කරන දෑසට
මසිත නතු වූයේ
එහි දිලෙන නිල්ලට නොව
දුක් විඳින අය වෙනුවෙන්
හෙලන්නට
එහි කඳුළක්
ඇති නිසාය'
සරසවි ජීවිතය අවසාන පිටු පෙරලෙන දවස් වල තරිඳුට මම අනන්තවත් පෙරැත්ත කළේ අපේ ගෙදර ඇවිත් අප්පච්චිට මේ ගැන කියන්න කියලා. එහෙත් එහෙම දවසකට හිර උදා කර ගන්නට එයාට පුළුවන් වුණේ නැත්තෙ ඇයි, අද වෙන කල්ම. අප්පච්චිල එයාට අකමැති වෙන්න හේතුවක් නැහැ, කරුණු එකින් එක සසඳල බැලුවොත්. උඩරට, ගොවි කුල, බෞද්ධ, උපාධිධාරි, රජයේ රැකියාව කරන...ඔය පෙල ගස්සල තියෙන ඊනියා සුදුසුකම් කියන සම්මත ලැයිස්තුවට එයාව හොඳටම ගැල පෙනවා. එයා ආව නම් මම මේ බුලත් තට්ටු වඩම්මගෙන පාදපරිචාරිකා පරීක්ෂණ වලට සහභාගි වෙන්නෙ නැහැ නෙ.
මට හිතෙනව, අර සමහර චිත්‍රපටි වල වගෙ..මම බිම බලාගෙන ගිහින් එහෙම නැත්නම් බුලත් තට්ටුවෙ ඇස් අලවගෙන ගිහින් ඒක පිළිගන්වන කොට තරීදු මගෙන් බුලත් තට්ටුව ගනීවි කියල...ඒත් ඒ සිතුවිල හීනයක්ම වුනා, මම ජය මංගල ගීත එක්ක කන් අඩි පැලෙන මඟුල් බෙර හඬ මැද්දෙ පෝරුවෙ ඇඟිලි ගැට ගහන කල්ම.
දෙතොල් වලට කොහෙත්ම එන්න අකැමති සිනහවක් මම කොහොමද උලා ගන්නෙ, බොරුවට. මනමාලයගෙ නම් සතුට ඔය දෝර ගලන්නෙ ඉහින් කණින්. කෘත්‍රිම හිනාවක් බොරුවට පිපෙන්න ඇරිය, බේරෙන්න බැරිම තැන අම්මගෙන්.
සරලා විතරමයි සරසවියෙ කට්ටියෙන් මගුල් ගෙදර ආවෙ. මම ආරාධනා පත්‍ර යැව්ව, කිට්ටුවන්ත ඔක්කොටම.
බොරුවට පිපිච්ච හිනාව කඩා හැලෙන්න ගත්ත, වක්කඩක් වගෙ ගෙදරින් එලියට බහින්න කියල බුලත් දෙන කොට....මුරුගසන් වරුසාව...කඩා හැලෙනව...නන්නාඳුනන කෙනෙක් එක්ක තනියෙම ජීවිතේ පටන් ගන්න තිබුණු බය වැහි වතුරත් එක්කම කම්මුල් දිගේ ගලා හැලෙනව. තරිඳු වගේ ලේන්සුවක් දුන්නෙ නැහැ, දැන් මොහොතකට ඉස්සර වාක්‍යයක් කියවල..අත්සන් කරල සාක්ෂිත් ඇතුවම මාව බාර ගත්තු මගෙ මනමාල මහත්තයා. අඩුම තරමෙන් හිතට පවන් සලන වචනයක්...ආදරය පිරුණ බැල්මක්. මොන ගොබිලෙක්ද?
මගෙ හිත තැලිල, ඉරි තැලිල, පුපුරල ටිකෙන් ටික කඳුලු එක්කම කඩා වැටෙනව මට දැනුණා, පොළවටම. මට ආදරය කරපු කවුරුවත්ම නැහැ, බිමට වැටුණු මගෙ හිත අහුලගන්න.
මගෙ හිත මහ ගෙදර සල්ගහ පාමුල, බිම වැටුණු සල් මලකට හේත්තු කරල මම කාර් එකට ගොඩ වුණා. අම්මයි,අප්පච්චියි මගෙ හිත දැක්කොත් අරන් තියාවි කියල දඩබ්බරී කිව්ව. සම්ප්‍රදායිකාටත් අද නම් දුක හිතිලා. සේරම එකට එකතු වෙලා.....කඳුලු මල් පොට්ටු අමදිනව. සිත් මිදුලෙ.
Sunday, September 27, 2009
හිත දැක්කොත් අරන් තියන්න.
ලිව්වේ Akkandi හරියටම 5:07 PM Sunday, September 27, 2009Labels: පෙම් කතන්දර
Subscribe to:
Post Comments (Atom)
21 ක් අදහස් දක්වලා.:
බලාගෙන යනකොට හැමෝටම වෙලා තියෙන්නෙ අර ගුණදාස කපුගේ / නන්දා මාලිනී සිංදුවකින් කියන දේ තමයි.
ඔබ පෙම් කළ අය ඔබට ලැබී නැත
මා පෙම් කළ අය මටද ලැබී නැත
මව්පිය නෑසිය ආසිරි ගී මැද
දෑඟිළි පමණක් එකට බැඳී ඇත
(දුර්වල පදරචනයක්. ඒත් සදාකාලික සත්‍යයක්.)
වෙනත් වචන වලින් ලියලා තිබුනත් ඔබ ලියලා තියෙන්නේ විශ්වසත්‍යය වන අනිත්‍ය දුක්ඛ අනාත්මය ගැනමයි. මේ දුක්ඛ ආර්යය සත්‍යයෙන් කාටද ගැලවෙන්න පුලුවන්.කැමති දේ නොලැබීම දුකයි.ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකයි.අප්‍රියයනි හා එක්වීම දුකයි.කැමති විධයට කිසිවක් දිගටම පවත්වන්න නොහැකිවීම දුකක් ඒ නිසයි මේ සියලු සංස්කාර අනාත්ම වෙන්නේ. ඔබේ භාෂාව හැසිරවීම ගැන පැහැදුනා.රස වින්දා.සුභපැතුම්
A tragic love episode part 1 come to an end:)
ethin ara manamala gobilata behe kiwwanam ewarane akkandi, oya tharam andanne nethuwa :))))))))
mama nam ehemayi :)mala karadarayak thamayi oaya 6 yards andina eka nam :)lesima wede thamayi thiyena kethama paata sariya andalaa bummagena inna eka . ethakota wede ethaninma iwarayi ,atomatically terminated . akkandi oya tika denagena hitiye nedda ???:))))))))
forget to tell , nice story :)
http://img12.imageshack.us/img12/2483/lushanbulath.jpg
nice story as always !
අපේ හීන, බලාපොරොත්තු ඒ විදිහටම ඉෂ්ට වෙනවානම් ජීවිතය මොනතරම් ලස්සන වෙයිද? ඒත් එහෙම වෙන්නේ නැනේ ....එක වෙලාවකට ඒකෙත් පොඩි ලස්සනක් තියනවා කියලා මට හිතෙනවා....
දයිවය කියන්නේ මහ පුදුම දෙයක් අක්කා ..ඒකට පිටුපාන්න අපිට බෑ...
මම නම් හිතන්නේ ඔය ලැබිලා තියෙන්නේ ඔයාට ගැලපෙන හොදම කෙනා ..අර කොන්දක් නැති දෙන්නාට වඩා මෙයා හොද ඇති අක්කා..ඔහුට ආදරෙන් සලකන්න ..තමන්ගේ යුතුකම් ඉටුකරන්න ..ආදරයෙන් ඔහුගේ හදවතට ලංවෙන්න ..ඔයා නොහිතන විදිහට ඔහුගේ හදවත ආදරයෙන් පිරිලා තියෙන්න පුලුවන්..ඔහුට ලංවෙලා බලන්න..අක්කාගේ ජීවිතය සාර්තක වෙනවාමයි ඒක මට විශ්වාසයි...
දැන් මොහොතකට ඉස්සර වාක්‍යයක් කියවල..අත්සන් කරල සාක්ෂිත් ඇතුවම මාව බාර ගත්තු මගෙ මනමාල මහත්තයා.මොන ගොබිලෙක්ද? Lolzz.
ඔයාගේ අලුත් ලිපියක් එනකම් බලන් හිටියා මම අක්කන්ඩි. බොහොම ස්තුතියි. කතාව නම් හොදයි, ඒත් ඒ අවසානය දුක් බරයි. :(
නියම කථාවක්. මේ අද කාලේ ගොඩක් අයට අත්වෙන ඉරණම.මට මේ සාම්ප්‍රදායික මති මතාන්තර නම් පේන්නම බෑ. තමන්ගේ පැවැත්මට හදාගත්තු රීති පද්ධතියක් අතරේ හැමෝම ඒකට බලෙන් හරි ඔබ්බවන්න හිතන සමාජයක නිදහසේ ඉන්න විදිහක් හොයන කිහිපදෙනාගෙන් එක්කෙනෙක් වුන මම ඔයාගේ කතන්දර පිටුව දැක්කේ අහම්බෙන්.මම දකින විඳින ඇසුරු කරන ගොඩක් අයගේ ජීවිතවල විවාහයේ සීමාව ඉවර වුනේ මේ දක්වලා තියෙන විදිහට. හැබැයි මෙහෙම වෙන්න මටනම් හිත හදාගන්න බැරි වෙයි. නොදන්න ලෝකෙකට ගිහින් අගමුළ හොයනවට වඩා හොඳයි සදාකාලිකව දන්න ලෝකේ තනි වෙලා ඉන්න එක. අක්කණ්ඩී මේ අදහස් ඉහත කථා ප්‍රවෘත්තියට මිස කාගෙවත් පුද්ගලික ජීවිතයකට එල්ල කරපු යෝජනා නෙමෙයි. දිගටම ලියන්න අහම්බෙන් මුණ ගැසුනු ඔයාව දැන් ඉක්මනින්ම හිතේ යාලුවෙක් වෙලා ඉවරයි !
අක්කන්ඩි . . මම මොනාද කියන්නේ . . මගේ හිත ගල් වෙලා . . . ඇසට උනපු කඳුලු බින්දු දෝරේ ගලා යන්න ඉඩ නොදී ඇසේම වියලී යන්න ඉඩ දුන් තරහට ඒ කඳුලු බින්දු ඉඳිකටු තුඩු වෙලා හදවතට මොහොතින් මොහොත ඩිංග ඩිංග අනිනවා . . .
අනේ . . . අක්කන්ඩි හිතට දැනෙන මේ වේදනාව විඳින්න බෑ කියල හිතෙද්දී හිනාවෙලා ඉන්න මේ සීදීවි අක්කන්ඩිගේ හිනාව යට තිබුනු වේදනාව නොතේරී එයා එක්ක මෙතරම් සමීප වුනේ ඇයි කියල මගේ හිතම මගෙන් ප්‍රශ්න අහනවා . . .
කතාව ශෝකාන්තක් විදිහට නිමා කලේ . . . (නෑ අපි කියමු දැනුයි හරි කතාව පටන් ගත්තේ කියලා . . . ) යථාර්තයෙන් ගැලවෙන්න බැරිකම නිසාම වෙන්න ඇති කියලයි මගේ හිත නම් කියන්නේ . . . කෙසේ වෙතත් මේ කතාවේ නිමාව නොවේවා කියා බලා සිටින්නම් මේ කතාවේ කිසියම්ම වූ සොඳුරු මතක සටහනුත් රැඳී ඇත්දැයි . .
කමෙන්ට්ස් බලද්දි ඒවත් පුංචි පුංචි කතන්දර පෙළක් වගෙ. ස්තූතියි, හිත දිරිමත් කරන අදහස් වලට. මල්ලි කෙනෙක් ලියල තියනව, මෙ සහකාරයාට ආදරය කර ගෙන හොඳින් ඉන්න කියලා. මම මලිතිට කියන්නම්කො...නැත්නම් අහන්නම්කො එහෙම ඉන්න පුළුවන් වුනාද කියලා. මට දැන් හිතෙනව මේ කතාව, සයිබර් නව කතාවක් විදිහට හඳුන්වන්න. ඕගොල්ලො මොකද කියන්නෙ ඒ ගැන. පත්තර වල කොටස් වශයෙන් කතා යනව..ඉඩම් කොටස් කරල විකුණනවා...කෑලි කපල රෙදි, සාරි ගෙවල් වල විකුණනව. ඉතින් කඩින් කඩ දිවීමක් වගෙ නැතුව, පෙරලන්න අවසරද මට මෙය සයිබර් නවකතාවකට?
ඔයගොල්ලන්ගෙන් ආදරයෙන් මම අවසර ඉල්ලනවා. අක්කන්ඩිට අවසර දෙනවද?
ඒක අහන්නත් දෙයක්ද අක්කන්ඩි.ඔබේ කතාව රසවිඳින්නේ ඇස් දෙක විතරක් නෙමෙයි, මුලු හදවතින්මයි රස විඳින්නේ, අපි පෙර මඟ බලා ඉන්නම්, ඔබේ නවකතාවට අපෙන් සුබ පැතුම්.
සුබ පැතුම්.
එක දිගට ලියන්න. එවිට ප්‍රස්තූතය තුල සිටම මනරම් නිර්මානයක් අපට දැකගන්ට ලැබේවි.
මේක මම කියපු දෙයක් නොවේ, කිව්වෙ ලූසන් බුලත්සිංහල.
ඕං කොපි කලා ගෙඩි පිටිංම.
සෑබෑ ප්‍රේමවන්තයෝ කිසිදා එක්වන්නේ නෑත.
එක්වූ කිසිවෙක් සෑබෑ ප්‍රේමවන්තයන් වන්නේ නෑත.
අක්කංඩියේ, ඔව්වා කොහෙත් ඔහොම තමයි.
හොදට හරි බරි ගෑහිලා, මදෑයි මාත් කතාව කියවන්න ගත්තා. හිත නිකං , ලස්සන මල් පොච්චියක් පිහදාල ඉවරවෙන කොටම, බිමට අත්හෑරියා වගේ. මං යනවා Tin-Tin කතාවක් බලන්න.
කොහොම උනත්, ලියන එක නවත්වන්න එපා, අක්කංඩි.
මම නම් මගේ අවසරය කලින්ම දුන්නා අක්කන්ඩි ට එකනේ මම කිව්වේ මේ කතාවේ ආරම්භයයි කියලා . . . !
පාරමිතා පිරුවා ඇති අක්කණ්ඩී. දැන් තියෙන්නේ වැඩේ පටන් ගන්නයි නේද?
මේ කතාවම දිගට ගෙනියනව එහෙනම්, හොඳේ..?
I Think this is your experiancese , thai is why this letter so sensitive for us
Thanks a lot you arrous our mind.
Chanaka Thilakarathna
Post a Comment